ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට

711
Asia yoth netball championship
Photo Credits: Takumi Photography

ආසියානු රටවල් 12 ක සහභාගිත්වයෙන් යුතුව හොංකොං හී පැවති 9වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය ඊයේ නිමාවට පත්වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ආසියානු දැල්පන්දු ශුරතාවයට හිමිකම් කියමිනි. 

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුයේ ප්‍රබල මැලේසියානු කණ්ඩායමයි. වසර 13කට පසු එනම් 2002 වර්ෂයේන් පසු ශ්‍රී ලංකාව  ගයනි දිසානායකගේ නායකත්වයෙන් යුතුව  ආසියානු නෙට්බෝල් ශුරතාවට හිමිකම් කීම විශේෂත්වයකි.

ඒ සමගින් 2017 වසරේ පැවැත්විමට නියමිත ලෝක ශුරතා දැල්පන්දු තරගාවලිය සදහා ආසියාවේ ඉහළම සුදුසුකම් ලැබු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව තේරි පත්විය.

මුලික වටයේ තරගවලින් පළමු තරගයම ලකුණු 102-10 ලෙස දැවැන්ත ජයක් ලැබිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් විය. ඒ ඉන්දියාවට එරෙහිවය.

Asia yoth netball championship
Photo Credits: Takumi Photography

ඉන්පසු ලංකාව තරග වැදුණේ චින තායිපේ කණ්ඩායම හමුවේය. තරගය ලකුණු 93-32ක් ලෙස ජයක් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මැලේසියාව සමග පැවති මුලික වටයේ තවත් තරගයකින් ලකුණු 64-48 ලෙස ජයගැනිමට සමත් විය.

සිංගප්පූරු කණ්ඩායම ලකුණු 69-56 ලෙසද හොංකොං කණ්ඩායම ලකුණු 72-42ක් ලෙසද ජයගත් ශ්‍රී ලංකා යොවුන්  දැල්පන්දු කණ්ඩායම මුලික වටයේ තරග 6ම ජයගෙන අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය. අපරාජිතව අවසන් වටයට පැමිණි එකම රට ශ්‍රී ලංකාවද විමද විශේෂත්වයක් විය.

අවසන් මහා තරගයේදි ශ්‍රී ලංකාව හමුවේ තරග වැදුණේ ප්‍රබල මැලේසියානු කණ්ඩායමයි. තරගයේ පළමු කාර්තුවේ ලකුණු 12-10ක් ලෙස පෙරමුණ ගත් මැලේසියාව දෙවැනි කාර්තුව ද අවසන් වන විට ලකුණු 24-22 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ගයනි දිසානායකගේ නායකත්වයෙන් යුතුව තුන්වැනි වටයේ ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල සටන් රටාවක් දියත් කරමින් 37-35ක් ලෙස ඉදිරියට පැමිණියේය.

ප්‍රතිවාදින්ගේ දුර්වලතා ප්‍රයෝජනට ගත් ලංකාව අවසන් මිනිත්තු දෙකෙහිදි ගෝල 6ක් රැස් කරමින් ලකුණු 53-48ක් ලෙස ප්‍රවේගකාරි ජයක් වාර්තා කරමින් 9වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශුරතාවය තමන් සතු කරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුහ.

මිට පෙර ශ්‍රී ලංකාව 1998 සහ 2002  වර්ෂ වලදි ආසියානු නෙට්බෝල් ශුරතාවයට හිමිකම් කියා ඇත.