කලකට පසු CH ක්‍රීඩකයෝ ජයග්‍රහණයේ පහස භුක්ති විදිති

96
Dialog Rugby

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දසවැනි සති අන්තය නිමාවට පත්කරමින් අද (9) දිනයේ පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයක් අත්පත්කර ගැනීමට CH&FC කණ්ඩායම සමත් වුනු අතර ඔවුන් අතින් පරාජයට පත් වූයේ පසුගිය සති අන්තයේ දී පෙරළිකාර ජයක් වාර්තා කළ සත්කාරක නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. 

හැව්ලොක් අසරණ කරමින් පොලිසිය ජයග්‍රහණය කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සතියේ තවත් තරගයක් අද

වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ අවසන් ලකුණු තත්වය සටහන් වූයේ 25 -26ක් ලෙසිනි.

CH නායක රෝහිත රාජපක්ෂ පන්දුව ඉහළ ගුවනට මුසු කරමින් තරගයේ ආරම්භය සනිටුහන් කළ අතර වැඩි වේලාවක් ගත නොකළ නාවික හමුදා කණ්ඩායම පොලිස් ජයග්‍රහණයෙන් ලද පන්නරය උපයෝගී කරගනිමින් දිගින් දිගටම නාවික මුරකාවල් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්කම් දැක්විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 6වන මිනිත්තුවේ දී ලද පහසු දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට නාවික හමුදා කණ්ඩායමේ ඉසුරු කෝන්ගහවත්ත සමත් වූයේ තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය නාවිකයන් වෙත හිමිකර දෙමිනි. (නාවික 03 – 00 CH)

පන්දුවේ ග්‍රහණය වැඩි වේලාවක් තමන් සතුකර ගැනීමට CH කණ්ඩායම වඩාත් යුහුසුළු වූ නමුත් නාවිකයන් ඉතා සූක්ෂම අයුරින් ඊට ප්‍රතිප්‍රහාර දියත් කළේ පන්දුවේ පාලනය ලැබුණු සෑම අවස්ථාවක දී ම උපරිම ආක්‍රමණශීලී තරග රටාවක නියැලෙමිනි.

ජේසන් මහනුවර අපරාජිත වාර්තාව රැකගනියි

යුධ හමුදා ක්‍රීඩා සමාජය දෙවන අර්ධයේ එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් මිදී ලකුණු 36-26ක් ලෙස යුධ හමුදාව

තරගයේ 18වන මිනිත්තුවේ දී ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් ලකුණු පුවරුවේ තම අන්තය වර්ණවත් කර ගත් නාවිකයන් ඒත් සමඟම පළමු අර්ධයේ පෙරමුණ හිමිකර ගත්තේ CH ක්‍රීඩකයින් හට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. 

එම උත්සාහක දිනුමේ අයිතිය සචින්ක අබේසේකරට හිමි වෙද්දී අමතර ලකුණු එකතු කිරීමේ කාර්‍යභාර්‍ය ඉටු කළේ ඉසුරු කෝන්ගහවත්ත විසිනි. (නාවික 10 – 00 CH)

ඉන් අනතුරුව නැවතත් ruck අවස්ථාවේ දී පන්දුව නිසි අයුරින් මුදා නොහැරීමේ වරදට හසු වූ CH ක්‍රීඩකයින් තවත් ලකුණු ත්‍රිත්වයක් නාවික හමුදා ක්‍රීඩකයින් වෙත පූජා කළේ ලකුණු 13ක සැලකිය යුතු පරතරයක් නිර්මාණය කරදෙමිනි. ඉසුරු කෝන්ගහවත්ත සුපුරුදු පරිදි සාර්ථකව පන්දුව ගෝල කණු අතරින් පා කර හැරීමට සමත් විය. (නාවික 13 – 00 CH)

ලකුණු ඉඩෝරයෙන් බැටකමින් සිටි CH කණ්ඩායම හට තරමක හෝ අස්වැසිල්ලක් ගෙන දීමට යොවුන් ක්‍රීඩක හිරුෂ සම්පත් මුල පිරුවේ උදා වූ දඬුවම් පහර ද්විත්වයම නිවැරදිව ගෝල කණු අතරින් ඉලක්කය වෙත යොමු කරමිනි. (නාවික 13 – 06 CH)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 13 (1T,1C,2P) – 06 (2P) CH & FC 

විවේක කාලයෙන් අනතුරුව තරග බිමට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයින් තම ආධිපත්‍යය නැවත වතාවක් පතුරවාලීමට සමත් වූයේ දැකුම්කළු උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. ඉසුරු කෝන්ගහවත්ත විසින් කල් යලා බලා පිටිය හරහා එල්ල කළ පා පහර ආරක්ෂාකාරීව ධවල රේඛාවෙන් ඔබ්බට ගෙන ගොස් ලකුණු බවට පරිවර්තනය කිරීමට අධීෂ වීරතුංග සමත් විය. (නාවික 18 – 06 CH)

54 වැනි මිනිත්තුවේ දී තරගයේ තම ප්‍රථම උත්සාහක දිනුමේ සතුට සැමරූ CH ක්‍රීඩකයෝ නැවත වතාවක් තරගයේ ජයග්‍රහණය දෙපිලටම විවෘත කර දුන්නේ ප්‍රතිවාදීන් වෙත රතු එළියක් ද දල්වාලමිනි. ප්‍රසාද් මධුසංඛ උත්සාහක දිනුම් රේඛාව අභිබවා දිව යද්දී හිරුෂ සම්පත් ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (නාවික 18 – 13 CH)

CR ක්‍රීඩකයන් අර්ධ ශතකයකින් ගුවන් හමුදාව පිළිගනියි

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 53 – 15 ක් ලෙස පරාජය කළ

තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් CH ක්‍රීඩක මතීෂ සරච්චන්ද්‍ර යලිත් වතාවක් තම කණ්ඩායමේ ලකුණු තත්වය පෝෂණය කළේ ප්‍රතිවාදී ක්‍රීඩක ඉසුරු කෝන්ගහවත්ත අතින් සිදු වූ අත්වැරදීමක් උපරිම වාසියට හරවා ගනිමිනි. ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් නාවිකයන් හට සංග්‍රහ කළ මේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩකයෝ තරගයේ ප්‍රථම වතාවට පෙරමුණ තමන් සතුකර ගත්හ. (නාවික 18 – 20 CH)

වෙහෙස මහන්සියෙන් ගොඩනඟා ගත් ජයග්‍රාහී රිද්මය එලෙසම පවත්වා ගත් CH ක්‍රීඩකයින් තම ලකුණු පරතරය තවදුරටත් ඉහළ නංවාගත්තේ නාවික හමුදා ක්‍රීඩකයින් විසින් දියත් කළ අනතුරුදායක අභියෝගයන් ද්විත්වය නිසාවෙන් උදා වූ දඬුවම් පහර සාර්ථක කරගනිමිනි. හිරුෂ සම්පත් අසීරු කෝණයන්ගෙන් ලැබුණු එම අවස්ථාවන් දෙකෙන්ම උපරිම ඵල නොලාගැනීමට සමත්කම් දැක්විය. (නාවික 18 – 26 CH)

කාලය හරස් වූවත් අවසන් මොහොත දක්වා සටන අතනොහැරි නාවිකයන් 75 වන මිනිත්තුවේ දී ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට යුහුසුළු වූයේ ස්ටෙෆාන් ග්‍රෙගරිගේ ධවල රේඛාව පසුකර යාමේ සාර්ථක වෑයමත් සමඟිනි. (නාවික 25 – 26 CH)

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 25 (3T,2C,2P) – 26 (2T,2C,4P) CH & FC

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ 

  • නාවික – සචින්ක අබේසේකර (1T), අධීෂ වීරතුංග (1T), ස්ටෙෆාන් ග්‍රෙගරි (1T), ඉසුරු කෝන්ගහවත්ත (2C,2P)
  • CH & FC – ප්‍රසාද් මධුසංඛ (1T), මතීෂ සරච්චන්ද්‍ර (1T),  හිරූෂ සම්පත් (2C,4P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<