ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම ප්‍රංශයට

652

ලබන අගෝස්තුවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජූලි 7 වැනිදා හා 8 වැනිදා පැරිස් හි පැවැත්වෙන ‘පැරිස් ලෝක ක්‍රීඩා උළෙලේ සත් සාමාජික තරගාවලියට’ (Paris World Games) සහභාගී වීමේ අරමුණින් දිවයිනෙන් පිටත්ව යනු ඇත.

අප්‍රේල් මස නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සතියේ දී නැවතත් පුහුණුවීම් ආරම්භ කළ අතර ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වනු ඇත.

ආනන්ද ක්‍රීඩකයින් පරදා සුමංගල ක්‍රීඩකයින් අගමැති අවසන් සටනට

මයිලෝ අගමැති කුසලාන අවසන් පූර්ව වටයේ තවත් තරගයක් කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර …

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායම පැරිස් හිදී පුහුණු සැසියකට ද එක්වන අතර පැරිස් ලෝක ක්‍රීඩා උළෙලේ සත් සාමාජික තරගාවලියට තවත් දේශීය හා කලාපීය කණ්ඩායම් රැසක් සමඟ ඔවුන් තරග වදිනු ඇත.

ThePapare වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ අගෝස්තුවේ ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රධානතම පෙර පුහුණුව මෙය වන බවයි.

“ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම අවසාන වශයෙන් සූදානම් කර ගැනීමට අපි ප්‍රංශයේ පැරිස් හි මේ තරගාවලිය යොදා ගන්නවා, අපිට මාස එකහමාරකට වඩා තිබෙනවා, ඒ කාලය අපිට ප්‍රමාණවත්”

“මේ තරගාවලිය අපේ කණ්ඩායමට ඉතා හොඳ අත්දැකීමක් වේවි, කලාපීය කණ්ඩායම් මෙන්ම ජාතික කණ්ඩායම් ද මේ තරගාවලියට එක්වීමට නියමිතයි.” ඒකනායක මහතා අදහස් දැක්විය.

මෑත කාලීන අතීතයේ ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමකට විදේශ රටක පුහුණුවීම් සිදු කිරීම සඳහා අවස්ථාවක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර තේරීම් කමිටුව හා පුහුණුකරුවන් මේ දිනවල පුහුණු සංචිතය තෝරා ගනිමින් සිටියි.

සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී සාපේක්ෂව හොඳ දක්ෂතා දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි නම් ආසියානු ක්‍රීඩා උළෙලට හා ආසියානු සත් සාමාජික තරගාවලියට එය ඉතා හොඳ පන්නරයක් වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<