ජෙහාන් සහ සඳුන් ශතක රැස් කරති

294

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (05) නිමා වූ කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ ජෙහාන් ඩැනියෙල් යුද හමුදා ක්‍රීඩකයෝ තඹේකට මායිම් නොකරමින් ලකුණු 156ක් ලබා ගත් අතර එස්. එස්. සී. කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි ද ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.

මෙවර ප්‍රිමියර් ලීගයට පාසල් කණ්ඩායම් දෙකක්

2018/19 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා දෙවන වතාවටත් සංවිධානය කරනු ලබන “නැගී එන ප්‍රධාන ප්‍රිමියර් ලීග් දෙදින ක්‍රිකට් තරගාවලිය” කණ්ඩායම් 24ක සහභාගීත්වයෙන් අද (4) සිට ආරම්භ වේ. පෙරළිකාර කලණ තවත් පෙරළියකට සැරසෙ…


කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 359ක් රැස් කළහ. එහි දී ජෙහාන් ඩැනියෙල් ලකුණු 156ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම පන්දු 157කින් සමන්විත වූ අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 12ක් ඇතුලත් විය.

ඊට අමතරව විශාද් රන්දික අර්ධ ශතකයක් ලබා ගත් අතර හෂාන් දුමිඳු ලකුණු 49ක් ලබා ගත්තේ ය.

දෙවැනි දිනයේ තරගය නතර කරන විට යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 116ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් සංජික රිද්ම පන්දු 88ක් පුරා පිටියේ රැඳී සිටිමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 359 (74): ජෙහාන් ඩැනියෙල් 156, විශාද් රන්දික නොදැවී 50, හෂාන් දුමිඳු 49, සංගීත් කුරේ 36, විශ්ව ප්‍රනාන්දු 28, සංජික රිද්ම 3/46, මලීෂ අළුත්ගෙදර 2/64

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 82 (34.4): සංජික රිද්ම 56, ජෙහාන් ඩැනියෙල් 2/11, නිපුන් රන්සික 2/34, මහේෂ් තීක්ෂණ 2/17

වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 53කට සීමා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ දී සුවිශේෂී දක්ෂතා දැක්වීමට වමතින් වේගපන්දු යැවූ බිනුර ප්‍රනාන්දු සමත් විය. ඔහු ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; සියලුම දෙනා දැවී 53 (22): චතුර මිලාන් 17, බිනුර ප්‍රනාන්දු 4/12, ඉසුරු දනංජය 2/05, රමිත් රඹුක්වැල්ල 2/14, තිලංග උදේශන 2/20

ටැමිල් යූනියන්; පළමු  ඉනිම කඩුලු 2ක් දැවී 22 (7): සිතාර ගිම්හාන නොදැවී 13

වහාම ක්‍රියාත්මක වන පරිදි ලහිරු කුමාර ටෙස්ට් සංචිතයෙන් ඉවතට

හෙට (6) සිට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, ශ්‍රී ලංකා ක්‍රිකට්….


එස්. එස්. සී. සහ රාගම අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයට ද වර්ෂාව බලපෑ අතර තරගය නතර කරන විට සත්කාරක එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 190ක් ලබා සිටිය හ.

එහි දී සඳුන් වීරක්කොඩි පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තේය. ඊට අමතරව චරිත් අසලංක පන්දු 89ක දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියේ ය.

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 190 (33): සඳුන් වීරක්කොඩි 111, චරිත් අසලංක නොදැවී 62

සී. සී. සී. සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය පළමු දිනයට නතර කරන විට සත්කාරක ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබා සිටිය හ.

පස්වරු 1ට පමණ වැසි වැස්ස හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණ අතර දිගින් දිගටම පැවති වැසි තත්ත්වය හේතුවෙන් තරගය පළමු දිනයට නිමා කෙරුණි.

ඒ වෙද්දී සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක නොදැවී ලකුණු 58ක් ලබා සිටියේ ය. ඔහු පන්දු 78කට මුහුණ දී සිටි අතර හතරේ පහර 8ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.

වනිඳු හසරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46කි. පන්දු 35ක දී වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඇතුලත් විය. කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ විකුම් සංජය ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තේ ය.  

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 131 (33): මිනෝද් භානුක නොදැවී 58, වනිඳු හසරංග 46, විකුම් සංජය 2/33

මුවර්ස් සහ සැරසන්ස් අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවමින් පළමු දිනය අවසන් කරන ලදි.

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පස්වරු 3.00ට පමණ පළමු දිනයට නතර කරන ලදි.

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගත්තේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 152ක් ලබා ගත්හ. ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ සචින් ප්‍රනාන්දු ය. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දෙනුවන් රාජකරුණා ද ලකුණු 30ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියේ ය.  

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 152 (33): පැතුම් මධුශංක 33, සාලින්ද උෂාන් 28, සචින් ප්‍රනාන්දු නොදැවී 50, දෙනුවන් රාජකරුණා නොදැවී 30

කෝලිගේ වාර්තාවක් බිඳවැටේ

ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි සතුවූ වාර්තාවක් බිඳ හෙලීමට පාකිස්තානු ජාතික බාබර් අසාම් සමත්ව තිබේ. ‘ජාත්‍යන්තර 20-20 තරග රටාවේදී අඩුම ඉනිම ගණනකින් ලකුණු 1000 සීමාව පසුකළ…

මීගමුව සහ එන්. සී. සී. අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති තරගය ද වර්ෂාව හේතුවෙන් වේලාසනින් ම පළමු දිනය නිමා කරන ලදි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමුව ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 133ක් ලබා සිටිය හ. එම අවස්ථාව වන විට ඩිලාන් ජයලත් නොදැවී ලකුණු 38ක් ද ඇන්ජලෝ ජයසිංහ නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින් ද පිටියේ රැඳී සිටිය හ. .

මීගමුව ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 109 (33): ශිහාන් ඩිලක්ශ්‍රී 35, ඩිලාන් ජයලත් නොදැවී 38, ප්‍රසන්න ජයමාන්න 28, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 27

කළුතර නාගරික කණ්ඩායම සහ නාවික හමුදාව අතර තරගය

වැලිසර දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ කළුතර නාගරිකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 94ක් ලබා ගත්හ.

නාවික හමුදා විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ එරංග රත්නායක ය. ඔහු නාවික හමුදා ඉනිම් අවසන් වන විට ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නේ ය. නමුත් ප්‍රතිවාදි ඉනිමේ වැඩිම කඩුලු ලබා ගත්තේ පසිඳු මධුශාන් ය. ඔහු ලකුණු 22කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

නාවික හමුදාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 94 (34): දිල්ශාන් ලේකම්ගේ නොදැවී 26, එරංග රත්නායක 4/29, පසිඳු මධුශාන් 5/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<