2025 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වැනි සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
අයහපත් කාලගුණික තත්ව නිසා ලීගය දෙසතියක කාලයක් ක්‍රියාත්මක නොවුනු අතර, ඒ අනුව ලීග් තරගාවලිය නැවත නිල නොවන අන්දමේ ආරම්භයක් ලැබුවා හා සමාන ලෙස කණ්ඩායම් සැලකූ බව ද පෙනෙන්නට තිබුණා.
යුද හමුදාව සහ Sri Lions
මෙම සතිය ලීගයට අලුත් ආරම්භයක් ලෙස සැලකූ කණ්ඩායමක් ලෙස යුද හමුදාව හඳුන්වා දිය හැකි අතර, ඔවුන් විසින් මෙවර තරගවාරයේ සිය මංගල ජය Siri Lions කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නම් දෙපිළම කරට කර සටන් වැදුණු ඉතා උණුසුම් කාල සීමාවක් ලෙස හැඳින්විය හැකි. එහි දී කණ්ඩායම් ද්විත්වයම ලකුණු 12 බැගින් ලබමින් සම තැන් ගැනීමට සමත් වූ නමුත්, තරගයේ දෙවැනි අර්ධය තුළ යුද හමුදාව Siri Lions වෙත ලකුණු 05ක් පමණක් ලබා දෙමින්, තම ලකුණු පුවරුවට ලකුණු 14ක් එක් කර ගැනීමට සමත් වුනා.
යුද හමුදාව 26 (4T, 3C) – Siri Lions 17 (2T, 1C)
- තරගයේ වීරයා – ඉජාස් අහමඩ් (යුද හමුදාව)
ගුවන් හමුදාව සහ නාවික හමුදාව
මෙම තරගයට සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩකයින් මෙවර තරග වාරයේ සිය පළමු ජය හඹා යෑම වෙනුවෙන් බලාපොරොත්තු තබා පැමිණිය ද එය සාර්ථක කර ගැනීමට ගුවන් හමුදාව අවසර ලබා දුන්නේ නැහැ.
මෙහි දී තරගයේ පළමු අර්ධය තුළම ගුවන් හමුදාව විසින් තරගයේ ජය තහවුරු කර ගත හැකි අන්දමේ ක්‍රීඩා රටාවකට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනේ නාවික හමුදාවට එකඳු ලකුණක් හෝ ලබා නොදෙමිනුයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ නාවික හමුදාව ලකුණු 14ක් ලබමින් නැවත තරගය ප්‍රවිෂ්ට වීමට උත්සාහ කළ එය ප්‍රමාණවත් වුනේ නැහැ. මෙම අර්ධය තුළ ගුවන් හමුදාව තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව ගුවන් හමුදාව මෙවර තරගවාරය සඳහා තවමත් අපරාජිත බව රැක ගැනීමට සමත් වී තිබෙනවා.
ගුවන් හමුදාව 28 (3T, 2C, 3P) – නාවික හමුදාව 14 (2T, 2C)
තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්රාහීව තරගාවලිය අරඹයි
CH & FC සහ CR & FC
මෙවර තරගවාරය තුළ වඩාත් බලාපොරොත්තු තබා සිටි තරගයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම අතිශය තරගකාරී තරග රටාවක නියැලෙමින් ක්‍රීඩා කිරීමට සමත් වුනා.
මෙහි දී තරගයේ පළමු අර්ධය තුළ උත්සාහක දිනුම් තුනක් සමඟ ලකුණු 22ක් ලබා ගැනීමට CH ක්‍රීඩකයින් සමත් වූ අතර, අනෙක් පසින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟින් ලකුණු 17ක් ලබා ගැනීමට CR ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධයේ දී CR ක්‍රීඩකයින් තවත් ලකුණු 15ක් ලබමින් ජයග්‍රහණයක් සොයා යෑමට උත්සාහ කළත්, CH ක්‍රීඩකයින් දෙවැනි අර්ධය තුළ ලකුණු 12ක් ලබමින් සිය ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
CH & FC 34 (3T, 1DG, 2C, 4P) – CR & FC (5T, 2C, 1)
- තරගයේ වීරයා – ජනිත් චන්දිමාල්
මහනුවර සහ පොලිස් ක්‍රීඩා සමාජය
මෙම තරගයේ දී මහනුවර කණ්ඩායම මෙවර තරග වාරය වෙනුවෙන් පළමු වරට මහනුවර දී තරග බිමට පිවිසුණා.
මෙම තරගයේ පළමු අර්ධය තුළ සත්කාරක මහනුවර කණ්ඩායම එකදු ලකුණක් හෝ ලබා නොගත් නමුත් පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ද්විත්වයක් සමඟ ලකුණු 17ක් රැස් කර ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී මහනුවර ක්‍රීඩකයින් සුපුරුදු පරිදි තරගයට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුම් 9ක් සමඟ ලකුණු 49ක් ලබා ගත්තේ, එම අර්ධය තුළ පොලිසිය සම්පූර්ණයෙන්ම නිහඬ කරවමිනුයි.
මහනුවර 49 (9P, 2C) – පොලිසිය 17 (2T, 2C, 1P)
- තරගයේ වීරයා – ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර)
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















