ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී

වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලිය 2022

438

වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ තවත් තරග දෙකක් ඊයේ (20) NCC ක්‍රීඩාංගණයේ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. ජෝන් කීල්ස් සහ සම්පත් බැංකුව අතර පැවැත්වුණු තරගයේ දී සචිත ජයතිලක, දුවිඳු තිලකරත්න සහ මොහොමඩ් ඩිල්ෂාඩ් පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසාවෙන් සම්පත් බැංකු ඉනිම සුනුවිසුනු වී ගියා.

අවසානයේ දී ලකුණු 76ක ඉලක්කයක් හඹා ගිය ජෝන් කීල්ස් වෙනුවෙන් අහන් වික්‍රමසිංහ ලබා ගත් ලකුණු 35 සහ ඉශාන් ජයරත්න ලබා ගත් ලකුණු 22 නිසාවෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායමට අවස්ථාව උදා වුනා.

දිනයේ පැවැත්වුණු දෙවැනි තරගයේ දී CDB ෆිනෑන්ස් ඉනිම ලකුණු 94කට සීමා කිරීමට HNB ක්‍රීඩකයින් සමත් වුනා. පිළිතුරු ඉනිම දියත් කළ HNB කණ්ඩායමේ නායක මාධව වර්ණපුර නොදැවී ලකුණු 38*ක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා.

සම්පත් බැංකුව සහ ජෝන් කීල්ස් තරගය

  • සම්පත් බැංකුව (A) – 75 (15.4): සචිත ජයතිලක 3/08, දුවිඳු තිලකරත්න 2/09, මොහොමඩ් ඩිල්ෂාඩ් 2/17.
  • ජෝන් කීල්ස් (A) – 80/5 (11.3) අහන් වික්‍රමසිංහ 35, ඉශාන් ජයරත්න 22*.

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

CDB සහ HNB තරගය

  • CDB ෆිනෑන්ස් (A) – 94/8 (20): මුදිත ලක්ෂාන් 23, රවිඳු රසාන්ත 21, මලින්ද පෙරේරා 2/19, නලින් ප්‍රියදර්ශන 2/20.
  • HNB (A) – 95/4 (13.2): මාධව වර්ණපුර 38*, ක්‍රිෂාන් සංජුල 22, මුදිත ලක්ෂාන් 2/23

HNB කණ්ඩායමට කඩුලු 6ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<