ඉම්රාන් තාහීර් හා ක්‍රිස් මොරිස් නැතුව දකුණු අප්‍රිකානුවන් මෙරටට

856

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් සති කිහිපයක් ඉතිරිව තිබිය දී ම මෙරටට පැමිණෙන දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් සංචිතය අද (18) නිල වශයෙන් නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු සංචිතයේ ස්ටේන් ඇතුළු ප්‍රබලයින් රැසක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා වන ලින්ඩා සොන්ඩි මේ සංචිතය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරමින් පවසා සිටියේ මේ සහභාගී වෙන කණ්ඩායමේ ම වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු කරමින් ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන බවයි.

“ලෝක කුසලානයට යන්න කලින් පුළුවන් තරම් ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ, ඒ තුළින් ප්‍රතිවාදීන්ව මනාව හඳුනා ගැනීමට හා අපේ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් තවදුරටත් සංවර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම දේශීය ක්‍රිකට් තරගවල දී ද හොඳින් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් දෙතුන් දෙනකුත් අපි මේ සංචිතයට ඇතුලත් කරා. එය අපේ ක්‍රිකට් අනාගතයට වගේම ඔවුන්ගේ අනාගතයටත් හොඳ වෙයි කියලා මම හිතනවා.” යැයි එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ලින්ඩා සොන්ඩි මහතා පැවසීය.

වයඹ අභිබවා උතුර පෙරට එද්දී බ. උතුරට පළමු තැන

දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් හා එක් විස්සයි විස්ස තරගයකින් සමන්විත වන අතර තරගාවලිය ලබන මස 12 වැනිදා ආරම්භ වේ. එහි එක්දින තරග ජූලි මස 29 වැනිදා ආරම්භ වන අතර එම සංචිතය සඳහා ඉම්රාන් තාහීර්ව විවේක ගන්වා ඇත. එසේම දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් මොරිස් ඔවුන්ගේ කිසිදු තරග සංචිතයක් සඳහා ඇතුළත් කර නොමැත්තේ ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව අතට හැරී නොමැති නිසාවෙනි.

“ඉම්රාන් තාහීර් තමා ලෝක කුසලානෙ දී අපිට ඉන්න හොඳම දඟපන්දු යවන්නා, එකේ කිසිම සැකයක් නෑ. නමුත් අපි ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා කේශව් මහරාජ්, තබ්‍රයිස් ශම්සිව ඇතුළත් කළා.” තාහීර්ව විවේක ගැන්වීම පිළිබඳ සොන්ඩි මහතා එසේ පැවසීය.

දකුණු අප්‍රිකා එක්දින සංචිතය: ෆෆ් ඩියු ප්ලේසිස් (නායක), හෂීම් අම්ලා, ජුනියර් දලා, ක්වින්ටන් ඩී කොක්, ජේ. පී. ඩුමිනි, ඩේවිඩ් මිලර්, එයිඩ්න් මැක්රම්, රිසා හෙන්ද්‍රිකස්, හෙයින්රිච් ක්ලාසෙන්, කේශව් මහරාජ්, වියාන් මුල්ඩර්, ලුන්ගි නිගිඩි, වර්නෑන් පිලෙන්ඩර්, කගිසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි, ඇන්ඩි පෙහෙලුකවායෝ.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන 2018

  • ජූලි 4: දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම
  • ජූලි 7-8: දෙදින පුහුණු තරගය, පී. සරා ඕවල් පිටිය
  • ජූලි 12-16: පළමු ටෙස්ට් තරගය ගාල්ල
  • ජූලි 20-24: දෙවන ටෙස්ට් තරගය කොළඹ
  • ජූලි 26: එක්දින පුහුණු තරගය
  • ජූලි 29: පළමු එක්දින  තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා තරගය)

ICC චෝදනාව චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කරයි

  • අගෝස්තු 1: දෙවන එක්දින තරගය රංගිරි දඹුලු ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)
  • අගෝස්තු 5: තෙවන එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය (දිවා තරගය)
  • අගෝස්තු 8: සිව්වන එක්දින තරගය  (දිවා/රාත්‍රී තරගය)
  • අගෝස්තු 12: පස්වන එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය  (දිවා/රාත්‍රී තරගය)
  • අගෝස්තු 14: එකම විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී තරගය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<