අයන හා ලක්ෂාන් එක්ස්පෝ ලංකා දිනවයි

508
Mercantile cricket Tier B

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (28) කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම හා සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විය.  එම තරගයෙන් සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට එක්ස්පෝ ලංකා කණ්ඩායම සමත් විය.

LB ෆිනෑන්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබති

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් වෙළඳසේවා කුසලාන A කොටසේ විස්සයි විස්ස..

කාසියේ වාසිය දිනා ගත් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම් නායක හෂාන් හේවානායකගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 203ක් පමණි. එම ඉනිම පන්දුවාර 48යි පන්දු 2කට සීමා කිරීමට වමතින් දඟපන්දු යවන සසිත් ලක්ෂාන් ඇතුළු එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පන්දු යවන්නෝ සමත් වූහ. දකුණතින් පිත්ත හසුරුවන ඩෙවින් පද්මනාදන් හා රවීන් යසස් යන පිතිකරුවන් පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 43ක් රැස්කළහ.

පන්දු යැවීමේ දී සසිත ලක්ෂාන් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා ලදි. ඊට අමතරව ට්‍රෙවින් ස්පීරින් හා නෙරංජන් වන්නිආරච්චි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 204ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 45ක් අවසානයෙත් තම ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

බංග්ලාදේශ පොඩ්ඩන්ට එරෙහිව දිනූෂගෙන් අර්ධ ශතකයක්

නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟ තරගාවලියේ….

එහි දී ඩෙවින් පද්මනාදන්ගේ ලකුණු 45 ඉනිමට අභියෝග වෙමින් ලකුණු රැස්කරන්නට වූ දකුණතින් පිතිකරණයේ නිරත වන යන සිරිවර්ධන 4 පහර  කිහිපයක්ම සිය ලකුණු සටහනට එකතු කළේ අර්ධ ශතකයක් වාර්තා කරමිනි. ඔහු තරගය අවසානය දක්වා ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 54*ක් ලබා ගන්නා විට නදීර නාවල හා විශ්ව චතුරංග ද එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව සවිබල ගැන්විය.

පන්දු යැවීමේ දී සිංගර් ශ්‍රී ලංකා  කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ඩෙවින් පද්මනාදන් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කරමිනි.

සිංගර් ශ්‍රී ලංකා – 203 (48.2): ඩෙවින් පද්මනාදන් 45, රවීන් යසස් 43, පසිඳු ඩිල්ෂාන් 23, සසිත් ලක්ෂාන් 3/25, ට්‍රෙවින් ස්පීරින් 2/26, නෙරංජන් වන්නිආරච්චි 2/49.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්  – 205/4 (45): අයන සිරිවර්ධන 54*, නදීර නාවල 46, විශ්ව චතුරංග 39, දර්ශන හෙට්ටිආරච්චි 26*, හෂාන් හේවානයක 22, ඩෙවින් පද්මනාදන් 2/22.

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ සියලුම කාණ්ඩවල තරග වාර්තා, සේයා රූ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<