ගෙවුණු දවස මාර්තු 2 – තිරිමාන්න කලකට පසු 20-20 දස්කම් දක්වයි

533

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

ලසිත් කෲස්පුල්ලේගෙන් ශතකයක්

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ අශාන් ප්‍රනාන්දුගේ ද්විත්ව ශතකයත්, ලසිත් කෘෘස්පුල්ලේගේ ශතකයත් හේතුවෙන් ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සුහද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ ඊයේ (02) සමත් වූහ.

ද මැසිනොද් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 342 (71.3): ක්‍රිශාන් සංජුල 170, මිතිල ගීත් 37, නිම්න ප්‍රනාන්දු 66, පසිඳු උස්හෙට්ටි 3/100, නවීන් ප්‍රනාන්දු 2/82

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 139 (38.2): රොෂේන් ප්‍රනාන්දු නොදැවී 60, අසිත සිල්වා 3/33, මිතිල ගීත් 5/55, මාක් මතායස් 2/21

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 411 (76.0) ලසිත් කෘෘස්පුල්ලේ 102, අශාන් ප්‍රනාන්දු 203, රොෂේන් ප්‍රනාන්දු 65, රොමාල් ප්‍රනාන්දු 2/160, ක්‍රිශාන් සංජුල 2/11

සම්පූර්ණ වාර්තාව: අශාන් සහ ලසිත් මැසිනොද් ක්‍රීඩකයන්ට එරෙහිව දැවැන්ත ඉනිමක් ගොඩ නගයි


සහෝදරයින්ගේ සටනේ පළමු දිනයේ දී අර්ධ ශතක 3ක්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 84 වන සාන්තුවරයන්ගේ මහා සටන ඊයේ (02) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ විය.

මෙවරත් ඩයලොග් සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන සාන්තුවරයන්ගේ සටනේ කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලයීය නායක සන්තුෂ් ගුණතිලක පී. සරා ඕවල් තණතීරුව මත පළමුව පන්දුව යැවීමට තීරණය කළේය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම  – 195 (53.2): ජෙහාන් ඩැනියල් 93, රෙවාන් කෙලී 19, දිනෙත් ජයකොඩි 17, සචින් සිල්වා 2/20, කනිශ්ක මදුසංක 2/41, මොහොමඩ් අමීන් 2/71.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 190/6 (40): ශලිත් ප්‍රනාන්දු 58, රන්මිත් ජයසේන 55, ප්‍රබාසර හේරත් 17*, අශේන් ඩැනියල් 2/40, දුනිත් වෙල්ලාලගේ 2/49.

සම්පූර්ණ ලකුණු සටහන: පළමු දිනයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලයට


අන්තර් සමාජ 20-20 තවත් තරග රැසක් ප්‍රතිඵලයක් සහිතව නිමා වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතයට දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (02) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

ගාලු ක්‍රිකට් සමාජය ලන්කන් ක්‍රිකට් සමාජට එදිරිව ලකුණු 15ක ජයක් හිමි කර ගත් මෙම තරගය එන්. සී. සී පිටියේ දී නිමා විය. ගාලු ක්‍රිකට් සමාජයේ හර්ෂ රාජපක්ෂ ලකුණු 48යි. රාගම ක්‍රිකට් සමාජයේ නායක ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 45*ක් ලබාගෙන  පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජයට පත්කිරීමට සිය දායකත්වය ලබා දෙන ලදි.

සම්පූර්ණ වාර්තාව: කලකට පසු තිරිමාන්න විස්සයි විස්ස හොල්ලයි; ජය රාගමට