ක්‍රීඩා ඇමති හරීන්ගෙන් තවත් දැඩි තීන්දුවක්!

60
Sport Minister

ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට විධායක කමිටු සාමාජිකයෙකු ලෙස හෝ එහි කිසිදු පරිපාලන කටයුතුවලට සහභාගි වීමට නොහැකි වන ලෙස තාවකාලික තහනමක් පනවා තිබේ. 

ඒ ක්‍රීඩා පනතේ 39/1 වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ විධානයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශය අපරාජිතව අවසන් පූර්ව වටයට!

මෙවර යොවුන් ආසියානු කුසලානයේ පළමු පරාජයට මුහුණ දීමට අද (10) ශ්‍රී ලංකා පිළට..

හිටපු සභාපති සුමතිපාල මහතාට එරෙහිව සිදු කිරීමට නියමිත විමර්ශනයක් හේතුවෙන් මෙම තාවකාලික තහනම පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවනු ලැබූ ලිපියක වැඩිදුරටත් සඳහන් වන්නේ, පිළියන්දල ක්‍රීඩා සමාජය විසින් 2019 වසරේ අගෝස්තු මස 30 වන දින ගොනු කළ විරෝධතාවක් හේතු කොට ගෙන ක්‍රීඩා පනතේ 39/3 වගන්තිය යටතේ ඉදිරි පියවර ගැනීම වෙනුවෙන් මෙම විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුව විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු හෝ හිටපු සභාපති ලෙස තිලංග සුමතිපාල මහතාට කටයුතු කිරීමට හැකි ද යන්න පිළිබඳව වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරියේ දී ලබා දීමට නියමිතයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම්වරිය ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ නීති නිලධාරිනී ශිරෝමි රණවක මහත්මිය කටයුතු කරන අතර විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි, නීතිඥ එස්. ඩී. ප්‍රියදාස මහතා සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

ත්‍රිපුද්ගල කමිටුව විසින් මාසයක කාලයක් ඇතුළත (සැප්තැම්බර් 9 වැනි දින සිට) අදාළ විමර්ශනය සිදු කර වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දිය යුතු ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<