ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් තරමක් පුදුම හිතෙන සංචිතයක්

609

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතය අද (09) මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබුණි.

බුම්රාට නිවාඩුවක්!

එළඹෙන 12 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සහ ඉන් …

ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පුරා වසර 71කට ආසන්න කාලයක් නොබිඳී රැගෙන ආ ටෙස්ට් තරගාවලි ආධිපත්‍යය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ඉන්දියාව සමත් වූයේ පසුගිය දා දෙරට අතර පැවති තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමඟය.

එම අමිහිරි පරාජයේ වේදනාව යටපත් කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වන ටෙස්ට් අභියෝගය සඳහා මුහුණ දීමට 13කුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට තේරීම්භාර බලධාරීන් ක්‍රියා කර තිබුණේ තරමක ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සිදු කරමිනි.

ඒ අනුව නිමාව දුටු තරගාවලිය තුල දී අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ ඒරෝන් ෆින්ච්, මිචෙල් මාර්ෂ්, ෂෝන් මාර්ෂ් සහ පීටර් හෑන්ඩ්ස්කෝම්බ් හට සංචිතයෙන් ඉවතට ගමන් කිරීමට සිදුවී ඇති අතර ඔවුන් වෙනුවට ජෝ රෙන්ෂෝ සහ මැට් රෙන්ෂෝ නැවතත් ජාතික කණ්ඩායමේ සේවයට කැඳවා ඇත. ඔවුන් දෙදෙනාට අමතරව සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා තේරී පත් වීමේ භාග්‍ය උදාකර ගැනීමට විල් පුකොව්ස්කි සමත් වී තිබීම කැපී පෙනේ.

ඉහළ – ජෝ බර්න්ස්, මැද – විල් පුකොව්ස්කි, පහළ – මැට් රෙන්ෂෝව්

නව සංචිතය පිළිබඳ සිය අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තේරීම් කමිටු භාර නිලධාරි ට්‍රෙවර් හෝන්ස් මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය තරගාවලියේ දී කණ්ඩායමක් වශයෙන් ගත් විට බලාපොරොත්තු වූ අයුරින් සිය සැලසුම් දියත් කිරීමට ඔවුන් හට නොහැකි වීම ගැන කනගාටු වන අතර සිදු වූ වැරදි පිළිබඳ අධ්‍යනයකින් අනතුරුව වඩාත් හොඳම සංචිතය නම් කිරීමට තමා ඇතුළු නිලධාරින් පිරිස කටයුතු කළ බවය.

රෙන්ෂෝව් පසුගිය වසරේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක් වූ ඕස්ට්‍රේලියානු සංචිතය නියෝජනය කළ අතර බර්න්ස් හෝ රෙන්ෂෝව් යන දෙදෙනාගෙන් අයෙකු ෆින්ච්ගේ නික්ම යාමත් සමඟම හිස් වූ ආරම්භක පිතිකරුවා භූමිකාවට පණ පෙවීමේ කාර්යභාරය ඉටු කිරීමට උත්සුක වන ඇතැයි වැඩිදුරටත් ඒ පිළිබඳ තම අදහස් ගෙන හැර පෑ හෝන්ස් මහතා පවසා සිටියේය.

නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ

ජනවාරි මස 24 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත…

“ජෝ බර්න්ස් පළමු පෙළ තරගවල දී ඉතා හොඳින් දක්ෂතා පෙන්නුම් කළා. ඒක නිසා අපි විශ්වාස කරනවා ඔහුට තරග අවස්ථා වැඩිපුර ලබා දීලා ඔහුගේ උපරිම දායකත්වය කණ්ඩායමට ලබා ගන්න.”

“මැට් රෙන්ෂෝව් කියන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන් දක්ෂ පිතිකරුවෙක්. වයස අවුරුදු 22 වෙනකොටත් පළමු පෙළ ශතක 10ක් වාර්තා කිරීමෙන්ම ඒ බව පැහැදිලි වෙනවා. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදීත් ඉතා විශිෂ්ට ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කරන්න ඔහුට හැකි වුනා. ශීල්ඩ් කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපයේ දී ඔහු තරමක් අසාර්ථක වුනත් ඔහු යළිත් දක්ෂතා අතරට පැමිණේවී කියලා අපි අපේක්ෂා කරනවා.”

තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා බ්රිස්බෙන් හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය

ටිම් පේන්(නායක), ජොෂ් හේසල්වුඩ්, ජෝ බර්න්ස්, පැට් කමින්ස්, මාර්කස් හැරිස්, ට්‍රැවිස් හෙඩ්, උස්මාන් කවාජා, මාර්නස් ලබුෂේන්, නේතන් ලයන්, විල් පුකෝව්ස්කි, මැට් රෙන්ෂෝව්, පීටර් සිඩ්ල්, මිචෙල් ස්ටාර්ක්

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <