අමිල අපොන්සු කඩුලු 8ක් ලබා ගනිද්දී දේශාන්ගෙන් ශතකයක්

762
Major Tier 'A'

අමිල අපෝන්සුගේ වමත් දඟපන්දුවෙනුත්, දේශාන් ඩයස්ගේ ශතකයෙනුත් හැඩ වුන ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 2018/19 අන්තර් සමාජ Major League ක්‍රිකට් A කොටසේ තරගාවලියේ දෙවැනි සතියේ තරග අද (09) නිමා වෙද්දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 19ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සී. සී. සී. කණ්ඩායම සමත් විය.

අසේලගේ දැවැන්ත වාර්තාවක් දුශාන් විසින් බිඳ දමයි

අනාගතයේ ලොව දිනන තරු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන…

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 225ක් ලබා ගත් අතර එයට පිළිතුරු දුන් සී. සී. සී. කණ්ඩායම ඊයේ දිනයේ දී සියල්ලන්ම දැවී ලකුණු 367ක් ලබා ගත්තේ ය. ඒ කෝල්ට්ස් පළමු ඉනිමට වඩා ලකුණු 142ක් ඉදිරියෙන් පසුවෙමිනි.

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 17ක් ලබා සිටිය හ. අද තීරණාත්මක දිනයට එළඹෙද්දී කෝල්ට්ස් ක්‍රීඩකයන් තව දුරටත් තරගය පවත්වා ගෙන යෑමට නම් තවත් ලකුණු 125ක් ලබා ගත යුතුව තිබුණි. එහෙත් කෝල්ට්ස් ක්‍රීඩකයන්ට තම දෙවැනි ඉනිමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් පමණි. ඒ අද දිනයේ ලබා ගත් ලකුණු 106ත් සමඟිනි.

පරාජිත එම ඉනිමේ දී සංගීත් කුරේ පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව කවිශ්ක අංජුල පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 53කට කඩුලු 5ක් දවා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය සහතික කළේය. ඊට අමතරව අශාන් ප්‍රියන්ජන් ද කඩුලු 3ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 225/10 (87.3) විශාද් රන්දික 68, නිසල තාරක 26, මාලින්ද පුෂ්පකුමාර 6/86, අශාන් ප්‍රියංජන් 2/32

සී. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 367 (87) අශාන් ප්‍රියංජන් නොදැවී 161, මිනෝද් භානුක 33, වනිඳු හසරංග 56, නිසල තාරක 2/57, කවිශ්ක අංජුල 3/28, මහේෂ් තීක්ෂණ 2/72

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ දෙවන ඉනිම සියලුම දෙනා දැවී 123 (43) සංගීත් කුරේ 37, කවිශ්ක අංජුල 21. මාලින්ද පුෂ්පකුමාර 5/53, අශාන් ප්‍රියංජන් 3/17

>>ධනුෂ්ක සහ තිරිමාන්නගෙන් දෙවැනි ඉනිමට හොඳ ආරම්භයක්

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය අතර තරගය

පනාගොඩ යුධ හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු ඉනිමේ දැවැන්ත ලකුණු පුවරුවක වාසිය සමඟ යුද හමුදා ක්‍රීඩකයෝ සතු කර ගත්ත ද දෙවැනි ඉනිමේ දී එකී වාසිය ප්‍රතිවාදීන් ලබා ගැනීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 462ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී වරාය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 329ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි ඉනිම ඇරඹූ වරාය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 279ක් ලබා සිටිය හ.

එම ඉනිමේ දී අර්ධ ශතක තුනක් එක් වීම කැපී පෙණුනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 462 (127.2) දුශාන් විමුක්ති 178, සීකුගේ ප්‍රසන්න 89, ලක්ෂාන් එදිරිසිංහ 81, ඩිල්ශාන් ද සොයිසා 46, චමින්ද බණ්ඩාර 4/112

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (53) ප්‍රමෝශ් පෙරේරා 28, ප්‍රශාන් වික්‍රමසිංහ 26, දුශාන් විමුක්ති 3/18, ජනිත් සිල්වා 4/34, සීක්කුගේ ප්‍රසන්න 2/41

වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 279 (84) යොහාන් ද සිල්වා 27, ප්‍රිමෝෂ් පෙරේරා 93, රමේෂ් නිමන්ත 76, අදීශ නානායක්කාර නොදැවී 62, දුශාන් විමුක්ති 3/59

රාගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේ දී වමතින් දඟපන්දු යවන 25 හැවිරිදි අමිල අපොන්සු ලකුණු 234කට කඩුලු 13ක් දවා ගන්නේ ය. ඔහු හලාවත මේරියන්ස් දෙවැනි ඉනිමේ දී ලකුණු 148කට කඩුලු 8ක් දවා ගන්නේ ය.

තරගයේ තෙවැනි දිනයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 403ක ඉලක්කයක් පසුපස ගිය රාගම ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් සංජය චතුරංග ලකුණු 99ක් ලබා ගත් ඔහු දුවද්දී දැවී යෑමට ගොදුරු වෙමින් තම කඩුල්ල අහිමි කර ගන්නා විට පන්දු 115කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 281 (60.2) ඔසඳ ප්‍රනාන්දු 100, හර්ෂ කුරේ 95,  අමිල අපොන්සු 5/86, සහන් නානායක්කාර 4/45

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (79.1) සමින්ද ප්‍රනාන්දු 42, අක්ෂු ප්‍රනාන්දු 40,  ජනිත් ලියනගේ 31, නිමේෂ් විමුක්ති 6/76, චතුර රන්දුනු 4/98

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 377 (86.3) තික්ෂිල ද සිල්වා 85, යශෝධ ලංකා 34, හර්ෂ කුරේ 37, නිමේෂ් විමුක්ති 74, රයිපි ගෝමස් නොදැවී 50, පුලින තරංග 32, අමිල අපෝන්සු 8/148, ආක්ෂු ප්‍රනාන්දු 2/09

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 172 (39) සංජය චතුරංග 99, සමින්ද ප්‍රනාන්දු 22, සුපේෂල ජයතිලක නොදැවී 29, නිමේෂ් විමුක්ති 2/44


බී. ආර්. සී. කණ්ඩායම සහ මීගමු ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. තරගයේ තීරණාත්මක දිනයේ දී බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 276ක් ලබා තිබිය දී අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 240ක ඉලක්කයක් ලබා දුන්නේ ය.

නමුත් තරගය නතර කරන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 142ක් පමණි.

තරගයේ අවසන් දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ බී. ආර්. සී. කණ්ඩායමේ දේශාන් ඩයස් ය. ඔහු පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු ලසිත් ලක්ෂාන් පන්දු 99ක දී ලකුණු 61ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 109කි.

ප්‍රතිවාදී ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 112ක සබඳතාවක් ගොඩ නැගීමට ලසිත් කෘෘස්පුල්ලේ සහ ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර සමත් වූහ. ඒ අතරින් ලසිත් පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේ ය.

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (72.4) හෂේන් රාමනායක 66, දේශාන් ඩයස් 42, රවින්ද්‍ර විජේසූරිය 30, ෂෙහාන් ජයසූරිය 4/56, උපුල් ඉන්ද්‍රසිරි 3/49

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (86.4) ලසිත් කෘෘස්පුල්ලේ 79, සහන් ආරච්චිගේ 37, මොහොමඩ් ශිරාස් 6/86, ටී. එන්. සම්පත් 3/50

බී. ආර්. සී.; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 276 (55.5) ලසිත් ලක්ෂාන් 61, දේශාන් ඩයස් 119, ටී. එන්. සම්පත් 36, රුමේෂ් බුද්ධික 45, සහන් අදීෂ 2/63

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 142 (37) ලසිත් කෘෘස්පුල්ලේ 85, ඩිලාශ්‍රී ලෝකුබණ්ඩාර 39, හේෂාන් රාමනායක 2/33

>>කෝලී නොනැවති කෝටිපතියන් අතර ඉදිරියටම

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ එස්. එස්. සී. කණ්ඩායම අතර තරගය

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන මෙම තරගය ද ජය පරාජයෙන් තොරව අද අවසන් විය.

මෙම තරගයේ තෙවැනි දිනයේ දී චාමර කපුගෙදර පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගැනීමට සමත් විය. එම ඉනිමත් සමඟින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 419ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට අවස්ථාව සලසා දුනි.

තරගය අවසන් වෙන විට සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී අශේන් බණ්ඩාර පන්දු 63කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (88.1) ගමිඳු කනිශ්ක 95, සාලිය සමන් 81, තරිඳු රත්නායක 3/57, සචිත්‍ර සේනානායක 2/48, කසුන් මධුශංක 2/53

එස්. එස්. සී; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 419 (125.2) කෞෂාල් සිල්වා 127, කවිඳු කුලසේකර 86, චාමර කපුගෙදර 81, සචිත්‍ර සේනානායක 35,  චාමිකර එදිරිසිංහ 4/119

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 169 (52.4) නවිඳු විතානගේ 29, මිලින්ද සිරිවර්ධන 24, ගමිදු කනිශ්ක 22, අශේන් බණ්ඩාර 48, තරිඳු රත්නායක 2/46, ආකාශ් සේනාරත්න 2/50


එන්. සී. සී. සහ ටැමිල් යූනියන් කණ්ඩායම අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අද අවසන් විය.

තරගයේ තෙවැනි දිනයේ දී දෙපිළේ ම ක්‍රීඩකයෝ තම ජයග්‍රහණයේ වාසිය උරගා බැලීමට උත්සාහ කළ ද කිසිවකුටත් එහි වාසිය ලබා ගැනීමට නොහැකි විය. නමුත් දිනයේ දෙපිලේ ම ක්‍රීඩකයෝ අර්ධ ශතක 5ක් රැස් කිරීම කැපී පෙණුනි.

එහි දී එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් ලහිරු උදාර, චතුරංග ද සිල්වා සහ උපුල් තරංග ද ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිතාර ගිම්හාන් සහ ලහිරු මිලන්ත ද මෙසේ අර්ධ ශතක ලබා ගත් හ.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (83.2) ඇන්ජලෝ පෙරේරා 124, ලහිරු උදාර 38, උපුල් තරංග 37, මාලිංග අමරසිංහ 37,  සචිත්‍ර සේරසිංහ 3/64, ලහිරු මිලන්ත 2/17, සදීෂ් පතිරණගේ 2/54

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (68.5) ලහිරු මිලන්ත 35, තරංග පරණවිතාන 32, ඉසුරු උදාන 24, සචින්ත පීරිස් 5/74, චතුරංග ද සිල්වා 2/28, සාරංග රාජගුරු 2/33

එන්. සී. සී; දෙවන ඉනිම කඩුලු 3ක් දැවී 221 (54)  ලහිරු උදාර 53, මහේල උඩවත්ත 39, චතුරංග ද සිල්වා 56, උපුල් තරංග නොදැවී 59

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 219 (47) සිතාර ගිම්හාන් 54, ලහිරු මිලන්ත 76, මනෝජ් සරත්චන්ද්‍ර 33, කිත්රුවන් විතානගේ නොදැවී 26, සාරංග රාජගුරු 2/64

තරගාවලියේ සියලුම තරග තොරතුරු සේයාරූ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<