හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට ඉනිමක ජයක්

279

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (23) නිමා වූ තරග අතරින් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 95ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් විය.

කවිෂ්ක සේනාධීරගේ කඩුලු 13 ත්‍රිත්ව ජයට එළියක් වෙයි

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු…

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 428ක් රැස් කර ගත් අතර පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් නායක ඉරෝෂ් සමරසූරිය පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත් අතර පබසර වඩුගේ ද ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට පන්දු 126ක් වැය වූ අතර හතරේ පහර 8ක් ඇතුලත් විය.

පන්දු යැවීමේ දී පරේශ් උදේශි ලකුණු 87කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ලකුණු 221ක් පිටු පස සිටිමින් පිට පිට දෙවර වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තරගය නිමා වීමට තවත් පන්දුවාර 8ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 126ක් පමණි.

එම ඉනිමේ දී රමේෂ් මෙන්ඩිස් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව නායක ඉරෝෂ් සමරසූරිය  ලකුණු 32ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ නිමේෂ් විමුක්ති ලකුණු 46කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 428 (98.2) යසෝද ලංකා 54, ඔසඳ ප්‍රනාන්දු 147, රාකේෂ් පානික්කර් 27, රිසිත උපමාල් 81, පුලින තරංග 22, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 36,  චානුක ඩිල්ශාන් 142/2, තරිඳු කෞෂාල් 5/118

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (76.2) ඉරෝෂ් සමරසූරිය  61, පබසර වඩුගේ 72, රමේෂ් මෙන්ඩිස් 28, පරේශ් උදේශි 6/87, නිමේෂ් විමුක්ති 2/38

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 126 (47) ඉරෝෂ් සමරසූරිය 32, රමේෂ් මෙන්ඩිස් 54, නිමේෂ් විමුක්ති 6/46, පරේශ් උදේශි 3/39


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රාගම අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූව ද පළමු  ඉනිමේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Ragama CC Vs. SLPA SC | Major League Tier A Tournament 2018/19

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් වරාය අධිකාරිය කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 427ක් ලබා ගත් අතර රාගම ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 291ක් පමණි. ලකුණු 136ක් ඉදිරියෙන් සිටිමින් නැවත දෙවැනි ඉනිමට පිටියට පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන් පිටියට කැඳවූහ. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 339ක ඉලක්කයක් ලබා දෙමිනි. තරගය නතර කරන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටිය හ.

තරගයේ අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් වූයේ රමේෂ් නිමන්ත (60) සහ අදීශ නානායක්කාර (55) ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 427 (138) ප්‍රිමෝෂ් පෙරේරා 24, රමේෂ් නිමන්ත 120, රුවිඳු ගුණසේකර 105, ගයාන් මනීශාන් 60, රනේෂ් පෙරේරා 29, අමිල අපෝන්සු 3/107, නිශාන් පීරිස් 4/137

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (78.5) දිනෙත් තිමෝද්‍ය 104, සංජය චතුරංග 39, සමින්ද ප්‍රනාන්දු 52, ඉෂාන් ජයරත්න නොදැවී 21, ඉමේෂ් උදයංග 2/84, චානක කොමසාරු 4/90, රනේෂ් පෙරේරා 3/41

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; දෙවැනි  ඉනිම කඩුලු 5ක් දැවී 202 (48.5) රමේෂ් නිමන්ත 60, රුවිඳු ගුණසේකර 30, අදීශ නානායක්කාර 55, ගයාන් මනීෂාන් නොදැවී 26, නිශාන් පීරිස් 3/83

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 11 (1.4)

ශතක ඉනිම් සමඟින් දිනෙත්, ආනන්ද් පිටිය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරග අතුරින් දක්ෂතා දැක්වීමට රාගම ක්‍රිකට් සමාජයේ දිනෙත් තිමෝද්‍ය සහ බදුරලිය ක්‍රිකට්…

බදුරලිය සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ එස් .එස්. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සී. කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 372ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 429ක් ලබා ගත්හ.

ලකුණු 57ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 222ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් සාලින්ද උෂාන් සහ නදීර නාවල අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (95.5) අලංකාර අසංක 41, නදීර නාවල 26, ටනේඩා තායිබු 39, සුබ්‍රමනියම් ආනන්ද් 121, කෝසල කුලසේකර 21, දෙනුවන් රාජකරුණා 58, ධම්මික ප්‍රසාද් 2/51, සචිත්‍ර සේනානායක 4/94

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 429 (101.4) සඳුන් වීරක්කොඩි 47, ක්‍රිශාන් ආරච්චිගේ 70, සම්මු අශාන් 46, අකාශ් සේනාරත්න 90, චාමර කපුගෙදර 42, හෂේන් රාමනායක 53, තරිඳු රත්නායක 28, ධම්මික ප්‍රසාද් 26,  බුද්ධික සංජීව 3/137, සචිත් පතිරණ 4/140, ලහිරු සමරකෝන් 2/64

බදුරලිය ක්‍රිකට් සමාජය.; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 222 (49) අලංකාර අසංක 22, සාලින්ද උෂාන් 79, නදීර නාවල 61


කෝල්ට්ස් සහ මීගමුව අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පිටියේ දී පැවැත්වෙන මෙම තරයේ දී දෙවැනි දිනය අවසානයේ පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දී කෝල්ට්ස් ක්‍රීඩකයන් ලබා ගත් ලකුණු 243ට පිළිතුරු ලෙසින් මීගමුව ක්‍රීඩකයෝ ලබා ගත්තේ 230ක් පමණි. ලකුණු 13ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 289ක අභියෝගයක් ලබා දෙමිනි. නමුත් ඔවුන් තරගය නිමා වන විට ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් පමණි.

කෝල්ට්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් සංගීත් කුරේ පන්දු 223කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ද ලකුණු 75ක් ලබා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (69.4) කුසල් පෙරේරා 23, අවිශ්ක ප්‍රනාන්දු 101, විශාද් රන්දික 40, ජෙහාන් ඩැනියෙල් 23, රොෂේන් ප්‍රනාන්දු 2/29, උපුල් ඉන්ද්‍රසිරි 4/85, සංදේශ් පතිරණ 2/28

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (76.1) ඩිලශ්‍රී ලොකුබණ්ඩාර 57, අශේන් සිල්වා 29, ඇන්ජලෝ ජයසිංහ 45, සහන් ආරච්චිගේ 20, ප්‍රසංසන ජයමාන්න 22, සනිත ද මෙල් 31, රොහාන් සංජය 5/80, නලින් ප්‍රියදර්ශන 2/63, සංගීත් කුරේ 2/15

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 275 (72) සංගීත් කුරේ 112, කවිශ්ක අංජුල 21, අවිශ්ක ප්‍රනාන්දු 75, විශාද් රන්දික 34, ෂෙහාන් ජයසූරිය 3/78

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 168 (29) ෂෙහාන් ජයසූරිය 45, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 38, සහන් ආරච්චිගේ 33, නිසල තාරක 3/35, නලින් ප්‍රියදර්ශන 2/78

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<