රොන් සහ මිනෝද් තියුණු ගමනට මඟ පාදා දෙයි

482

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තියුණු තරගයක් බවට පත් ව තිබෙන එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගයේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සී. සී. සී. කණ්ඩායමේ ගමන් මග ස්ථාවර පසු බිමකට තල්ලුකර ගෙන යෑමට රොන් චන්ද්‍රගුප්ත සහ මිනෝද් භානුක අද (8) සමත් වූහ.

මෙම තරගයේ දී සී. සී. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයග්‍රාහී ප්‍රසාද ලකුණු ලබා ගන්නේ නම් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ ඉඩ කඩ ද පැවතීම නිසා මෙම තරගයත් එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගයත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. දැනටමත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ඇති බැවින් ඔවුන් අභිබවා යෑමට නම් සී. සී. සී. ක්‍රීඩකයෝ හෙට (09) දවසේ දී අනිවාර්යයෙන් ම ප්‍රතිවාදීන් අභිබවා යා යුතුම වෙයි.

ධනංජය, රන්දික, පැතුම් සහ උඩවත්ත ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අද

එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 411ක් ලබා ගත්හ.  ඊට පිළිතුරු ලෙසින් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 322ක් ලබා සිටියහ.

එන්. සී. සී. ඉනිමේ දී පෙර දිනයේ නොදැවී ලකුණු 146ක් ලබා සිටි නායක මහේල උඩවත්ත අද දවසේ තම ඉනිම ලකුණු 162කට නිමා කර ගත්තේ ය. එම ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 63කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

සී. සී. සී. ඉනිමේ දී ශතක දෙකක් වාර්තා වීම කැපී පෙණුනි. ඒ රොන් චන්ද්‍රගුප්ත සහ මිනෝද් භානුකගේ පිතිවලිනි. රොන් චන්ද්‍රගුප්ත පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 118ක් ලබා ගත්තේ ය. මිනෝද් භානුක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 130කට මුහුණ දුන් අතර හතරේ පහර 12ක් සහ හයේ පහරක් ඇතුළත් කළේය.

ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත සහ මිනෝද් භානුක එක්ව ලකුණු 209ක සබඳතාවක් එක් කළහ. දිනය අවසන් වෙන විට සී. සී. සී. නායකයා පිටියේ නොදැවී රැඳී සිටිමින් ලකුණු 49ක් ලබා සිටියේ ය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 411 (104.3) ලහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත නොදැවී 146, චතුරංග ද සිල්වා 25, ලහිරු මධුශංක 2/52, වනිඳු හසරංග 4/63, අශාන් ප්‍රියංජන් 2/52

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 322 (74) රොන් චන්ද්‍රගුප්ත 118, මාධව වර්ණපුර 20, මිනෝද් භානුක 104, අශාන් ප්‍රියංජන් නොදැවී 49


කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 574ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් පළමු දිනයේ දී ධනංජය ලක්ෂාන් සහ විශාද් රන්දික ශතක එක් කළ අතර අද දවසේ දී නායක ප්‍රියමාල් පෙරේරා ද ශතකයක් එක් කළේය. පන්දු 200කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව නිසල තාරක ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 89කට මුහුණ දුන් අතර හතරේ පහර 8ක් එක් කරමින් ලකුණු 55ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නුවන් ලියනපතිරණ, අසේල ගුණරත්න,  බුද්ධික මධුශංක සහ ධනුෂික බණ්ඩාර කඩුලු 2 බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නිමා වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 41ක් ලබා සිටිය හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 574 (148.1) අවිශ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රන්දික 106, ප්‍රියමාල් පෙරේරා 127, ජෙහාන් ඩැනියෙල් 29, නිසල තාරක 55, නුවන් ලියනපතිණ 2/67, අසේල ගුණරත්න 2/40, බුද්ධික මධුශංක 2/91,ධනුෂික බණ්ඩාර  2/124

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 41 (14.2)

සචින් සහ සනෝජ් බ්ලූම්ෆීල්ඩ් ජයග්‍රහණය කරවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් මෙවර තරගාවලියේ මංගල


ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත්හ.

පෙර දිනයේ පිටියේ නොදැවී රැඳී සිටි මනෝජ් සරත්චන්ද්‍ර සහ රමිත රඹුක්වැල්ල 7 වැනි කඩුල්ලට අද ලකුණු 63ක සබඳතාවක් දක්වා ලකුණු පුවරුව ගෙන ආහ. එහි දී රමිත රඹුක්වැල්ල පන්දු 48කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගෙන දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව අවසන් කළේය. මනෝජ් සරත්චන්ද්‍ර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 120කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් එම ඉනිමට ඇතුළත් කළේය.

එම ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී සාලිය සමන් සහ ගමිඳු කනිෂ්ක කඩුලු 3 බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 264ක් ලබා සිටිය හ.

එම ඉනිමට අර්ධ ශතක හතරක් එකතු විය. ආරම්භක පිතිකරු ඇන්ඩි සොලමන්ස් පන්දු 73කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේ ය.

තරගය නතර කරන විට ප්‍රමෝද් මධුවන්ත සහ අශේන් බණ්ඩාර 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 145ක සබඳතාවක් ගොඩ නගමින් සිටිය හ. එහි දී ප්‍රමෝද් මධුවන්ත පන්දු 214කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ද අශේන් බණ්ඩාර පන්දු 112කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 88ක් ද ලබා සිටිය හ.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (101.4) සිතාර ගිම්හාන් 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර 68, රමිත රඹුක්වැල්ල 40, සාලිය සමන් 3/40, ගමිඳු කනිෂ්ක 3/74

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 264 (77) ඇන්ඩි සොලමන්ස් 77, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 75 , අශේන් බණ්ඩාර නොදැවී 88

තොග වශයෙන් කණ්ඩායම වෙනස් වුනේ කොහොමද? අසන්ත පහදයි

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද තෙවන ටෙස්ට්


එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසාන වෙද්දී තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත්හ.

එස්. එස්. සී. ඉනිමේ පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි සචිත්‍ර සේනානායක අද දැවී වයන විට ලකුණු 89ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 121කට මුහුණ දුන් අතර හතරේ පහර 10ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුළත් කළේය.

පන්දු යැවීමේ දී සාගර් උදේශි කඩුලු 4ක් ද පුලින තරංග කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

හලාවත මේරියන්ස් ඉනිම වෙනුවෙන් තික්ෂිල ද සිල්වා සහ පුලින තරංග අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළහ. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි තික්ෂිල ද සිල්වා පන්දු 70කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.

පසුපෙළ නියෝජනය කරමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පුලින තරංග පන්දු 49කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී සචිත්‍ර සේනානායක ලකුණු 73කට කඩුලු 6ක් ලබා ගනිමින් දවසේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් විය.

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 374 (101) නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාශ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක 89, හිමේෂ් රාමනායක 22, පුලින තරංග 3/58, සාගර් උදේශි 4/138

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (73.3) තික්ෂිල ද සිල්වා 72, රිසිත් උපමාල් 29, නිමේෂ් විමුක්ති 40, පුලින තරංග 51, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 30, සචිත්‍ර සේනානායක 6/73

මෙම සියලු තරග හෙට (9) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<