ආසියානු කුසලානය සඳහා කාන්තා සංචිතයේ නැවතත් වෙනස්කම්

320
Hasini Perera

එළඹෙන නොවැම්බර් 25 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට, තවමත් 21 වැනි වියේ පසුවන හසිනි පෙරේරා පත්කොට ඇත.

එංගලන්ත කාන්තා පිළට තෙවැනි එක්දින තරගයෙනුත් විශිෂ්ට ජයක්

ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ තුන්වැනි එක්දින තරගයේදී ද පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරඟාවලියේ මූලික සංචිතය පවා නියෝජනය නොකළ හසිනි, දැනට පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමට එරෙහි තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකාරිනියන් කිහිපදෙනා අතර ස්ථානගත විය. එහිදී ශ්‍රී ලංකාව පසුවන්නේ 3-0ක් ලෙස පසුපසිනි.

එශානි ලොකුසූරිය, යශෝධා මෙන්ඩිස් සහ උදේශිකා ප්‍රබෝධිනී නැවතත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් ව ඇත්තේ චමරී පොල්ගම්පොල හා අචිනි කුලසූරිය ගේ ස්ථාන වලටයි.

එංගලන්ත කණ්ඩායමට එරෙහි තරඟාවලියේදී ශ්‍රී ලංකා නායකත්වය හෙබවූ ඉනෝකා රණවීර, සංචිතයේ තම ස්ථානය රැකගැනීමට සමත්ව ඇති නමුත් නායකත්වයේ වගකීම්වලින් ඉවත්වීමට ඈට සිදුව ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලියේදී ශ්‍රී ලංකා නායකත්වය දැරූ චමරී අතපත්තුගේ නියෝජනය ද තවදුරටත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලැබෙනු ඇත.

සංචිතය.

  • හසිනි පෙරේරා (නායක)
  • ප්‍රසාදිනී වීරක්කොඩි (උ.නායක)
  • චමරි අතපත්තු
  • ශ්‍රීපාලි වීරක්කොඩි
  • සුගන්ධිකා කුමාරි
  • ඩිනාලි මනෝධරා
  • නිලක්ෂි සිල්වා
  • නිපුනි හංසිකා
  • ඉනෝකා රණවීර
  • ඕෂදී රණසිංහ
  • එශානි ලොකුසූරිය
  • යශෝධා මෙන්ඩිස්
  • හන්සිමා කරුණාරත්න
  • අමා කාංචනා
  • උදේශිකා ප්‍රබෝධිනී

ආදේශනය සඳහා,

  • ඉනෝෂි ප්‍රනාන්දු
  • ලසන්තා මධුශානි
  • අනුෂ්කා සංජීවනී
  • මල්ෂා ෂෙහානි   

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට