ධනංජය, රන්දික, පැතුම් සහ උඩවත්ත ශතක ලබා ගනී

432

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අද (7) ආරම්භ වූ තරගවල දී ධනංජය ලක්ෂාන්, විශාද් රන්දික, පැතුම් නිස්සංක සහ මහේල උඩවත්ත ශතක ලබා ගැනිමට සමත් වීම කැපී පෙණුනි.  

තොග වශයෙන් කණ්ඩායම වෙනස් වුනේ කොහොමද? අසන්ත පහදයි

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද තෙවන

කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී 353ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වීම කැපී පෙණුනි. ධනංජය ලක්ෂාන් පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ 6 පහර 3ක් සමඟින් ලකුණු 141ක් ලබා ගනිද්දී විශාද් රන්දික පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 10ක සහ හයේ පහරක් සමඟින් නොදැවී 106ක් ලබා සිටියේ ය.

ඊට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 101කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර සමඟින් ලකුණු 75ක් ලබා ගත්තේ ය.

එම ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් එක්ව ලකුණු 126ක සබඳතාවක් ගොඩ නැගූ අතර ධනංජය ලක්ෂාන් සහ විශාද් රන්දික අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 177ක සබඳතාවක් ගොඩ නැගීම කැපී පෙණුනි.

කඩුලු ලබා ගැනීමේ දී අසේල ගුණරත්න ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 353 (90) අවිශ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රන්දික නොදැවී 106, අසේල ගුණරත්න 2/36


ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දවස නිමා වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා සිටිය හ.

Photo Album – Saracens SC Vs Tamil Union C & AC | Major Super 8s Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක තුනක් එක් වීම කැපී පෙණුනි. ඒ සිතාර ගිම්හාන් (52) තරංග පරණවිතාන (50) සහ මනෝජ් සරත්චන්ද්‍ර (56*) ය. මේ අතුරින් තරගය නතර කරන විට පන්දු 94කට මුහුණ දී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 56ක් ලබා සිටීමට මනෝජ් සරත්චන්ද්‍ර සමත්ව සිටින අතර ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් රමිත රඹුක්වැල්ල නොදැවී ලකුණු 23ක් ලබා සිටියේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 287 (90) සිතාර ගිම්හාන් 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 56, රමිත රඹුක්වැල්ල නොදැවී 23

ඊඩන් උයන ගිණිගත්දා ඉන්දියාව හැඬවූ අපේ විරුවා

මීට දශක දෙකකට දෙහමාරකට පෙර මාර්තුවේ යම් කිසි දිනෙක ශ්‍රී ලංකාව ලෝක කුසලානය අත පොවන මානයමට


එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 341ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් දිනය අවසන් වන විට පන්දු 112කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහුට අමතරව සම්මු අශාන් පන්දු 82කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේ ය.

ආකාශ් සේනාරත්න ද ලකුණු 56ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. කඩුලු ලබා ගැනීමේ දී පුලින තරංග ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව සාගර් උදේශි ද ලකුණු 3ක් දවා ගත්තේ ය.

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 341 (91) නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාශ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක නොදැවී 81, හිමේෂ් රාමනායක නොදැවී 21, පුලින තරංග 3/58, සාගර් උදේශි 3/122

සචින් සහ සනෝජ් බ්ලූම්ෆීල්ඩ් ජයග්‍රහණය කරවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් මෙවර තරගාවලියේ මංගල ජයග්‍රහණය ලබා


එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 367ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ නායක මහේල උඩවත්ත ශතක ලබා ගැනීම කැපී පෙණුනි. පැතුම් නිස්සංක පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් ලබා ගනිමින් ලකුණු 119ක් ලබා ගත්තේ ය. දිනය නිමා වෙන විට මහේල උඩවත්ත පන්දු 226කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 146ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක සහ අශාන් ප්‍රියංජන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 367 (90) ලහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත නොදැවී 146, චතුරංග ද සිල්වා 25, ලහිරු මධුශංක 2/52, අශාන් ප්‍රියංජන් 2/44

මෙම සියලු තරග හෙට (8) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<