Samila විවෘත වෙරළ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක්

171
Sri Lanka Men's & Women's Beach Volleyball Teams - 20th Asian Beach Tour Samila Open 2019

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම අප්‍රේල් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ සොන්ග්ක්ලා හිදී Asian Beach Tour Samila Open 2019 තරගාවලියට සහභාගී වීමට නියමිතය.

DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාව 2019

මෙරට පාසල් මට්ටමේ වැඩි අවධානයක් දිනා ගත් තරගාවලියක් වන “DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාව” මේ වසරේ දී (2019) ද අඛණ්ඩව…

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙරළ වොලිබෝල් පිරිමි හා කාන්තා කණ්ඩායම් තරගාවලියට එක්වනු ඇත. තරගාවලිය සංවිධානය කරන්නේ ආසියානු වොලිබෝල් සම්මේලනයයි. පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස මිලන්ත යාපා කටයුතු කරන අතර කාන්තා කණ්ඩායම දිනේෂා ප්‍රසාදිනී විසින් මෙහෙයවනු ලබයි.

කසුනි තාරුකා, දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ ප්‍රියන්ත රාජපක්ෂ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ කාන්තා කණ්ඩායම නියෝජනය කරනු ඇත.

ඉන්දික ටිරෝන්, අංජන සංදීපන හා අශේන් රශ්මික පිරිමි කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ජූඩ් මහේෂ් පෙරේරා කණ්ඩයමේ පුහුණුකරු ලෙස ද, අරුණ ශාන්ත කණ්ඩායමේ කළමනාකරු ලෙස ද කටයුතු කරයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<