IPL ඉතිහාසයේ හොඳම පන්දු ‍යවන්නා මාලිංග

661

VIVO IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වන සංවත්සරය වෙනුවෙන් එම තරගාවලියේ සර්වකාලීන ශ්‍රේෂ්ඨයන් තේරීමක් පසුගියදා සිදු කෙරිනි. එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ‘ශ්‍රේෂ්ඨතම පන්දු ‍යවන්නා’ ලෙස ලසිත් මාලිංග නම් කෙරිනි. 

2020 IPL ශ්‍රී ලංකාවේ?

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ලොව….

චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා එම තරගාවලියේ හි ‘සර්වකාලීන ශ්‍රේෂ්ඨතම නායකයින්’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 

දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ඒ. බී. ඩි විලියර්ස් පිතිකරණ කාණ්ඩයේ ‘සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පිතිකරුවා’ ලෙස නම් කෙරුනු අතර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් එහි ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නම් කෙරිනි. 

මෙම ක්‍රීඩක ලැයිස්තුව තෝරාගනු ලැබුවේ Star Sports හි ක්‍රිකට් සම්බන්ධයෙන් නම් කළ විශේෂඥ ජූරි සභාවක් විසිනි. 

තරග 177ක දී ලකුණු 5412ක් රැස්කර ගනිමින් හා ලකුණු 37.84ක සාමාන්‍යයක් වාර්තා කරමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කර ගත් ක්‍රීඩකයා ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සහ ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කෝලි එහි ‘ශ්‍රේෂ්ඨතම ඉන්දීය පිතිකරුවා’ ලෙස තේරී පත්විය. 

මෙම නම් කළ ජූරි සභාව ශ්‍රේෂ්ඨතම නායකයා සොයා ගැනීමට දෙකට බෙදී ගියේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවති වාර 11න් වාර 10ක දීම චෙන්නායි කහ හමුදාව හෙවත් Yellow Army අවසන් පූර්ව වටය දක්වා ගෙන යාමේ වගකීම දෝනි විසින් දරනු ලැබිනි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වාර 7ක දී නායකත්වය දැරූ රෝහිත් ශර්මා ඉන් වාර 4 දීම ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එම දක්ෂතා සැලකිල්ලට ගත් ජූරි සභාව තීරණය කළේ වඩාත්ම සාර්ථක නායකයා ලෙස ඔවුන් දෙදෙනාම නම් කිරීමටය. 

පුහුණුකරුගේ කාණ්ඩය තුළ චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ජයග්‍රාහකයා බවට පත්වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් හි ට්‍රෙවර් බේලිස් සුළු පරතරයකින් පරාජය කරමිනි. 

පන්දු යවන්නන් අතර මුම්බායි ඉන්දියන්ස් වේගපන්දු තුරුම්පුව වන ලසිත් මාලිංග, තරග 122ක දී කඩුලු 170ක් දවාගෙන ඇති අතර ඔහු ඒකමතිකව ‘ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා’ බවට පත්විය. වන්කඩේ ක්‍රීඩාංගනය තුළ මාලිංගගේ දක්ෂතාවය හා ස්ථාවරත්වය මේ සඳහා ඉවහල් විය. 

මෙම ජූරි සභාව සාමාජිකයින් 50 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් (20), ජ්‍යෙෂ්ට ක්‍රීඩා මාධ්‍යවේදීන් (10), සංඛ්‍යාලේඛන විශේෂඥයන් සහ විශ්ලේෂකයින් (10), ක්‍රීඩා විකාශකයින් (7) සහ විස්තර විචාරකයන් (3) ඇතුළත් විය. ඔවුන් සෑම කාණ්ඩයකටම අදාල හොඳම ක්‍රීඩකයින් 10 දෙනාගේ ලැයිස්තුවක් තෝරාගත් අතර ‘ශ්‍රේෂ්ඨතම නායකයා’ සහ ‘පුහුණුකරු’ යන කාණ්ඩ යටතේ 5 දෙනෙකු බැගින් තෝරාගෙන තිබිනි. 

IPL ගැන සංවිධායකයින් අවසන් තීරණයකට!

ඉන්දියාව තවදුරටත් වසාදැමීමකට යොමුවීමත් සමඟින් අප්‍රේල් 15 වැනිදා….

සාමාජිකයන් 50 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ ඡන්දය පදනම් කරගෙන නම් 3 කින් යුත් කෙටි ලැයිස්තුවක් තෝරාගත් අතර එය හිටපු කොල්කටා නයිට් රයිඩර්ස් නායක හා දෙවරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කළ ගෞතම් ගාම්භීර්, එංගලන්ත හිටපු නායක හා විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ පිතිකරු කෙවින් පීටර්සන්, ලෝක කුසලාන සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූර අෂිෂ් නේහ්රා, 2007 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් සහ නවසීලන්තයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්තර විචාරක ඩැනී මොරිසන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් හමුවේ සාකච්ඡා කර මෙම  ජයග්‍රාහකයින් තෝරා ගෙන තිබේ. 

හොඳම පන්දු ‍යවන්නන් 10 දෙනාගේ නාම ලේඛනයේ සිටි ශ්‍රී ලාංකික ප්‍රවීණ ක්‍රීඩක මාලිංග, දකුණු අප්‍රිකානු වේගපන්දු ‍යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්, ඉන්දීය ක්‍රීඩක අෂිෂ් නේහ්රා, කොදෙව් ක්‍රීඩක සුනිල් නරීන් සහ ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

තරග 122ක දී කඩුලු 170ක් දවා ගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් මාලිංග, විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මතය වෙනස් කිරීමට සමත් වූයේ තරග රටාව තුළ පිතිකරුවන්ගේ ආධිපත්‍යය බිඳ දමමිනි. විස්සයි විස්ස තරග රටාව තුළ සර්වකාලීන වීරයෙකු ලෙස මාලිංග හැඳින්විය හැක. 

ශාරීරික යෝග්‍යතා ගැටලු රාශියක් තිබිය දීත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ පසුගිය වසර 12ක කාලයේ දී දක්ෂ යෝකර් පන්දු නිවැරැදි එල්ලයටම යැවීමට මාලිංග සමත් වී ඇති අතර එමඟින් ඔහු ක්‍රීඩාවේ ඕනෑම අදියරක දී මුහුණදීමට අපහසු, වඩාත්ම තර්ජනාත්මක පන්දු යවන්නෙකු බවට පත්විය. මෙම තේරීමේ දී ලසිත් මාලිංග ‘ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා’ ලෙස ඒකමතික තේරීමට එය හේතු විය. 

ඇත්ත වශයෙන්ම 2019 වසරේ දී මාලිංගගේ අවසන් ඕවරය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිවුවැනි වරටත් ශූරතාවය දිනා දුන්නේ අවසන් පන්දුවේ දී එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

ජූරි සභාවේ සාමාජිකයෙකු වන එංගලන්තයේ හිටපු නායක කෙවින් පීටර්සන්, මාලිංග සම්මානය සඳහා තෝරා ගැනීමට ගත් තීරණයට සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.  

“මම ලසිත් තෝරාගන්නවා. ඔහුගේ ක්‍රීඩාවේ සංඛ්‍යා දත්ත දිහා බලද්දී ඒක පහසුවෙන් පේන දෙයක්. ඔහු එම යොකර් පන්දුව නිරන්තරයෙන් භාවිතා කළ ආකාරය දෙස බලන්න. ඒ නිසා හැමෝම ඒ ගැන කතා කරනවා. මාලිංග මගේ තේරීම. මම නරීන් තෝරාගන්නත් ඉඩ තිබුනා. නමුත් ඔහු කඩුලු ලබා ගත්තේ දඟපන්දු ‍යවන්නන්ට සුදුසු තණතීරු වල. එසේම ඔහුගේ පන්දු ‍යැවීම තරමක සැකයකට හේතුවුනා. ඒ නිසා මම මාලිංග තෝරාගන්නවා.” 

පස්වැන්නා ලෙස ඉන්දියාව 2021 ලෝක කුසලානයට

2021 වසරේ පැවැත්වීමට නියමිත ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්….

පන්දු 4ක දී කඩුලු 4ක් දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන ලසිත් මාලිංග මෙම සම්මානය දිනා ගත්තේ බුවනේශ්වර් කුමාර්, අෂිෂ් නේහ්රා, රවිචන්ද්‍රන් අශ්වින්, අමිත් මිශ්‍රා, ඉම්රාන් තාහීර් සහ යුස්වේන්ද්‍ර චහාල් ද පසුකර යමිනි. 

කෙවින් පීටර්සන්ගේ ඡන්දය දිනා ගැනීමට අමතරව මාලිංග ජූරි සභාවේ සාමාජිකයන් වන වන ඩීන් ජෝන්ස්, මැතිව් හේඩ්න්, ආකාෂ් චොප්රා, ග්‍රැහැම් ස්මිත්, සයිමන් ඩෝල්, ඉයන් බිෂොප් සහ ටොම් මූඩි යන අයගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. ඔවුන් සියල්ලන්ම ලසිත් මාලිංග ශ්‍රේෂ්ඨතම පන්දු ‍යවන්නන් ලැයිස්තුවේ ඔවුන්ගේ අංක 1 තෝරාගැනීම ලෙස නම් කළේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<