කොරෝනා වසංගත තත්වය නිසා තවත් ක්‍රිකට් තරග රැසක් කොට උඩට

116

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වසංගත තත්ත්වය (COVID-19) හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ Tier A සහ Tier B තරගාවලිය ඇතුළු තවත් ක්‍රිකට් තරග රැසක්ම අත්හැර දැමීමට ඒ ඒ සංවිධායකයින් තීරණය කර ඇත. 

කොරෝනා නිසා Cancel වුන Big Match list එක

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව….

ඒ අනුව මේ දිනවල පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරග, 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය මෙන්ම සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ සහ වයස අවුරුදු 13න් පහළ යන තරගාවලි සියල්ලම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 

ඒ අනුව ප්‍රේක්ෂකයින් නොමැතිව 17 සහ 18 දෙදින පුරාවට “කන්ද උඩරට නිල් මහා සටන” ලෙස විරුදාවලිය ලත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ 103 වැනි මහා ක්‍රිකට් තරගය ද අවලංගු කර ඇත. 

ඔලිම්පික් ගැන අවසන් තීරණයක් ගන්නට දින සූදානම්

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසයේ නවතම පුවත…..

ඊට අමතරව රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය, සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වීමට තිබූ එක්දින තරගය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙදින මහා තරගය ඇතුළු පාසල්, දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇත. ඒ රට තුළ මෙන්ම ලොව තුළ වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<