ඒ 2010 වසරයි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ කප් ගැසූ පුත්තලම දිස්ත්‍රික්කයට අලුතෙන් පාසලක් එක් වූ වසරයි. පාසල මාරවිල සාන්ත සේවියර් විද්‍යාලයයි.
වොලිබෝල් ක්‍රීඩාවට ආරම්භය දී යාන්තම් වසර 7ක් සපිරෙද්දී, සාන්ත සේවියර් විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් ඉතිහාසයේ තමන්ට හිමි තැන ඉතාම ඉක්මනින් හිමි කර ගන්නවා. පාසල් වොලිබෝල් ඉතිහාසය වාර්තාවන්ගෙන් සරසනවා. ඒ ආ ගමන ගැන ThePapare.com තබන සටහනකි මේ.
සාන්ත සේවියර් ක්‍රීඩකයෝ 17න් පහළ ශූරතාවය මාරවිලට රැගෙන යති
හුංගම විජයබා ජාතික පාසල තරග වට 3/0ක් ලෙස පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කරන්නට..
සාන්ත සේවියර් විද්‍යාලයේ ආරම්භය දෙවැනි ලෝක යුද සමය දක්වා වූ ඈතට විහිද යනවා. එකල දෙව්සත්හල සමඟින් මෙම විද්‍යාලය ආරම්භ වෙන්නෙ ප්‍රදේශයේ දුවා දරුවන්ට අකුරු කරන්නට ඈත ප්‍රදේශ කරා යෑමට සිදු වූ දුෂ්කරතාව නිසා කියලයි කියන්නේ. මෙහෙම ආරම්භ කළ විද්‍යාලය 1962 වසරේ දී රජයට පවරා ගන්නවා.
ඊටත් වසර 48කට පසුව තමයි වොලිබෝල් ක්‍රීඩාව සාන්ත සේවියර් විද්‍යාලයේ ආරම්භ වෙන්නේ.

සමන්සිරි සෙනෙවිරත්න පුත්තලම දිස්ත්‍රික්කයෙන් වොලිබෝල් පිටියට දායාද වූ ක්‍රීඩකයෙක්. නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ වසර 10ක් පුරා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. කාල පරාසය 1986 සිට 1995 දක්වා. ජාතික ශූරතා රැසකට හිමිකම් කියූ කණ්ඩායම් කිහිපයකම සාමාජිකයෙක් වූ සමන්සිරිගේ ගමන පූගොඩ ටෙක්ස්ටයිල්ස්, ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ගමනාගමන මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යංශ කණ්ඩායමෙන් අවසන් වෙනවා. එම ගමනේ දී 1988 සහ 1993 වසරවල දී දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් ද 1989 වසරේ දී දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් ද සම්මාන ලබනවා.
Photos : U13 Finals – DSI Supersport Schools Volleyball Championship 2017

කෙසේ වෙතත් සමන්සිරිගේ වොලිබෝල් ජීවිතය ටික කාලයකට මෙරටට අහිමි වුනා. ඒ අවුරුදු ගණනාවක් කොරියන් රටේ සිටි නිසා. එම අවස්ථාවේ තිබූ ආර්ථිකමය ප්‍රශ්න හේතුවෙන් එම තීරණයේ යෙදුණ බවයි සමන්සිරි පැවැසුවේ. නැවත මෙරට පැමිණිය ද සමන්සිරිගේ ආශාව වුනේ වොලිබෝලයම අතට ගැනීමයි. ඒ ක්‍රීඩකයෙක් ලෙසින් නොවේ. පරිණත වූ ක්‍රීඩකයෙක් ලෙසින් ලැබූ දැනුම අනාගත පරපුර වෙත දායාද කරන්න.
13න් පහළ ශූරතා උහන තිස්සපුර සහ සාන්ත සේවියර් විදුහල්වලට
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාවේ මූලාරම්භක පුරුක් දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන තරග..
“ධම්මිස්සර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මම, ධම්මිස්සරේම ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක් ලෙසින් කලක් සේවය කළා. ඒ අතර තමයි සාන්ත සේවියර් විද්‍යාලයේ විදුහල්පති පියල් ජයතිලක පියතුමා මට ආරාධනා කළේ වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ කරන්න ඒ පාසලට එන්න කියලා. ඒ වෙද්දි ධම්මිස්සර විද්‍යාලය වොලිබෝල්වලින් ඉතා ඉහළ දක්ෂතා දක්වන පාසලක් බවට පත්වෙලා තිබුණේ. මගෙත් කැමැත්තක් තිබුණා අලුතෙන්ම ආරම්භ කරන තැනක වැඩ කරන්න. ඒ නිසා මම ඒ ආරාධනාව පිළිගෙන සාන්ත සේවියර් විද්‍යාලයට ආවා.” සමන්සිරි සෙනෙවිරත්න මහතා නැවත අතීතය සිහිපත් කළා.
සාන්ත සේවියර් විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ කර යාන්තම් අවුරුදු 3ක් ගත වෙද්දී, අමාරුවෙන් රෝපණය කළ බීජයේ ඵල නෙළා ගැනීමට ඔවුන් සමත් වෙනවා. ඒ 2013 වසරේ. ඔවුන් පළමුවරට පාසල් වොලිබෝල් තරගාවලියක් සඳහා සහභාගී වෙන්නේ ද එම වසරේ දී ජාතික පාසල් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති වොලිබෝල් තරගාවලියට. අවුරුදු 3ක් පුරා ඉතා වෙහෙසකර ගමනකට පසු සහභාගී වූ මංගල තරගාවලිය වූ ජාතික පාසල් වයස අවුරුදු 15න් පහළ තරගාවලියේ අනු ශූරතාව හිමිවෙන්නේ ඔවුන්ට.
මේ ජයග්‍රහණය සාන්ත සේවියර් විද්‍යාලයට පමණක් නොවේ පුත්තලම දිස්ත්‍රික්කයටම ආඩම්බරයක්. වොලිබෝල් ක්‍රීඩාවෙන් ආධිපත්‍ය පතුරවා සිටින පුත්තලම ක්‍රීඩක ගොන්නට තවත් ක්‍රීඩකයන් පිරිසක් පිවිසීම ඔවුන් දුටුවේ තමන්ගේ ආධිපත්‍ය තවත් ශක්තිමත් වීමක් ලෙසින්. ඒ වගේම ඔවුන් අතර තව තවත් තරගකාරීත්වයක් ඇති කරන්නත් මේ ජයග්‍රහණය හේතු වුනා.
Photos : U17 Finals – DSI Supersport Schools Volleyball Championship 2017

මේ දක්ෂතාත් සමඟින් ගෙවී යන වසරේ (2017) පාසල් වොලිබෝල් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට ඔවුන්ට හැකි වෙනවා. ඒ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 17න් පහළ යන වයස් කාණ්ඩවල දී ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ ශූරතා ත්‍රිත්වය සහ පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ දී වයස අවුරුදු 16න් පහළ සහ 18න් පහළ යන සියලු වයස් කාණ්ඩ ශූරතා එක් වසරක දී දිනා ගනිමින්.
15න් පහළ ශූරතා උහන තිස්සපුර සහ සාන්ත සේවියර් විද්‍යාලවලට
2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ තරග අංශයේ..
ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ දී සාන්ත සේවියර් ක්‍රීඩකයෝ වයස අවුරුදු 13න් සහ 15න් පහළ වයස් කාණ්ඩ ඉසව්වල දී රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජය කරමින් ද, වයස අවුරුදු 17න් පහළ ඉසව්වේ දී හුංගම විජබා විද්‍යාලය ද පරාජය කරනවා. ජාතික පාසල් වොලිබෝල් තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ ඉසව්වේ දී නැවත වතාවක් රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජය කරන ඔවුන්, 16න් පහළ ඉසව්වේ දී වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය පරාජය කරනවා.
>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<
මේ ජයග්‍රහණයන් සමඟින් පසුගිය වසරේ දී සේ ම මේ වසරේ දී ද පාසල් ජාතික වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ සහ 18න් පහළ ශූරතාවන් පිට පිට දෙවැනි වරටත් දිනා ගත් පළමු කණ්ඩායම වෙමින් ද ඔවුන් වාර්තා පොතට එක් වෙනවා.

Photos : U15 Finals – DSI Supersport Schools Volleyball Championship 2017
මේ ගමනේ දී විද්‍යාලයීය විදුහල්පති පියල් ජයතිලක පියතුමා විසින් දක්වනු ලබන සුවිශේෂී දායකත්වය සම්බන්ධයෙන් සමන්සිරි මහතා සිහිපත් කළේ ඉතාම ගෞරවයෙන්. “අපිට පුහුණු කිරීම් පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒත් පියතුමා දක්වනු ලබන සහයෝගය සහ මග පෙන්වීම නැත්නම් අපිට මේ ගමන කවදාවත් එන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සහාය පුහුණුකරු රේගන් රෙගී මහතා ද ක්‍රීඩා භාර ආචාර්ය දමින්ද ජයවර්ධන මහතා ද දක්වනු ලබන සහයෝගය ඉතාම විශිෂ්ටයි. දෙමාපියන් වුනත් ඒ වැනිම සහයෝගයක් විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ලබා දෙනවා. ඔවුන් තමයි එහි වැඩි බරක් කර දරාගෙන ඉන්නේ.”
ගලිගමුව ක්‍රීඩිකාවන්ගේ ආදර්ශය
ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ඕනෑම පාසල් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක, අධ්‍යාපනයේ සහ..
පාසල් වොලිබෝල් ඉතිහාසයේ ඉතාම කෙටි කාලයක දී සාන්ත සේවියර් විද්‍යාලය තැබූ මේ යෝධ පිම්ම හෙට දිනයේ දී ජාතික වොලිබෝල් පිටියට ද ලැබෙනු නියතයි. ඒ වෙනුවෙන් මේ දක්ෂතා දැක්වූ අංකුර ක්‍රීඩකයෝ පෙළ ගැසී සිටිනවා.

නමුත් ඔවුන් වෙත ලැබෙන තරග ප්‍රමාණවත් නැති බවකුයි කියැවෙන්නේ. එමෙන්ම තරග කැලැන්ඩරය ද නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ද ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගොනු වීමට බාධාවක් වී ඇති බවක් පවසනවා. මේ තත්ත්වයන් හී වෙනස් වීමක් මේ ක්‍රීඩකයෝ බලාපොරොත්තු වන්නේ හෙට දිනයේ දී වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ද ජය ගැනීම ඔවුන්ගේ සිහිනයක්ව පවතින නිසා.
ThePapare.com අප ද ඔවුන්ගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරන්නේ අද දිනයේ රටට සම්පතක් වූ ඔවුන් හෙට දිනයේ ලෝකය ද ජය ගනු ඇතැයි සිතනා බැවිනුයි.

























