Hayleys ක්‍රීඩකයෝ වෙළඳසේවා E ශූරතාව දිනා ගනී

MCA Div E Leagues Tournament 2023

357

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ පන්දුවාර 25 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ E කොටසේ ශූරතාව දිනා ගැනීමට Hayleys ක්‍රීඩකයෝ සමත් වුනා.

කාණ්ඩ 3ක් යටතේ කණ්ඩායම් 17ක් සහභාගී වූ මෙම තරගාවලියේ C කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ Hayleys ක්‍රීඩකයෝ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් මහා තරගයේ දී Stafford Motor කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙම ශූරතාව දිනා ගත්තා.

Hayleys කණ්ඩායමේ ගමන් මග
1 LOLC Holdings වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන ලදි.
2 Pizza Hut Hayleys කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
3 Virtusa Hayleys කණ්ඩායමට ලකුණු 26ක ජයක්.
4 Brandix Essentials Hayleys කණ්ඩායමට ලකුණු 54ක ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
5 Pizza Hut Hayleys කණ්ඩායමට ලකුණු 81ක ජයක්.
අර්ධ අවසන් පුර්ව වටය
6 Virtusa Hayleys කණ්ඩායමට ලකුණු 137ක ජයක්.
අවසන් පූර්ව වටය
7 Amana Takaful Hayleys කණ්ඩායමට ලකුණු 48ක ජයක්.
අවසන් මහා තරගය
8 Stafford Motor Hayleys කණ්ඩායමට ලකුණු 3ක ජයක්.

අවසන් මහා තරගය

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Hayleys පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 154ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමන්ත කළුගලගේ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා. ඔහුත් සමඟ ඉනිම ආරම්භ කළ මධුරංග සොයිසා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්. හතරේ පහර 2කින් සමන්විත එම ඉනිමට පන්දු 18ක් වැය වෙනවා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව පන්දු 36ක දී ලකුණු 51ක්.

අනතුරුව Hayleys ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පවිත් රත්නායක (12) සහ මිහින් ආරියරත්න (22) පන්දු 34ක දී ලකුණු 41ක සබඳතාවක් එක් කරනවා. ඔවුන්ට අමතරව මහේෂ් දීපාල් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා. කඩුලු ලබා ගැනීමේ දී සුජීව විශාන් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Stafford Motor කණ්ඩායමට ලබා ගත හැකි වන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 151ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ජනිත ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා. ඔහුට අමතරව කල්ප පෙශාන් පන්දු 25ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් සහ රොමේෂ් ප්‍රනාන්දු පන්දු 20කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 40ක්.

Stafford Motor කණ්ඩායම අමාරුවේ දැමීමේ දී පෙරමුණ ගත්තේ පවිත් රත්නායක. ඔහු ලකුණු 22කට කඩුලු 5ක් දවා ගත්තා.

  • Hayleys Group – කඩුලු 7ක් දැවී 154 (25) දිමන්ත කළුගලගේ 27, මධුරංග සොයිසා 20, මහේෂ් දීපාල් 27, මිහිඳු ආරියරත්න 22, සුජීව විශාන් 3/21
  • Stafford Motor Ltd – කඩුලු 8ක් දැවී 151 (25) කල්ප පෙශාන් 24, රොමේෂ් ප්‍රනාන්දු 21, ජනිත ප්‍රනාන්දු 39, පවිත් රත්නායක 5/22

Hayleys කණ්ඩායමට ලකුණු 3ක ජයක්.

Hayleys කණ්ඩායමේ දක්ෂතා

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතරින් 2 වැනි ස්ථානය දිනා ගන්නේ Hayleys දිමන්ත කළුගලගේ. ඔහු තරග 7ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 290ක්. ඊට Virtusa කණ්ඩායමට එරෙහිව පන්දු 77ක දී වාර්තා කරන ලද ලකුණු 109ක් ද ඇතුළත්. එය මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙක් පෞද්ගලිකව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුණා.

ඔහුගේ ඉනිම් අතර ඊට අමතරව Amana Takaful කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී පන්දු 43ක දී හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුළත්.

Hayleys ජයග්‍රහණය කරා ගෙන යෑමේ දී ටෂික පෙරේරා ද සුවිශේෂී දක්ෂතාවක් දක්වනවා. ඔහු තරග 7ක ඉනිම් 6ක දී ලකුණු 219ක් ලබා ගනිමින් තම කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නවා.

තරගාවලිය තුළ දක්ෂතා දැක්වූ Hayleys පිතිකරුවන් අතරින් මධුරංග සොයිසා තෙවැනි ස්ථානයට පත් වෙනවා. ඔහු තරග 7ක ඉනිම් 7ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 137ක්.

පන්දු යැවීමේ දී Hayleys වෙනුවෙන් ඉහළම දක්ෂතා දක්වන්නේ දකුණතින් පිට දඟපන්දු යැවූ මහේෂ් දීපාල්. ඔහු තරග 7ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 16ක්. එය දෙවැනි වන්නේ Teejay Lanka කණ්ඩායමේ කඩුලු 18ක් ලබා ගත් තාරක දිනේෂ්ටයි.

ඊට අමතරව අවසන් මහා තරගයේ දී කඩුලු 5ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක්වූ වමතින් දඟපන්දු යැවූ පවිත් රත්නායක තරගාවලියේ දී කඩුලු 13ක් දවා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූවා.

Hayleys කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් තෙවැනියට දක්ෂතා දක්වන්නේ දකුණතින් පා දඟපන්දු යවන මිහිඳු ආරියරත්න. ඔහු තරග 6ක ඉනිම් 5ක දී කඩුලු 9ක් දවා ගන්නවා.

Hayleys Group කණ්ඩායම: චෙමිල ඔබේසේකර (නායක), දිමන්ත කළුගලගේ, මධුරංග සොයිසා (කඩුලු රකින්නා), මහේෂ් දීපාල්, ටෂික් පෙරේරා, පවිත් රත්නායක, මිහිඳු ආරියරත්න, සහන් නානායක්කාර, ෂැනෝන් ලී, ප්‍රමෝද් ප්‍රනාන්දු, සුපුන් රත්නායක, අශාන් සෙනෙවිරත්න, ගිහාන් ගුණතිලක, ඉෂාර පෙරේරා, ජනිඳු මල්ශාන්, කේ. කපිල්රාජ්, කවිඳු මධුරංග, ලක්ෂිණ රොද්‍රිගෝ, නිපුන් ප්‍රනාන්දු, සම්පත් වීරසිංහ, සනත් අපෝන්සු, ෂබීර් පකීර්, ශෂික තෙන්නකොන්, තරිඳු ලක්මාල්.

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ E කොටසේ ක්‍රිකට් ශූරතාව දිනූ Hayleys කණ්ඩායම ThePapare.com හි සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<