ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු සංචිතයේ ස්ටේන් ඇතුළු ප්‍රබලයින් රැසක්

582

ජුලි 12 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම අද (11) දිනයේ දී නිවේදනය  කරන ලදි.  

අන්තර් පළාත් 19න් පහළ එක්දින තරගාවලිය ලබන සතියේ

යොවුන් ක්‍රීඩකයින් 150කට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ අන්තර්…

දකුණතින් දඟපන්දු යවන ෂෝන් වොන් බර්ග් පළමු වතාවට දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් සංචිතයට කැඳවා ඇති අතර ආබාධයකට ලක්ව සිටි දකුණතින් වේගපන්දු යවන ඩේල් ස්ටේන් නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් එක්ව ඇත. එසේම හෙයින්රිච් ක්ලාසෙන් පළමු වරට දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

ජූලි මස 12 වැනිදා සිට අගෝස්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් හා එක් විස්සයි – විස්ස තරගයක් ඇතුළත් වේ. මේ වසර මුල දී ඉන්දීය කණ්ඩායම සමඟ කේප්ටවුන් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඩේල් ස්ටේන් පාදය ආශ්‍රිතව (විලුඹේ) ඇතිවූ යම් ආබාධ තත්වයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියේය. එම තරගයේ දී ඩේල් ස්ටේන් පන්දුවාර 17යි පන්දු 3ක් ක්‍රියාත්මක කළේ ලකුණු 51කට ඉන්දීය ප්‍රබල කඩුලු 2ක් දවා ගනිමිනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගන්නා ලද ශෝන් පොලොක්ගේ (කඩුලු 421) වාර්තාව බිඳ හෙලීමට ස්ටේන් හට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 3ක් පමණි.  එබැවින් ස්ටේන් හට මේ ටෙස්ට් තරගාවලිය ඉතාමත් සුවිශේෂී වනු ඇත.

ශ්‍රී ලංකා A කණ්ඩායම කාර්යය බහුල වන ලකුණු

සිව් දින තරග හතරක් හා එක්දින තරග තුනක් සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම මේ මස අවසානයේ බංගලාදේශය…

මෙම තරගාවලිය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙක් වන ෆෆ් ඩියු ප්ලේසිස් හට හිමිව තිබේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ගාලු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ  පැවැත්වෙන අතර කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. එහි සියලුම තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය: ෆෆ් ඩියු ප්ලේසිස් (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩී කොක්, තෙවුනිස් ඩී බ්‍රයන්, ඩීන් එල්ගාර්, හෙයින්රිච් ක්ලාසෙන්, කේශව් මහරාජ්, එයිඩ්න් මැක්රම්, ලුන්ගි නිගිඩි, වර්නෑන් පිලෙන්ඩර්, කගිසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි, ඩේල් ස්ටේන්, ෂෝන් වොන් බර්ග්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<