එංගලන්තය සංවෘත ක්‍රීඩාංගණවල තරග ආරම්භ කිරීම සලකා බලයි

78
ECB

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් ලොව පුරා අවලංගු කෙරුනු තරග සංඛ්‍යාව අති විශාලය. මෙලෙස තරග අවලංගු කිරීමේ දී ලබන මූල්‍යමය පාඩුව එක් එක් ක්‍රිකට් ආයතනය වෙත සෘජුවම බලපාන සාධකයක් වී හමාරය. මේ පාඩුව මකා ගැනීම සඳහා එක් එක් ක්‍රිකට් ආයතන මේ වන විට සැලසුම් සකස් කරමින් සිටියි. 

අඳුරු වළාකුලේ රිදී රේඛාවක් දකින ජස්ටින් ලැංගර්

මේ දිනවල වසංගතයක් ලෙස ලොවපුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිසාවෙන්

එයට පිළියමක් ලෙස එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවෘත ක්‍රීඩාංගණ තුළ ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීම ආරම්භ කර ඇත. එම ක්‍රීඩාංගණවල කොරෝනා වෛරසය හඳුනාගත හැකි මුරපොලවල් සහ හුදෙකලා ඒකක ස්ථාපනය කිරීමට ද ඔවුන් සලකා බලමින් සිටියි. 

පසුගිය සතියේ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේ මැයි මස 28 වනදාට පෙර වෘත්තීය ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරන බවයි. එහෙත්, ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය සිය සැලසුම් වේගවත් කර තිබේ. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එංගලන්තයේ ටෙස්ට් තරගාවලිය ජුනි මස 04 වනදා ඕවල් හිදී ආරම්භ වීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය ද එංගලන්ත ගිම්හාන කාලය තුළ එරට සංචාරය කිරීමට නියමිතය. 

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ හි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ස්ටීව් එල්වර්ති ‘ගාඩියන්’ පුවත්පතට කියා සිටියේ එවැනි ප්‍රවේශයක් මඟින් මූලික වශයෙන් අදහස් කරන්නේ ක්‍රීඩාංගණ තුළ ‘ආරක්ෂිත හා විෂබීජ වලින් තොර පරිසරයක්’ නිර්මාණය කිරීම බවයි. 

“සංවෘත ක්‍රීඩාංගණ තුළ ප්‍රේක්ෂකයන් නොමැති ජාත්‍යන්තර තරග මොන වගේ ද කියා අපි මේ වන විට සිතියම් ගත කරනවා.” ඔහු පැවසීය. 

වර්තමානයේ දී එංගලන්තය සම්පූර්ණ අගුලු දැමීමකට යොමුව ඇති අතර ඒ අනුව බ්‍රිතාන්‍ය රජය ලබාදී ඇති මූලික උපදෙස් පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසූයේ මහජන රැස්වීම් වලදී  පුද්ගලයන් 500කට අඩු පිරිසක් එක්විය යුතු බවයි. 

කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

COVID-19 වයිරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම

“පරිපූරක වෛද්‍යවරුන් සහ වසංගත වෛද්‍යවරුන් වැනි සංවේදී සේවාවන්ට ඇති විය හැකි බලපෑම නිසා ඒ තීරණය අරන් තියෙන්නේ.” 

“අපිට එම සංඛ්‍යාව තුළ වැඩ කිරීමට සිදුවේවි. එය අත්‍යවශ්‍ය තරග දින කාර්ය මණ්ඩලයකින් සමන්විත වෙයි. ඒ වගේම අපිට වෛද්‍ය ප්‍රතිපාදන ගැන සිතා බැලිය යුතු වෙලා තියෙනවා. එම ස්ථානය වටා ආරක්ෂිත හා විෂබීජ වලින් තොර පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එවිට පැමිණෙන සෑම කෙනෙකුම ආරක්ෂා වේවි.”  

“අපි ඒවා ගේට්ටුවේ දී පුද්ගලයන් පරීක්‍ෂා කරන ආකාරය, තැබිය යුතු හුදෙකලා ඒකක වගේ දේවල් තමයි අපි මේ වෙද්දී සලකා බලන කරුණු.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් ස්ටීව් පවසා සිටියේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<