2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ අවසන් තරග ද්විත්වය සිකුරාදා (20) සහ සෙනසුරාදා (21) දිනවල දී ක්‍රියාත්මක වුනා.
මෙවර රග්බි ලීගයේ පළඟ ශූරතා අවසන් මහා තරගය සිකුරාදා ක්‍රියාත්මක වූ අතර, මෙම තරගයට ශ්‍රී ලංකා පොලිසිය සහ ගුවන් හමුදා කණ්ඩායම් සහභාගී වුනා.
තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට පොලිස් ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, පළමු අර්ධය ගෙවී යන අතර තුර ගුවන් හමුදාව තරගයට අවතීර්ණ වෙමින් පොලිස් කණ්ඩායම අබිබවා යමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
මෙම තරගයට කණ්ඩායම් දෙකෙන් ම ඉතා ඉහළ තරගකාරී ස්වභාවයක් ඇතුළත් වූ අතර, එම උණුසුම පළමු අර්ධය නිමා වන තෙක් ම රඳවා ගැනීමට ද ඔවුන් සමත් වුනා. ඒ අනුව පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදාව ලකුණු 07ක් ලබාගන්නා අතරේ, පොලිස් ක්‍රීඩකයින් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළත් දෙපිළම කරට කර සටනක නිරත වීමට සමත් වූ නමුත්, ගුවන් හමුදාව එක් වරම ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් වුනේ තරගයේ වාසිය තමන් වෙත නතු කර ගනිමිනුයි.
එතැනින් අනතුරුව පොලිස් ක්‍රීඩකයින්ගෙන් තරගය වෙත තිබූ ග්‍රහණය ගිලිහී ගිය අතර, තරගය නිමා වන විට ගුවන් හමුදාව උත්සාහක දිනුම් 4ක් සමඟ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
එමෙන්ම ඒ වන විට පොලිස් ක්‍රීඩකයින් විසින් උත්සහාක දිනුම් දෙකක් සමඟ ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
- ගුවන් හමුදාව 24 (4T, 2C) – ශ්‍රී ලංකා පොලිසිය 12 (2T, 1C)
තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව)
ඒ අනූව 2025/26 දේශීය රග්බි ලීගයේ පළඟ ශූරතාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුනා.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්රාහීව තරගාවලිය අරඹයි
මේ අතර ලීගයේ ශූරතාව වෙනුවෙන් අවසන් මහා තරගයට මහනුවර සහ CR & FC කණ්ඩායම් ඊයේ (21) රාත්‍රියේ සහභාගී වුනා.
මෙය දේශීය රග්බි ලීග් ඉතිහාසයේ ක්‍රියාත්මක වූ පළමු අවසන් තරගයට වූ අතර, තරගයට ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් ද හිමි වී තිබුණා.
මහනුවර කණ්ඩායම මෙම තරගයට වත්මන් ශූරයින් ලෙස සහභාගී වූ අතර, CR & FC හිටපු ශූරයින් ලෙස තරගයට සහභාගී වුනා.
තරගය ආරම්භ වීමෙන් පසුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට CR කණ්ඩායමේ ඔමල්ක ගුණරත්න සමත් වූ අතර, ඉන් මොහොතකට පසුව මහනුවර වෙනුවෙන් ක්‍රියාත්මක වූ තිලිණ බණ්ඩාර ද උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කිරීමට සමත් වුනා.
මහනුවර කණ්ඩායම එතැනි ද නතර නොවී පළමු අර්ධය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු 14-07ක් ලෙස ලකුණු සටහනේ සැලකිය යුතු වෙනසක් ඇති කරවමිනුයි.
තරගයේ දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේ දී CR & FC විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, ඉන් මොහොතකට පසුව නැවත තරගය තමන් දෙසට හරවා ගැනීමට CR & FC කණ්ඩායමට හැකි වුනේ විදුන අමනෙත් විසින් වාර්තා කළ උත්සාහක දිනුම සමඟිනුයි.
ඒ වන විට ලකුණු 20-14ක් ලෙස CR & FC නැවත තරගයේ පෙරමුණට පැමිණියා. කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ මහනුවර කණ්ඩායම වෙනුවෙන් දිලක්ෂ දංගේ විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, අරුණ පෙරේරා විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් නැවත තරගයේ වාසිය මහනුවර වෙතට හරවා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගය අවසන් වීමට තත්පර කිහිපයක් ඉතිරි වී සිටිය දී CR & FC කණ්ඩායම විසින් දඬුවම් පහරක් හිමි කර ගැනීමට සහ එය සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරගයේ ජය CR & FC කණ්ඩායමට හිමි වුනා.
- CR & FC 23 (3T, 1C, 2P) – මහනුවර (3T, 3C)
තරගයේ වීරයා – තෙනුක නානායක්කාර (CR & FC)
මේ අනුව 2025/26 රග්බි ලීග් ශූරතාව හිමි කර ගැනීමට CR & FC කණ්ඩායමට හැකියාව ලැබුණා.
දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















