වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් නායකයා මාරු කරයි

943

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන මාසයේ ආරම්භ වන එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ.

“ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් නායකත්වයේ කටයුතුවලින් ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.

දශක 4ක ක්‍රිකට් අභිමානය බිංදුවට බැස්සවූ ‘මාර පරාජය’

ලෝක සිතියමේ පැන්සල් තුඩකින් වැසිය හැකි තරමේ පුංචි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අභිමානයෙන් කතා කළ හැකි දෙයක් පැවතියේ නම් ඒ ‘ක්‍රිකට්’ පමණි. ගෙවී ගිය සැප්තැම්බර් 17 වැනි…

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානයෙන් පහර කා පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වුණු අසාර්ථක ආසියානු කුසලානයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

මෙම වසර ආරම්භයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකයා ලෙස නම් කළ අතර ඉන් සති දෙකකට පමණ පසුව ආබාධයක් නිසා ඔහුට බංගලාදේශයේ පැවති තුන්කොන් තරගාවලිය අහිමි වූ අතර එම තරගවලියේ නායකයා ලෙස චන්දිමාල් කටයුතු කරන ලදි.

2012 වසරේ සිට ඇන්ජෙලෝ නායකත්වය දැරූ එක්දින තරග 106න් තරග 49ක ජය ශ්‍රී  ලංකාවට හිමිවී ඇති අතර තරග 51ක් පරාජය වී තිබේ.

ශ්‍රී ලංකාවේ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සත් වතාවක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇති අතර ඉන් තරග පහක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<