ඔලිම්පික් පිරිවැය කවුද ගෙවන්නේ යන්න ගැටලුවක

64

කොරෝනා වයිරසය නිසාවෙන් මේ වසරේ පැවැත්වීමට තිබූ ක්‍රීඩා තරගාවලීන් සියල්ලම පාහේ කල් දැමීමට සංවිධායකයන් තීරණය කර අතර 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ද වසරකින් කල් දැමීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කරන ලදි.

තවත් කෙන්යානු ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක දැලේ පැටලෙයි

පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මලල ක්‍රීඩා පිටියට විවේකයක් ලැබුනත්, ……….

ඒ පිළිබඳව අදහස් දක්වමින් ජපාන ඔලිම්පික් කමිටු සාමාජික මාසා ටකායා ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය නැවත දැනුම් දුන් දිනවල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරන බවත් එය නැවතත් කල් දැමීමක් හෝ වෙනත් අමතර සැලසුමක් නොමැති බවය.

“අප විසින් නව ඉලක්කයක් සඳහා කටයුතු සූදානම් කරමින් පවතිනවා, අප හට කිසිදු අමතර සැලසුමක් නැහැ. ඔලිම්පික් සහ පැරාලිම්පික් අදාළ දිනයන්හී ආරම්භ කිරීමේ උපකල්පනය මත සංවිධායකයින් කටයුතු ඉදිරියට කරගෙන යනවා.”

“අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ අප (ජපාන ඔලිම්පික් කමිටුව) අතර සිදු වූ සාකච්ඡා ගණනාවකින් පසුව මෙම වසර තුළ මෙම තරගාවලිය නොපැවත්වීමට තීරණය කළා. පවතින තත්වය කෙසේ වූවත් මෙයට සම්බන්ධ සියලුම පාර්ශවයන් ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා අදාළ දිනට තරගාවලිය සූදානම් කිරීමට“ යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් මෙම වසංගත තත්වයේ වර්ධනය සහ මරණ ප්‍රමාණය දිනෙන් දින වැඩි වීමත් නිසාවෙන් මාස 15කට පසුව හෝ මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබූ අතර එයට පිළිතුරු දෙමින් ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලබන ගිම්හානය තුල මෙය පැවැත්වෙන බව සහ කිසිදු නැවත කල් දැමීමකට සූදානම් නොමැති බවයි.

මීට අමතරව තරගාවලිය කල් දැමීම නිසාවෙන් දැරීමට නියමිත අමතර පිරිවැය පිළිබඳව ගැටලුවක් පැන නැගුණු අතර එම පිරිවැය දරන පාර්ශවය කවුරුන්දැයි සම්බන්ධයෙන් සිදු වූ  සාකච්ඡාවලින් පසුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බැච් ප්‍රකාශ කර සිටියේ ඔවුන් විසින් ඇමරිකන් ඩොලර් මිලියනයක අමතර පිරිවැයක් දැරීමට සූදානම් බවත්, ඉතිරි පිරිවැය අදාළ ගිවිසුම යටතේ ඇති කොන්දේසි මත අදාළ සත්කාරක පාර්ශවය විසින් දැරිය යුතු බවය.

එයට පිළිතුරු දෙමින් ජපාන ඔලිම්පික් කමිටු සාමාජික මාසා ටකායා ප්‍රකාශ කර සිටියේ මෙම පිරිවැය පිළිබඳව දැනට කිසිවක් කීමට අපහසු බවත්, මෙම කල් දැමීම නිසාවෙන් ඇති වන අතිරේක පිරිවැය පිළිබඳව අදහසක් දැක්වීමට හෝ තක්සේරු කිරීමට ඉතා අපහසු බවය.

කෙසේ නමුත් ජපාන ආරංචි මාර්ගවලට අනුව මෙම තරගාවලියේ දල තක්සේරු කරන ලද පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක් පමණ වේ. එනමුත් ජපාන මීට පෙර ප්‍රකාශයට වූ ජපාන රජයේ විගණනයකට අනුව තරගාවලියේ පිරිවැය මෙම අගය මෙන් දෙගුණයකට ආසන්න වේ. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<