සෙබෙස්තියන්, මුවර්ස් යුද හමුදා සහ කෝල්ට්ස්ට ජයග්‍රහණ

අන්තර් සමාජ නැගී එන තුන්දින තරඟාවලිය 2022

459
Major Club Emerging 3 day Tournament 2022

අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර ඊයේ (20) එහි අවසන් දිනය වුනා. තරගාවලියේ තෙවැනි දිනයේ දීත් වූ තරග 9ක් දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා.

තරගාවලියේ කැපී පෙනෙන ජයග්‍රහණය බවට පත්වුනේ මුවර්ස් විසින් නාවික හමුදාව පරාජය කිරීමයි. එහි දී මුවර්ස් කණ්ඩායමේ ජනිෂ්ක පෙරේරා විශිෂ්ට ශතකයක් රැස් කළ අතර තීසන් විතුෂාන්ගේ කඩුලු 11ත් සමඟින් ඔවුන් නාවිකයන් හමුවේ ලකුණු 235ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සමත් වුනා.

කොළඹ SSC පිටියේ පැවති SSC සහ සෙබෙස්තියන් ක්‍රීඩා සමාජ අතර තරගයේ දී සෙබෙස්තියන් ක්‍රීඩකයින් ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙනුණා. එහි දී සෙබෙස්තියන් කණ්ඩායමේ මනිල්ක ද සිල්වා සහ සඳුන් ප්‍රනාන්දු ශතක රැස් කළ අතර ටෙහාන් ෂාෆ්ටර් කඩුලු 10ක් දවා ගනිමින් සෙබෙස්තියන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කළුතර ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් අතර තරගය පනාගොඩ දී පැවැත්වුණු අතර එහි දී කෝල්ට්ස් විසින් ඉනිමක ජයක් වාර්තා කළා. එහි දී ලකුණු 395ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගීමට අවිශ්ක පෙරේරා සහ රවිඳු රශාන්ත සමත් වුනා. කෝල්ට්ස් කණ්ඩායමේ කවිඳු අමන්ත සහ රොහාන් සංජය දෙවැනි ඉනිමේ කඩුලු 8ක් දවා ගත්තේ කෝල්ට්ස් කණ්ඩායම පුළුල් ජයග්‍රහණයක් කරා රැගෙන යමින්.

මහනුවර රේගු කණ්ඩායම සමඟින් පැවති තරගයේ දී යුද හමුදා කණ්ඩායමේ ශෙහාන් ප්‍රනාන්දු ශතකයක් වාර්තා කළ අතර ලක්ෂාන් ගමගේ ලකුණු 79කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා. යුද හමුදාව එම තරගයේ දී මහනුවර රේගු කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක ජයක් වාර්තා කළා.

තරගාවලියේ ලකුණු සාරාංශය මෙසේයි

සෙබස්තියන්ස් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය

  • සෙබස්තියන්ස් 221 (53): මනිල්ක ද සිල්වා 103, තරූශ ප්‍රනාන්දු 43, විහාන් ගුණසේකර 40, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 21, ලක්ෂිත මානසිංහ 4/64, ඉමේෂ් රාමනායක 3/58, ට්‍රවීන් මැතිව් 2/24 සහ 287 (86.5) සඳුන් ප්‍රනාන්දු 122, විශාල් සිල්වා 36, තරුෂ ප්‍රනාන්දු 26, මානෙල්කර් ද සිල්වා 26, හිමේෂ් රාමනායක 3/58, ට්‍රේවින් මැතිව් 2/32, ලක්ෂිත මානසිංහ 2/56, කවිඳු නදීශාන් 2/77
  • SSC 208 (59.2): සදීෂ රාජපක්ෂ 64, කේෂාන් විජේරත්න 38*, දිනෙත් සිරිවර්ධන 25, ටෙහාන් ෂාෆ්ටර් 4/31, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 3/50, ෂෙහාන් සිල්වා 2/24 සහ 217 (45.1) ලක්ශිත මානසිංහ 99, කවිඳු නදීශාන් 41, ඔමේෂ් මෙන්ඩිස් 23, ටෙහාන් ෂාෆ්ටර් 6/35, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 3/69

ප්‍රතිඵලය – සෙබෙස්තියන් පිලට ලකුණු 83ක ජයක්

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • මුවර්ස් 263 (72.5): දිනුක ඩිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර 37, රොහාන් ද සොයිසා 30, අදීෂ තිලාංචන 25, ජනිත හිම්සර 23, හේසර නුවන්ත 2/21, අවිශ්ක ලක්ෂාන් 2/30, දිලීෂ්ක අරුනෝද්‍ය 2/32 සහ 229/9 (56.4) ජනිෂ්ක පෙරේරා 150, පසිඳු සූරියබණ්ඩාර 27, සුදාර දක්ෂිණ 5/87, දිලීෂ් අරුණෝද්‍ය 3/32
  • නාවික හමුදා 143 (51.1): සුලේක්ෂණ ශ්‍රීෂාන් 24, සුදාර දක්ෂිණ 21, තීසන් විතුෂාන් 6/34, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/21, තරුෂ රත්නායක 2/37 සහ 114 (38.3) භාග්‍ය එදිරිවීර 48*, කේශර නුවන්ත 20, තීසන් විතුෂාන් 5/55, මිලාන් රත්නායක 3/19

ප්‍රතිඵලය – මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 235ක ජයක්

කළුතර නගර ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

  • කළුතර 125 (49.2): ඉන්සක සිරිවර්ධන 34, හර්ෂණ වික්‍රමසිංහ 4/49, රොහාන් සංජය 3/39 සහ 179 (70) අමර්‍ය කෞල් 46, ඉසුරු සඳමාල් 30, රොමේෂ් නල්ලපෙරුම 26, කණිෂ්ක මධුවන්ත 23, කවිඳු ආමන්ත 5/43, රොහාන් සංජය 4/63
  • කෝල්ට්ස් 445/2d (84): රවිඳු රශාන්ත 224* අවිශ්ක පෙරේරා 172, සලීන් ඩිමෙල් 21

ප්‍රතිඵලය – කෝල්ට්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 141ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජය

  • යුද හමුදා 291 (79.3): ෂෙහාන් ප්‍රනාන්දු 100, පැතුම් බොතේජු 61, සේහන්ද සොයිසා 41, අශාන් දිල්සර 32, තිමිර මල්ෂාන් 3/59, මර්වින් අභිලාෂ් 2/64, අනුක ජයසිංහ 2/74 සහ 10/1 (3.3)
  • මහනුවර රේගු 72 (26.5): ලක්ෂාන් ගමගේ 5/23, කෞමාල් නානායක්කාර 3/14, මලින්ද අභිෂේක් 2/24 සහ 228 (63.5) සජිත් ද සිල්වා 59, අවිශ්ක හසරින්ද 29, සසිත් මනුරංග 26, රුවීන් ෆොන්සේකා 25, අශාන් ඩිල්හාර 4/47, ලක්ශාන් ගමගේ 3/56, ෂෙහද සොයිසා 2/51

ප්‍රතිඵලය – යුද හමුදාවට කඩුලු 9ක ජයක්

Burgher Recreation Club සහ ගාලු ක්‍රිකට් සමාජය

  • BRC 191 (58.5): චමෝද් සඳරු 46, විනුර දුල්සර 39, සවිඳු උත්තර 37*, සුභානු රාජපක්ෂ 3/34, හරීන් බුද්දිල 3/38, කවිඳු දිල්හාර 2/46 සහ 362 (85.4) හිරන්ත ජයසිංහ 90, කවිඳු එදිරිවීර 47, සවිඳු උත්තර 46, දුෂාන් හේමන්ත 44, විනුර දුල්සර 34, ඉමිටියාස් ස්ලාසා 31, චමෝද් සඳරු 23, ශාලිත් ප්‍රනාන්දු 23, හරීන් බුද්දිල 5/106, චමත් දිල්සර 2/60, සුභානු රාජපක්ෂ 2/83
  • ගාලු 367 (81.4): කවිඳු දිල්හාර 96, හරීන් බුද්ධිල 83, චමත් දිල්සර 51, දුලාෂ් උදයංග 42, ඩිල්ෂාන් කාංචන 29, සුභානු රාජපක්ෂ 20, සවිඳු උත්තර 3/85, කවිඳු එදිරිවීර 2/44, උස්මාන් ඉශාක් 2/48, දුශාන් හේමන්ත 2/65

ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

බදුරලිය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය

  • බදුරලිය 249 (60.2): මලිඳු මධුරංග 81, අශේන් ගුණවර්ධන 57, උමයංග සුවාරිස් 48, රවිශ්ක විජේසිරි 27, සසංක නිර්මාල් 4/76, අකිල ෂෙනේෂ් 2/52 සහ 319 (78.5) මලිඳු මධුරංග 103, රවිශ්ක විජේසිරි 69, උමයංග සුවාරිස් 50, එන් කසුන් 20*, සසංක නිර්මාල් 4/79, ඉඳුවර ද අල්විස් 3/105, හර්ෂ මධුශංක 2/48
  • පානදුර 460/9d (123.2): කෝසල රවිඳු 156, දුනිත් ජයතුංග 91, සසංක නිර්මාල් 90, විනුක රූබසිංහ 39, හේෂාන් වෙල්ගම 34, යොමේෂ් රණසිංහ 20, තමිඳු වික්‍රමආරච්චි 5/120, රවිෂ්ක විජේසිරි 2/108

ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය

  • ගුවන් හමුදා 129 (53.4): කලණ විජේසිරි 21, දෙවිඳු කැකිරිදෙණිය 3/18, සුගත් මෙන්ඩිස් 3/34, චමිඳු විජේසිංහ 2/27 සහ 301/8 (115) ධනුජ ඉඳුවර 89, කලිඳු සිරිවර්ධන 69, හශාන් විමුක්ති 53, මොවින් සුබසිංහ 50*, කලණ විජේසිරි 22, පවන්ත වීරසිංහ 4/56, දුවිඳු රණතුංග 2/38
  • CCC 369 (98.3): පවන්ත වීරසිංහ 200*, චමිඳු විජේසිංහ 49, රොන් චන්ද්‍රගුප්ත 39, අංජල බණ්ඩාර 24, කෙමිර විජේනායක 3/49, මොවින් සුබසිංහ 3/97, හංසා හිරනි 2/75

ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

Nondescripts Cricket Club සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය

  • NCC 418/9d (105): දිනෙත් ජයකොඩි 104*, ජොහාන් ද සිල්වා 100, හසිත බෝයගොඩ 91, අහන් වික්‍රමසිංහ 38, රාජේන්ද්‍රන් අරවින්ද 5/94
  • බ්ලූම්ෆීල්ඩ් 154 (72): කවියන් නරේස් 52, අශාන් ප්‍රනාන්දු 48, යුගීෂ ඩිෂාන් 6/48, කාවින්ද ඊශ්වර 3/30 සහ 228/7 (104) චනුල් අතුකෝරල 62, කවියන් නරේස් 51, යුගීශ ඩිල්ශාන් 3/75

ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

  • කුරුණෑගල 180 (77.1): දිලාජ් රණතුංග 70, සංජීවන් ප්‍රියදර්ශන 38, විබවිත් ඇහැලේපොළ 28, රවීන් යසස් 3/33, මලීෂ දේශාන් 2/24, දසුන් සෙනෙවිරත්න 2/42 සහ 322/8 (105) රිශී අධිශ්ඨාන් 86, මතීශ වීරසිංහ 86, ෂෙහාන් බණ්ඩාර 46, සංජීවන් ප්‍රියදර්ශන 36, දුලාජ් රණතුංග 24, ශේෂාන් සිල්වා 3/41, රවීන් යසස් 3/84
  • හලාවත මේරියන්ස් 334/6d (85): සුඛිත මනෝජ් 110, හරිඳු ජයසේකර 85, දසුන් සෙනෙවිරත්න 59, රවීන් යසස් 52, ප්‍රවීන් රාමයියා 2/36, ගිහාන් අංජන 2/67

ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<