මොබිටෙල් හා එල්. බී. ෆිනෑන්ස් ජයගනී

355
Mobitel vs Commercial Bank and Seylan Bank vs LB Finance

24 වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය ඊයේ ආරම්භ විය. ඊයේ (28) මෙම තරගාවලියේ තරඟ දෙකක් පැවැත්වූ අතර මෙම තරඟ වලින් එල්. බී. ෆිනෑන්ස් ආයතන කණ්ඩායම හා මොබිටෙල් ආයතන යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: හේලිස් හා කැන්රිච් ජයගනී

මොබිටෙල් ආයතන කණ්ඩායම හා කොමර්ෂල් බැංකු කණ්ඩායම අතර තරඟය

මෙම තරගය මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රීඩාගංනයේදි පැවැත්විණි. මෙහිදී මොබිටෙල් ආයතන කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

පළමුව පන්දුවට පහරදුන් මොබිටෙල් කණ්ඩායම ඉහල ලකුණක් කරා ගෙනයාමට කේෂාන් විජේවික්‍රම ඇතුළු ඔවුන්ගේ පිතිකරණ බලඇණිය සමත් විය.

මොබිටෙල් කණ්ඩායම  – 264-08 (50) කේශාන් විජේවික්‍රම 53, ලක්ෂාන් ජයසිංහ 44*, පසිදු ඉසිර 32, ලහිරු ජය‍කොඩි 29, රොන් චන්ද්‍රගුප්ත 27, අචල රණසිංහ 3/46, සචින්ත ගුණවර්ධන 2/37

ලකුණු 265ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි කොමර්ෂල් බැංකු කණ්ඩායම නොසිතූ ලෙස ඔවුන්ගේ පිත්ත මෙල්ල කරමින් තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවීමට මොබිටෙල් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වූයේ දැවැන්ත ලකුණක ජයග්‍රහණයක් ද තම කණ්ඩායම වෙත හිමිකර දෙමිනි.

කොමර්ෂල් බැංකු කණ්ඩායම 103-10 (28.4) අනුරුද්ධ රාජපක්ෂ 30, අචල රණසිංහ 29, මොහොමඩ් ශිරාස් 3/19, දමිත රාජපක්ෂ 3/29, කොශාන් ජයවික්‍රම 2/12

අවසානයේ දී මොබිටෙල් කණ්ඩායම ලකුණු 161ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


එල්.බී ෆිනෑන්ස් කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම අතර තරගය

මෙම තරඟය කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේදී පැවැත්විණි. මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් සෙලාන් බැංකු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

මෙම තරගයේ දී සෙලාන් බැංකු කණ්ඩායමට පන්දුවාර 50 තුළම ක්‍රීඩා කිරීමට එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ රජීව වීරසිංහ ප්‍රමුඛ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.

සෙලාන් බැංකු කණ්ඩායම –159-10 (38.2) කාංචන ගුණවර්ධන 44, තරංග පරණවිතාන 25, රජීව වීරසිංහ 3/37, චරිත් සුදාරක 2/17, ශිරාන් ප්‍රනාන්දු 2/35

ලකුණු 160ක අභියෝගයක් හඹායාමට පිටියට පැමිණි එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් තරගයේ ජයග්‍රහණය ලබාගත් අතර මෙම තරගයේ දී සෙලාන් බැංකු කණ්ඩායම වෙනුවෙන් ගයාන් සිරිසෝම විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම – 161-06 (41) චතුරංග කුමාර 42*, ලක්ෂාන් රොද්‍රිගෝ 30, ඉයන් ඩැනියල් 19, රජීව වීරසිංහ 17*, ගයාන් සිරිසෝම 6/26

අවසානයේදී එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය.

මෙම තරගාවලියේ තවත් තරඟ දෙකක් අගෝස්තු මස 31 වැනිදා එල්. බී. ෆිනෑන්ස් A කණ්ඩායම හා හේලිස් ආයතන A කණ්ඩායම අතර  පී. සරා ඕවල් පිටියේදී ද, මොබිටෙල් A කණ්ඩායම හා ජෝන් කීල්ස් B කණ්ඩායම අතර තරඟය N.C.C පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට