දෙවන මට්ටමේ කණ්ඩායම්වලට වැදගත් තරගාවලි රැසක්

519

ශ්‍රී ලංකා A කණ්ඩායමට හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම් වලට ඉතා වැදගත් තරගාවලි සංචාරයන් කිහිපයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.

මෙවර ලෝක කුසලානයේ නායකයෝ

2019 ICC ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්. එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන…

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම ඉන්දීය A කණ්ඩායම සමඟ නිල නොවන ටෙස්ට් තරග ද්විත්වයක් හා නිල නොවන එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාවේ දී තරගාවලියකට එක්වීමට ද නියමිතය.

A කණ්ඩායම මැයි මස තෙවන සතියේ දී මාසයක කාලයක් දිවෙන ඉන්දීය සංචාරය සමඟ පිටව යන අතර නැගී එන කණ්ඩායම ජුනි මස මැද භාගයේ දකුණු අප්‍රිකාව කරා පිටව යනු ඇත.

ශ්‍රී ලංකා  A කණ්ඩායම ඉන්දියානු A කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්නේ IPL තරගාවලිය නිමා වී කෙටි කලකින් වීම නිසා ඔවුන්ට එහි දී එල්ල වන අභියෝගය ඉතා දරුණු වනු ඇත. ඒ නිසාම ශ්‍රී ලංකා A ක්‍රීඩකයින්ට එහි දී ලැබෙන අත්දැකීම් අනාගතයට ඉතා වටිනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක්ම A කණ්ඩායමේ හා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩා කිරීමෙන් අත්දැකීම් ලබා ගත් ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, දුෂ්මන්ත චමීර හා අකිල ධනංජය වැනි ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ අතර යලි දක්ෂතාවලට පිවිසීමේ අරමුණින් ඔවුන් ද මෙම සංචාරයට ක්‍රීඩා කරනු ඇත.

ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයකට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රිකට් බලධාරීහු…

තිලාන් සමරවීර ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර අවිශ්ක ගුණවර්ධන නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රීඩා කරනු ඇත.

පසුගිය සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් දැමුවේ රටේ පවතින අයහපත් තත්වය නිසයි. ලබන වසරේ ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය පැවැත්වීමට නියමිත වන්නේ දකුණු අප්‍රිකාවේ බැවින් නැගී එන කණ්ඩායමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුත් ක්‍රීඩා කරනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<