කෝලිගේ වාර්තාවක් බිඳ වැටේ

2836

ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි සතු වූ වාර්තාවක් බිඳ හෙලීමට පාකිස්තානු ජාතික බාබර් අසාම් සමත්ව තිබේ. ‘ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාවේ දී අඩුම ඉනිම ගණනකින් ලකුණු 1000 සීමාව පසු කළ පිතිකරුවා’ නම් වාර්තාව එයයි.

යාදව් සහ කාර්තික් ඉන්දියාව ගොඩදායි

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (04) කල්කටාවේ දී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට්…..

පාකිස්තානය සහ නවසීලන්තය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගයේ දී පාකිස්තාන ආරම්භක පිතිකරු බාබර් අසාම් මෙම වාර්තාව තමන් සතු කරගත්තේය. 24 හැවිරිදි අසාම්ට ඒ සඳහා වැය වූයේ ඉනිම 26ක් පමණි. ඔහුට පෙර විස්සයි විස්ස ලකුණු 1000 සීමාව අඩුම ඉනිම ගණනකින් පසු කළ විරාත් කෝලි හට ඒ සඳහා ඉනිම 27ක් වැය වී තිබිණි.

පාකිස්තාන – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී පන්දු 58ක දී ලකුණු 78ක් වාර්තා කරමින් මුළු ලකුණු 1031ක් කරා අසාම් ළඟා විය. ඔහුගේ විස්සයි විස්ස ඉනිමක වත්මන් ලකුණු සාමාන්‍යය 54.26කි. මේ වන විට නැගී එන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින අසාම් 2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පිට පිට එක්දින ශතක තුනක් රැස්කිරීමට ද සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<