නව රග්බි පුහුණුකරුවෙකු අවශ්‍ය කර තිබේ!

128

එළඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී සහභාගී වීමට නියමිත අන්තර්ජාතික සත් සාමාජික තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමට නව පුහුණුකරුවෙකු බඳවා ගැනීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය කටයුතු කරමින් සිටියි.

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවක්….

සහය පුහුණුකරු නිකොලස් ග්රූබ් සහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා සත් සාමාජික පුහුණුකාරීත්වයෙන් ඉවත් වීමට සිදු විය. එතැන් පටන් අද දක්වා ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයට කිසිදු පුහුණුකරුවෙකු බඳවා ගෙන නැත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ උපසභාපති රිස්ලි ඉල්යාස් මහතා ThePapare.com වෙත පැවසුවේ,

“ආසියානු සත් සාමාජික තරග සඳහා වන ජාතික කණ්ඩායමේ පුහුණුකරු සම්බන්ධයෙන් අපි පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළා, ඔවුන්ගේ පෞද්ගලික හේතූන් නිසා ඔවුන්ව බඳවා ගැනීමට අපට නොහැකි වුනා, ජාතික පහළොස් දෙනාගේ කණ්ඩායම (ජාතික සංචිතය) පුහුණුකර ඇති මැට් ලී සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා, ඔහු ප්‍රවීණයෙකු නොවුනත් ඔහුට හැකි වුනා නවකයින්ගෙන් සැදුම්ලත් ජාතික 15 දෙනාගේ සංචිතය මවුබිමෙන් පිට දී විදේශ රටකට එරෙහිව ජයග්‍රහණයක් කරා පුහුණුකරවන්න.”

යුද හමුදාවට නව රග්බි පුහුණුකරුවෙක්

පසුගිය වසරේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් “වයිපර්” ගුණරත්න CH&FC කණ්ඩායම….

එසේම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ප්‍රවීණ සත් සාමාජික පුහුණුකරුවෙකු වන බෙන් ගොල්ලින්ග්ස් මහතාගෙන් ද මේ පිළිබඳව විමසා ඇති අතර ඔහු ද පෞද්ගලික හේතූන් නිසා මේ සඳහා සම්බන්ධ වීමට නොහැකි බව පවසා ඇත. 2013 වසරේ ශ්‍රී ලංකාව ආසියාවේ තෙවැනි ස්ථානයට පත්වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ගොල්ලින්ග්ස් මහතායි.

එසේම දැනට ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මැට් ලී, මෙම තනතුර සඳහා තේරීපත් වීමට වැඩි සම්භාවිතාවක් පවතී. මැට් ලීට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ගැන ඉතා හොඳ දැනුමක් සහ ඔවුන්ගේ දක්ෂතා ගැන හොඳ අවබෝධයක් තිබෙන බව රිස්ලි ඉල්යාස් මහතාගේ අදහසයි.

මැට් ලීගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව පිලිපීනයට එරෙහිව ලකුණු 39-22ක් ලෙස පරාජය වුවද චීන තායිපේ කණ්ඩායම හමුවේ ලකුණු 71-17ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ලීග් ශූරතාව කරා CH රැගෙන යන්න ප්‍රබලයින් දෙදෙනෙක් සංචිතයට

කලක් අන්තර් සමාජ රග්බි පිටියේ අවසන් ස්ථාන කිහිපය අතර සිටි CH&FC කණ්ඩායම නිමා වූ වසරේ….

පසුගිය ආසියානු සත් සාමාජික තරගාවලියේ දී ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර පසුගිය වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.

පසුගිය වසරේ සත් සාමාජික තරග වාරය අවසානයේ දී ආසියාවේ තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19-07ක් වශයෙන් පිලිපීනයට හමුවේ පරාජය වූ නිසාවෙන් 4 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතය පසුගිය මස 8 කාලය තුල කිසිදු තරගයක් ක්‍රීඩා කර නොමැති අතර ශ්‍රී ලංකා රග්බි සම්මේලනය හැකි ඉක්මනින් හොඳ පුහුණුකරුවෙකු සොයාගත යුතුව ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<