Home Sinhala 2-0ක් ලෙස තරගාවලියේ ජය ඕස්ට්‍රේලියා A කණ්ඩායමට

2-0ක් ලෙස තරගාවලියේ ජය ඕස්ට්‍රේලියා A කණ්ඩායමට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1965
Australia A Tour of Sri Lanka 2022 - 2nd Four Day 4
Sri Lanka Cricket Media Unit

ශ්‍රී ලංකා A සහ ඕස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවැනි සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගය අද (24) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

දෙවැනි තරගයෙන් ද කඩුලු 5ක ජයක් දිනා ගත් ඕස්ට්‍රේලියාව සිව්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

දිනය ආරම්භ වන විට පිළිතුරු දෙවැනි ඉනිම දියත් කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියා.

Nic Maddinson සහ Henry Hunt එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක සබඳතාවයක් ගොඩනංවමින් දිනයේ ආරම්භයට යම් සබඳතාවයක් ගොඩනංවාගත් නමුත්, ඩිල්ශාන් මදුශංක එම සබඳතාවය බිඳ දමමින් ලකුණු 18ක් ලබාගෙන සිටි Maddinsonගේ කඩුල්ල දවා ගත්තා.

ඉන් නොනැවතුණු ඔහු Josh Philippeගේ කඩුල්ල ද දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නව ජීවයක් ලබා දීමට සමත් වුවත්, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා පිතිකරුවන් ඉතාමත් හොඳින් ශ්‍රී ලංකාවට තරගයේ පීඩනය නැවත යොමු කිරීමට සමත් වුනා.

ලකුණු 367ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ කඩුලු 4ක් ලකුණු 69ක් තුල බිඳ වැටී තිබූ අවස්ථාවේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් සහ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 151ක සහ ලකුණු 150*ක සබඳතාවයක් ගොඩනැංවීමට Jimmy Peirson (128*), Henry Hunt (107) සහ Aaron Hardie (78*) යන පිතිකරුවන් සමත් වීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාලනය කර ගැනීමට නොහැකි වුනා.

අවසානයේ දී ඔවුන් පන්දුවාර 95ක් තුල කඩුලු 6ක් පමණක් දැවී නියමිත ලකුණු 367 ඉලක්කය හඹා යමින් ලකුණු 370ක් ලබාගෙන මේ තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත් වීම නිසා තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු A ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මණසිංහ තරගය පුරාවට කඩුලු 8ක් දවාගෙන දස්කම් දැක්වීම කැපී පෙනුණා. වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුශංක දෙවැනි ඉනිමේ දී කඩුලු 2ක් දවා ගත්තා.

  • ශ්‍රී ලංකා “A” පළමු ඉනිම – 330/9 (90): නිපුන් ධනංජය 92, ලහිරු උදාර 63, සහන් ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, Scott Boland 4/38, Mark Steketee 4/69.
  • ඕස්ට්‍රේලියා “A” පළමු ඉනිම – 254 (74.3): Jimmy Peirson 67, Marcus Harris 39, Matt Renshaw 35, Henry Hunt 28, Aaron Hardie 24, ලක්ෂිත මණසිංහ 5/82, ඩිල්ශාන් මදුශංක 3/43.
  • ශ්‍රී ලංකා “A” දෙවැනි ඉනිම – 290 (87): නිපුන් ධනංජය 77, සහන් ආරච්චිගේ 58, කමිඳු මෙන්ඩිස් 48, සුමින්ද ලක්ෂාන් 30*, ලක්ෂිත මණසිංහ 25, Scott Boland 3/51, Tanveer Sangha 3/53.
  • ඕස්ට්‍රේලියා “A” දෙවැනි ඉනිම – 370/5 (95): Jimmy Peirson 128*, Henry Hunt 107, Aaron Hardie 78*, ලක්ෂිත මණසිංහ 3/116, ඩිල්ශාන් මදුශංක 2/52.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka A Team
330/9 (90) & 290/10 (87)

Australia A Team
254/10 (74.3) & 370/5 (95)

Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Marcus Harris b Mark Steketee 7 18 1 0 38.89
Lahiru Udara c jimmy peirson b Mark Steketee 63 133 3 0 47.37
Kamindu Mendis c jimmy peirson b Mark Steketee 14 12 1 0 116.67
Nuwanidu Fernando c jimmy peirson b Aaron Hardie 32 77 3 0 41.56
Sadeera Samarawickrama c Matt Renshaw b Scott Boland 29 32 4 0 90.62
Nipun Dananjaya c jimmy peirson b Scott Boland 92 130 4 0 70.77
Sahan Arachchige c jimmy peirson b Scott Boland 61 124 3 0 49.19
Suminda Lakshan c Marcus Harris b Scott Boland 4 2 1 0 200.00
Lakshitha Manasinghe c Matt Renshaw b Mark Steketee 8 7 2 0 114.29
Mohamed Shiraz not out 1 3 0 0 33.33
Dilshan Madusanka not out 5 8 1 0 62.50


Extras 14 (b 4 , lb 4 , nb 6, w 0, pen 0)
Total 330/9 (90 Overs, RR: 3.67)
Bowling O M R W Econ
Scott Boland 16 5 38 4 2.38
Mark Steketee 17 2 69 4 4.06
Jon Holland 19 1 91 0 4.79
Aaron Hardie 13 3 27 1 2.08
Tanveer Sangha 15 1 68 0 4.53
Matt Renshaw 10 1 29 0 2.90
Batsmen R B 4s 6s SR
Matt Renshaw c Minod Bhanuka b Dilshan Madusanka 35 51 2 0 68.63
Marcus Harris b Rasanjana 39 60 3 0 65.00
Henry Hunt c Kalana Perera b Rasanjana 28 56 2 0 50.00
Nic Maddinson b Suminda Lakshan 0 12 0 0 0.00
Josh Philippe lbw b Rasanjana 16 12 2 0 133.33
jimmy peirson not out 67 112 3 0 59.82
Aaron Hardie c Kamindu Mendis b Rasanjana 24 41 3 0 58.54
Mark Steketee b Dilshan Madusanka 19 38 2 0 50.00
Scott Boland lbw b Dilshan Madusanka 5 46 0 0 10.87
Tanveer Sangha c Minod Bhanuka b Rasanjana 7 16 1 0 43.75
Jon Holland c Nuwanidu Fernando b Suminda Lakshan 4 9 0 0 44.44


Extras 10 (b 2 , lb 2 , nb 6, w 0, pen 0)
Total 254/10 (74.3 Overs, RR: 3.41)
Bowling O M R W Econ
Dilshan Madusanka 15 1 43 3 2.87
Mohamed Shiraz 10 1 33 0 3.30
Sahan Arachchige 6 0 25 0 4.17
Lakshitha Manasinghe 25 1 82 5 3.28
Suminda Lakshan 18.3 0 67 2 3.66
Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Matt Renshaw b Jon Holland 8 35 1 0 22.86
Lahiru Udara c jimmy peirson b Mark Steketee 4 3 0 0 133.33
Kamindu Mendis b Jon Holland 48 80 6 0 60.00
Mohamed Shiraz c jimmy peirson b Scott Boland 7 38 0 0 18.42
Nuwanidu Fernando c jimmy peirson b Scott Boland 0 7 0 0 0.00
Sadeera Samarawickrama c jimmy peirson b Mark Steketee 20 23 2 0 86.96
Nipun Dananjaya c Josh Philippe b Tanveer Sangha 77 130 2 0 59.23
Sahan Arachchige b Tanveer Sangha 58 120 4 0 48.33
Lakshitha Manasinghe lbw b Tanveer Sangha 25 26 2 0 96.15
Suminda Lakshan not out 30 37 4 0 81.08
Dilshan Madusanka b Scott Boland 9 24 1 0 37.50


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 290/10 (87 Overs, RR: 3.33)
Bowling O M R W Econ
Scott Boland 19 5 51 3 2.68
Mark Steketee 16 4 55 2 3.44
Jon Holland 22 2 85 2 3.86
Aaron Hardie 7 0 24 0 3.43
Tanveer Sangha 16 0 53 3 3.31
Matt Renshaw 4 2 8 0 2.00
Nic Maddinson 3 0 12 0 4.00


Batsmen R B 4s 6s SR
Marcus Harris lbw b Rasanjana 11 38 0 0 28.95
Matt Renshaw lbw b Rasanjana 0 1 0 0 0.00
Henry Hunt b Rasanjana 107 212 3 0 50.47
Nic Maddinson c & b Dilshan Madusanka 18 39 2 0 46.15
Josh Philippe c & b Dilshan Madusanka 2 5 0 0 40.00
jimmy peirson not out 128 189 4 0 67.72
Aaron Hardie not out 78 94 6 0 82.98


Extras 26 (b 13 , lb 1 , nb 8, w 4, pen 0)
Total 370/5 (95 Overs, RR: 3.89)
Bowling O M R W Econ
Lakshitha Manasinghe 32 4 116 3 3.62
Dilshan Madusanka 15 3 52 2 3.47
Suminda Lakshan 22 0 87 0 3.95
Sahan Arachchige 4 0 14 0 3.50
Mohamed Shiraz 11 0 37 0 3.36
Kamindu Mendis 7 0 15 0 2.14
Nuwanidu Fernando 2 0 11 0 5.50
Nipun Dananjaya 2 0 14 0 7.00