රොහාන් අබේකෝන් සභාපති පුටුවට

168

වත්මන් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ ධූර කාලය අවසාන වීමත් සමඟම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා රග්බි පාලක මණ්ඩලය නව ජාතික තේරීම් කමිටු නිලධාරීන් සිව් දෙනෙකු නම් කර තිබේ.

20න් පහළ සත් සාමාජික කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

2018 අන්තර් පාසල් අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරයින් බවට පත්වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා ශ්‍රී ලංකා…

ඒ අනුව හිටපු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි නායකයෙකු, මහනුවර ක්‍රීඩා සමාජයේ හා CH & FC ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු මෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රොහාන් අබේකෝන් මහතා 2019 වසර තෙක් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ඇත.    

අබේකෝන් මහතා මයිකල් ජයසේකර මහතා මෙහෙයවූ ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ ද සාමාජිකයෙකු විය.

“මයිකල් ජයසේකර මහතා යටතේ මම වසර දෙකක් තේරීම් කමිටුවේ කටයුතු කරා, මම බලාපොරොත්තු වෙනවා පාසල් හෝ ක්‍රීඩා සමාජ ගැන සැලකිල්ලකින් තොරව හැම විටම හොඳම ක්‍රීඩකයින් තෝරා ගන්නට” – අබේකෝන් මහතා අදහස් දැක්වීය.

සිව් දෙනෙක්ගෙන් සමන්විත තේරීම් කමිටුවේ සාමාජිකයින් වන්නේ එල්. වී ඒකනායක, ලුතිනන් කර්නල් කපිල ක්නෝව්ල්ටන්, ලෙස්ලි ද සිල්වා හා නිශාන්ත චානක මහතායි.

නව තේරීම් කමිටුවේ පළමු වගකීම වන්නේ ලබන අගෝස්තුවේ ආරම්භ වන ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායම තෝරා ගැනීමයි.

සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් රග්බි පිටියට පිවිසුණු දක්ෂ ක්‍රීඩකයෙකු වන එල්. වී. ඒකනායක මහතා 1981දී සාන්ත අන්තෝනි විද්‍යාලය මෙහෙයවූ අතර ඉන්පසු CR & FC කණ්ඩායමේ ද ඔහු ක්‍රීඩා කළේය.

අනෙක් සාමාජිකයින් තිදෙනා වන ලුතිනන් කර්නල් කපිල ක්නෝව්ල්ටන්, ලෙස්ලි ද සිල්වා, නිශාන්ත චානක යන මහත්වරු ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රග්බි පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් වන අතර ලබන වසර දෙක පුරා පැවැත්වෙන ප්‍රධාන තරගාවලි හයකට වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේ වගකීම ඔවුන්ට හිමිවනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<