බස්නාහිර පළාත් දැල්පන්දු ක්‍රීඩිකාවන් ශූරතාව දිනති

“2021 Dialog වයස අවුරුදු 23න් පහළ දැල්පන්දු නැගෙන තරු” තරගාවලිය

299
Dialog Netball Rising Stars 202

ලෝක කාන්තා දිනයට සමගාමීව පැවැත්වුණ, “2021 Dialog වයස අවුරුදු 23න් පහළ දැල්පන්දු නැගෙන තරු” තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ වයඹ පළාත් කණ්ඩායම පරාජය කරමිනුයි.

ප්‍රදේශීය මට්ටමේ ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සහ නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata (පුද්) සමාගමේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම තරගාවලිය මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුනා.

Photos: Netball Rising Star 2021 – Day 02

ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන පරිදි කණ්ඩායම් 9ක් තරගාවලිය සඳහා සහභාගී  වූ අතර ඔවුන් ආරම්භක අදියරේ දී කාණ්ඩ දෙකකට බෙදා තරග කරන ලදි. කාණ්ඩ දෙකේ ප්‍රථම කණ්ඩායම් ද්විත්වය අවසන් පූර්ව තරග සඳහා සහභාගී වූ අතර ඉන් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් ද්විත්වය ශූරතාවය සඳහා තරග කරන ලදි. 

  • Group A – ඌව, උතුරු මැද, වයඹ, උතුර
  • Group B – සබරගමුව, බස්නාහිර, නැගෙනහිර, මධ්‍යම සහ දකුණ

උස අඩි 5යි අඟල් 10ට වැඩි ක්‍රීඩිකාවන් පමණක් සහභාගී කර ගනිමින් ප්‍රධාන තරගාවලියට සමගාමීව සංවිධායකයින් විසින් පන්දු විදීමේ තරගයක් (shooting competition) ද සංවිධානය කර තිබුණු අතර ජාතික තලයේ ක්‍රීඩිකාවන් සහභාගී වූ Fast5 ප්‍රදර්ශනාත්මක තරගයක් ද මේ සමඟ පවත්වා තිබුණා. 

තවත් පුවත්:

Fast5 දැල්පන්දු යනු ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ අනුමැතිය සහිත දැල්පන්දු ක්‍රීඩාවේ වඩාත් තරගකාරී ආකෘතියක් ලෙස හඳුන්වා දීමට හැකි අතර සාමාන්‍යයෙන් දැල්පන්දු තරගාවලියක එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගී කර ගන්නා නමුත් මෙහි දී එක් කණ්ඩායම සිටිය හැක්කේ ක්‍රීඩිකාවන් 5 දෙනෙකුට පමණි. 

සාමාන්‍යයෙන් මෙවැනි තරග ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක වී ක්‍රීඩා කරන අතර මේ සඳහා පුළුල් පරාසයක දක්ෂතාවයක් පැවතීම ද අවශ්‍ය වෙනවා. මේ ගැන වැඩි විස්තර මෙතැනින් දැන ගන්න පුළුවන්. 

Match Replay – Final & Exhibition Fast5 | International Women’s Day Netball Tournament 2021

තරගාවලියේ ජයග්‍රහණය ලබා ගත් කණ්ඩායමට රු. 50,000 මුදලක් හිමි වන අතර අනුශූරයින්ට රු. 20,000කුත්, විදීමේ තරගය ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවට රු. 10,000කුත් ලබා දීමට කටයුතු කෙරිණි. 

ජයග්‍රහණ ලැබූ කණ්ඩායම් මෙසේයි:

  • ශූරතාවය – බස්නාහිර පළාත
  • අනුශූරතාවය – වයඹ පළාත
  • හොඳම විදින්නිය – තරුෂි තත්සරණි (ඌව පළාත)

Netball Rising Starසම්පූර්ණ ලකුණු සටහන මෙසේයි:

ආරම්භක අදියර – Group A

  • ඌව පළාත 43 – 05 උතුරු මැද පළාත
  • වයඹ පළාත 30 – 17 උතුරු පළාත
  • ඌව පළාත 15 – 32 වයඹ පළාත
  • උතුරු මැද පළාත 10 – 22 උතුරු පළාත
  • ඌව පළාත 42 – 12 උතුරු පළාත
  • උතුරු මැද පළාත 08 – 42 වයඹ පළාත

ආරම්භක අදියර – Group B

  • සබරගමුව පළාත 08 – 29 බස්නාහිර පළාත
  • නැගෙනහිර පළාත 25 – 20 මධ්‍යම පළාත
  • දකුණු පළාත 16 – 13 සබරගමුව පළාත
  • බස්නාහිර පළාත 34 – 13 නැගෙනහිර පළාත
  • මධ්‍යම පළාත 13 – 31 දකුණු පළාත
  • සබරගමුව පළාත 17 – 14 නැගෙනහිර පළාත
  • බස්නාහිර පළාත 33 – 06 මධ්‍යම පළාත
  • දකුණු පළාත 32 – 20 නැගෙනහිර පළාත
  • සබරගමුව පළාත 13 – 17 මධ්‍යම පළාත
  • බස්නාහිර පළාත 30 – 12 දකුණු පළාත

අවසන් පූර්ව වටය

  • වයඹ පළාත 34 – 33 දකුණු පළාත
  • ඌව පළාත 13 – 40 බටහිර පළාත

තෙවැනි ස්ථානය 

  • දකුණු පළාත 38 – 28 ඌව පළාත

අවසන් මහා තරගය

  • වයඹ පළාත 9 – 23 බටහිර පළාත

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<