84 වැනි සාන්තුවරයන්ගේ සටනේ වීරයා ජෙහාන් ඩැනියල්

1096

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ 84 වන සාන්තුවරයන්ගේ මහා සටන අද (3) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී 62 වන වරටත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. මෙම තරගයේ දී ජෙහාන් ඩැනියල්, ශලිත් ප්‍රනාන්දු, දිනෙත් ජයකොඩි හා රුවින් සෙනෙවිරත්න හා ලක්ෂාන් ගමගේ වැඩි දස්කම් අතරට පිවිසියේය.

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 190ක් ලබාගෙන සිටියේ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 5ක පසුපසින් සිටිමිනි.

පළමු දිනයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලයට

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන .

ප්‍රබාසර හේරත් හා කනිශ්ක මදුවන්ත එක්ව 7 වන කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 57ක සබඳතාවය නිසාවෙන් සාන්ත ජෝසප් විද්‍යාලයීය පළමු ඉනිම අභිබවා යාමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය. දැකුම්කළු 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගෙන සිටි ප්‍රබාසරව දවා ගැනීමට ලක්ෂාන් ගමගේ සමත් ව

දකුණතින් මඳ වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ ප්‍රමුඛ සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්නන් සාන්ත පීතර විද්‍යාලයීය අවසන් කඩුලු 3 ලකුණු 26කට දවා ගත්තේ සාන්ත පීතර පළමු ඉනිම පළමු ඉනිම ලකුණු 244කට සීමා කරමිනි.

ප්‍රතිවාදී සාන්ත ජෝසප් විද්‍යාලය සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූයේ ලකුණු 49ක අවාසියක් ද සහිතව වුවත්, ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගල වන ජොහේන් ද සිල්වා හා රෙවාන් කෙලී ලකුණු 43ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලබාගෙන සිටියේ සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 13ක් ඉදිරියෙන් පසුවෙමිනි.  

කනිශ්ක මදුවන්තගේ පන්දුවකට ලකුණු 35ක් ලබාගෙන සිටි නිපුන් සුමනසිංහ ක්‍රීඩාගාරයට හැරී යන විට සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 101ක් ලබාගෙන සිටියේය.

’97 නිදහස් කුසලානයේ සොඳුරු මතකයන්

නිදහස් කුසලානය… මෙය කනට හුරු නාමයකි. කාටද? යන එන අතරමගදී පොකට් රේඩියෝව කන .

සාන්ත ජෝසප් පළමු ඉනිමේ දී නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 93ක් ලබාගත් ජෙහාන් ඩැනියල් දෙවන ඉනිමේ දී රුවින් සෙනෙවිරත්නගේ පන්දුවකට සුලක්ෂණ ප්‍රනාන්දු හට උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. අනතුරුව පිටියේ එක්වූ සචින්ත මහින්දසිංහ හා දිනෙත් ජයකොඩිගේ සබඳතාවය ලකුණු 16කට සීමා වූයේ රුවින් සෙනෙවිරත්න සිය තෙවන කඩුල්ල ලෙස සචින්තව දවා ගැනීම නිසාවෙනි. ලක්ෂාන් ගමගේ හටද සාර්ථක වීමට නොහැකි විය. අනතුරුව තරගය තේ පානය සඳහා නවතා දමන විට සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 97ක් පෙරමුණේ පසුවිය.

තේ පානයෙන් පසුව ක්‍රියාත්මක වූ පන්දුවාර කිහිපය තරගය ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාලයට තිබූ බලාපොරොත්තු යම්තාක් මට්ටමකට දුරස් වූයේ දිනෙත් හා දුනිත් වෙල්ලාලගේ 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ නිසාය.  එහි දී දුනිත්  ලකුණු 44කට දැවී ගියේය. නොදැවී ක්‍රීඩා කළ දිනෙත් ජයකොඩි ලකුණු 55*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. අනතුරුව ඔවුන් සිය දෙවන ඉනිම අත්හිටු වූයේ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 189ක ඉලක්කයක් හිමි කර දෙමිනි. පන්දු යැවීමේ දී රුවින් සෙනෙවිරත්න කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

දිනය අවසන් වීමට තවත් පන්දුවාර 15ක් ඉතිරිව තිබූ මොහොතේ පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය පළමු පන්දුවේ සිටම වේගවත් පිතිකරණයක නිරත වූ අතර සන්තුෂ් ගුණතිලක ලකුණු 39කට දැවී යාමත් සමඟින් තරගය අවසන් විය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 195 (53.2): ජෙහාන් ඩැනියල් 93, රෙවාන් කෙලී 19, දිනෙත් ජයකොඩි 17, සචින් සිල්වා 2/20, කනිශ්ක මදුසංක 2/41, මොහොමඩ් අමීන් 2/71.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 244 (60): ශලිත් ප්‍රනාන්දු 58, රන්මිත් ජයසේන 55, ප්‍රබාසර හේරත් 38 , ලක්ෂාන් ගමගේ 4/62, අශේන් ඩැනියල් 2/41, දුනිත් වෙල්ලාලගේ 2/49.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 237/8 (83): දිනෙත් ජයකොඩි 55*, දුනිත් වෙල්ලාලගේ 44, නිපුන් සුමනසිංහ 35, ජොහේන් ද සිල්වා 33, රුවින් සෙනෙවිරත්න 4/62.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 57/1 (9.2): සන්තුෂ් ගුණතිලක 39, ජෙහාන් ඩැනියල් 1/25.

  • තරගයේ වීරයා – ජෙහාන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතාම පිතිකරු – ශලිත් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – ලක්ෂාන් ගමගේ (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – ප්‍රබාසර හේරත් (සාන්ත පීතර විද්‍යාලය)ච
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<