ලසිත් කෲස්පුල්ලේ සහ සධීර සමරවික්‍රම ශතක ලබා ගනිති

900

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල, කෝල්ට්ස්, එස්. එස්. සී. සහ ටැමිල් යූනියන් කණ්ඩායම් සමත් විය.

අද (17) විසඳුමක් ලැබූ මෙම තරගවල ප්‍රතිවාදීන් වූයේ පිළිවෙළින් බ්ලූම්ෆීල්ඩ්, මූවර්ස්, මීගමුව සහ BRC කණ්ඩායම් ය.

මෙම තරගවල දී අද කැපී පෙණුන ක්‍රීඩකයන් වූයේ මීගමුව ක්‍රිකට් සමාජයේ ලසිත් කෲස්පුල්ලේ සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සධීර සමරවික්‍රම ය.

බවන්ත උඩංගමුවගෙන් දැවැන්ත ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ..

ගාල්ල ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

වැලිසර ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 320ක් ලබා ගත් අතර පළමු දිනය අවසන් වෙන විට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටිය හ. ඔවුන් අද තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණි.

එම ඉනිමේ දී අසේල් සිගේරා වැඩිම ලකුණු ලාභියා විය. ඒ ලකුණු 46ක් ලබා ගනිමිනි.

ලකුණු 140ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමටත් පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු ලකුණු 80ක් ලබා සිටිය හ.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (74.2) බවන්ත උඩංගමුව 184,රජීව වීරසිංහ 26, අවිඳු ප්‍රනාන්දු 56, ඉම්රාන් ඛාන් 3/46, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 3/74, අසන්ත සිංගප්පුලි 4/69

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (61.1) අසේල් සිගේරා 46, ඉම්රාන් ඛාන් 33, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 32, අරවින්ද ප්‍රේමරත්න 21. අශාර් වර්ණකුලසූරිය  4/30, රජීව් වීරසිංහ 4/78, ගයාන් සිරිසෝම 2/56

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 80 (24) හර්ෂ විතාන 30, ශානුක බණ්ඩාර 21, අරවින්ද ප්‍රේමරත්න 4/30

රෝස්කෝ, අශේන් ජෝන් කීල්ස් ශූරතාව කරා රැගෙන යයි

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධාන..

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූශ.

කාසියේ වාසිය දිනා ගත් කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබා සිටිය හ. ඔවුන් අද තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් පමණි.

ලකුණු 132ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබා සිටිය හ.

එම ඉනිමේ දී සධීර සමරවික්‍රම පන්දු 132කට මුහුණ දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පළමු ඉනිමේ දී ලකුණු 88ක් ලබා ගත් නිශාන් මධුශ්ක පන්දු 112කට මුහුණ දෙමින් දෙවැනි ඉනිමේ දී ලකුණු ද ලකුණු 89ක් ලබා ගත්තේ ය. ජෙහාන් ඩැනියෙල් පළමු ඉනිමේ දී සේ ම දෙවැනි ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (67) නිශාන් මධුශ්ක 88, හෂාන් දුමිඳු 40, සධීර සමරවික්‍රම 26, ජෙහාන් ඩැනියෙල් 51, චානුක ඩිල්ශාන් 4/89, තරිඳු කෞෂාල් 3/51

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (34) පබසර වඩුගේ 23, රමේෂ් මෙන්ඩිස් 26, නිසල තාරක 3/42, මහේෂ් තීක්ෂණ 3/10, කවිශ්ක අංජුල 2/31, ජෙහාන් ඩැනියෙල් 2/21

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 352 (73) සධීර සමරවික්‍රම 122, නිශාන් මධුශ්ක 89, අවිශ්ක ප්‍රනාන්දු 51, ජෙහාන් ඩැනියෙල් 58, රමේෂ් මෙන්ඩිස් 2/44, තරිඳු කෞෂාල් 2/90

UAE සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් සටනේ ශූරතා දෙකම නාලන්දාවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් හා කොළඹ ..

මීගමුව ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වෙති.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මීගමු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 192ක් පමණි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 173ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 264ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 65ක් ලබා සිටි චතුපම ගුණසිංහ තමන්ගේ ලකුණු ප්‍රමාණ්‍ය 82ක් දක්වා ගෙන යෑමට සමත් විය. ඔහු පන්දු 65කට මුහුණ දුන් අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. ඊට අමතරව කැනඩාවේ සිට පැමිණි කේවියන් නරේෂ් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තේ ය.

ලකුණු 74ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගත්හ. එම ඉනිමේ දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 180ක සබඳතාවක් ගොඩ නැගීමට ලසිත් කෲස්පුල්ලේ සහ සහ ශිහාන් ඩිලාශ්‍රී සමත් වූහ.

එම ඉනිමේ දී ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේ ය. ශිහාන් ඩිලාශ්‍රී ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 122කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් තිබුණි.

පන්දු යැවීමේ දී පැතුම් හසරංග පන්දු 4ක දී කිසිදු ලකුණක් ලබා නොදෙමින් කඩුලු 2ක් දවා ගත්තේ ය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (52.3) සනිත ද මෙල් 38, ශිහාන් ඩිලාශ්‍රී 30, සචින් දල්පදාදු 21, ලසිත්කෘෘස්පුල්ලේ 27, අකාශ් සේනාරත්න 7/87

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (54.4) ආකාශ් සේනාරත්න 26, චතුපම ගුණසිංහ 82, සම්මු අශාන් 35, කේවියන් නරේෂ් නොදැවී 40, ආකාශ් සේනාරත්න 26, සඳකැන් පතිරණ 2/109, සනිත ද මෙල් 4/55

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 256 (51.4) ලසිත් කෘෘස්පුල්ලේ 127, ශිහාන් ඩිලාශ්‍රී 84, සහන් ආරච්චිගේ 34, සම්මු අශාන් 2/41, පැතුම් හසරංග 2/0  

බී. ආර්. සී. සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 357ක් ලබා ගත් අතර එස්. එස්. සී. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ තරගය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 305ක් පමණි.

එම ඉනිමේ දී ලහිරු මිලන්ත, බිනුර ප්‍රනාන්දු සහ රමිත් රඹුක්වැල්ල අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ හ.

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 357 (87) සවීන් ගුණසේකර 70, රමින්ද විජේසූරිය 98, හෂේන් රාමනායක 48, ලසිත් ලක්ෂාන් 41, විකුම් සංජය 23, ඉසුරු දනංජය 2/21, තිලංග උදේශන 2/86, බිනුර ප්‍රනාන්දු 3/56, රමිත් රඹුක්වැල්ල 2/40

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 305 (85.3) ලහිරු මිලන්ත 76, බිනුර ප්‍රනාන්දු නොදැවී 91, රමිත් රඹුක්වැල්ල නොදැවී 54, අවිඳු තීක්ෂණ 28, කිත්රුවන් විතානගේ 20, විකුම් සංජය 2/75, ටී. එම්. සම්පත් 2/82

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<