Home Sinhala ඇතුගල්පුර 24 වැනි එක්දින සටන ‘සාන්ත ආනා’ නමින් ලියැවෙයි

ඇතුගල්පුර 24 වැනි එක්දින සටන ‘සාන්ත ආනා’ නමින් ලියැවෙයි

384
Maliyadeva

ඇතුගල්පුර ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර පැවති 24 වැනි එක්දින ක්‍රිකට් ගැටුමෙන් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගැනීමට සාන්ත ආනා ක්‍රීඩකයෝ සමත් වූහ.

ඊයේ (24) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වූ අතර කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

සුරතලුන්ගේ එක්දින තරගයේ ජය සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය…

ඒ අනුව දැඩි මන්දගාමීත්වයක් පෙන්නුම් කළ වෙලගෙදර තණ තීරුවේ, සාන්ත ආනා ඉනිම පන්දුවාර 49 පන්දු 4කට සියල්ලන් දැවී ලකුණු 168කට සීමා විය.

සාන්ත ආනා ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ පිතිකරුවා වෙමින් පසිඳු තෙන්නකෝන් පන්දු 105කින් ලකුණු 45ක් ලබා ගත්තේය. මීට අමතරව කවිඳු ඒකනායක පන්දු 35කින් ලකුණු 32ක් සහ පිවිතු ප්‍රනාන්දු පන්දු 53කින් ලකුණු 29ක් ලබා ගනිමින් සාන්ත ආනා ඉනිම ශක්තිමත් කළහ. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව පසුකර යාමට මලියදේව පන්දු යවන්නන් ඉඩ සැලසූවේ නැත.

Photos: Maliyadeva College vs St. Anne’s College | 24th One Day Encounter

මලියදේවය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසිඳු තෙන්නකෝන් ලකුණු 36කට කඩුලු 3ක් සහ මදුරංග නවීන් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්හ. මීට අමතරව පන්දුවාර 9ක් යොමු කර ලකුණු 24කට කඩුලු 2ක් දවා ගැනීමට ජයමින් මුතුකුමාරණ සමත් විය.

ඒ අනුව ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට මලියදේවයන් පිටියට පිවිසි අතර මලියදේව විද්‍යාලයේ ආරම්භක පිතිකරු බ්‍රයන් කරුණානායක පන්දු 81කට මුහුණ දී ලකුණු 34ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු 30 සීමාව පසුකර ගියේ නැත. විදිත බටපොල සිය විද්‍යාලය වෙනුවෙන් ලකුණු 24ක් සහ ජයමින් මුතුකුමාරණ ලකුණු 22ක් රැස් කළේය.

සුමංගල ක්‍රීඩකයෝ තෙවන වතාවටත් මොරටුව තණතිල්ලේ ජයකෙහෙළි නංවති

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය..

කෙසේ වෙතත් මලියදේවයන්ගේ දැඩි උත්සහය සහ සාන්ත ආනා පන්දු යවන්නන්ගේ පාලනයකට නතු කර ගත් පන්දු යැවීම හේතුවෙන් තරගය අවසන් පන්දුවාරය තෙක් දිග් ගැස්සුණු අතර ජයග්‍රහණයට ලකුණු 6ක් ඉතිරිව තිබිය දී මලියදේවයන්ගේ අවසන් කඩුල්ල වූ පසිදු තෙන්නකෝන් දුවද්දි දවා ගැනීමකට හසුකර ගන්නා ලදි.

ඒ අනුව මලියදේව විද්‍යාලය පන්දුවාර 49යි පන්දු 2ක් තුල ලකුණු 162කට සීමා වූ අතර කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට 24 වැනි ඇතුගල්පුර සටනින් ලකුණු 6ක තියුණු ජයක් හිමි විය.

සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිඳු ඒකනායක ලකුණු 36කට කඩුලු 4ක් ද, පසිදු තෙන්නකෝන් ලකුණු 34කට කඩුලු 2ක් ද සහ කලිඳු විජේසිංහ ලකුණු 16කට එක් කඩුල්ලක් බැගින් දවා ගත්හ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


St. Anne’s College
168/10 (49.4)

Maliyadeva College
162/10 (49.2)

Batsmen R B 4s 6s SR
Kavindu Ekanayeka c & b Muditha Premadasa 32 35 1 1 91.43
Risitha Perera c Chaluka Ajhadaththu b Maduranga Naveen 19 38 5 0 50.00
Sulashana Madusitha c & b Maduranga Naveen 3 16 0 0 18.75
Lasith Warnakulasooriya b Muditha Premadasa 23 40 3 0 57.50
Pasindu Thennakoon run out () 45 102 2 0 44.12
Kavindu Ranasinghe c & b Viditha Batepola 2 5 0 0 40.00
Creshantha Priyathilaka c Muditha Premadasa b Chaluka Ajhadaththu 1 4 0 0 25.00
Pivithu Fernando st Muditha Premadasa b Pasindu Thennakoona 29 53 2 0 54.72
Thrimalsha Silva c Supun Sumanarathna b Pasindu Thennakoona 2 4 0 0 50.00
Maayaas Muzammil c Kaveen Bandara b Pasindu Thennakoona 1 2 0 0 50.00
Kalindu Wijesingha not out 0 0 0 0 0.00


Extras 11 (b 2 , lb 0 , nb 1, w 8, pen 0)
Total 168/10 (49.4 Overs, RR: 3.38)
Bowling O M R W Econ
Viditha Batepola 7 0 19 0 2.71
Brian Karunanayaka 2 0 16 0 8.00
Pasindu Thennakoona 8.4 0 36 3 4.29
Chaluka Ajhadaththu 10 0 17 1 1.70
Jayamin Muthukumarane 9 0 24 2 2.67
Kaveen Bandara 4 0 13 0 3.25
Maduranga Naveen 9 0 41 3 4.56


Batsmen R B 4s 6s SR
Supun Sumanarathna c Kalindu Wijesingha b Sulashana Madusitha 20 39 1 1 51.28
Brian Karunanayaka c & b Kavindu Ekanayeka 34 81 3 0 41.98
Muditha Premadasa c & b Kavindu Ekanayeka 18 33 1 0 54.55
Jayamin Muthukumarane c & b Kavindu Ekanayeka 22 32 3 0 68.75
Kaveen Bandara lbw b Pasindu Thennakoon 4 5 1 0 80.00
Chaluka Athapaththu st Creshantha Priyathilaka b Pasindu Thennakoon 4 4 0 0 100.00
Viditha Batepola b Pasindu Thennakoon 24 36 3 0 66.67
Nisanjaya Hettiarachchi run out (-Select-) 11 25 0 0 44.00
Gayantha Wickramaarachchi b Kalindu Wijesingha 11 22 0 0 50.00
Maduranga Naveen not out 6 18 0 0 33.33
Pasindu Thennakoona run out () 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 162/10 (49.2 Overs, RR: 3.28)
Bowling O M R W Econ
Lasith Warnakulasooriya 10 1 34 0 3.40
Risitha Perera 3 1 10 0 3.33
Sulashana Madusitha 8 1 19 1 2.38
Kalindu Wijesingha 5.2 0 16 1 3.08
Pasindu Thennakoon 9 1 34 2 3.78
Kavindu Ekanayeka 10 1 36 4 3.60
Kavindu Ranasinghe 3 0 10 0 3.33
Maayaas Muzammil 1 0 2 0 2.00