ගෙවුණු දවස ජනවාරි 21 – මිලින්ද, උපුල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

306

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ලසිත් වර්ණකුලසූරිය සාන්ත ආනා ඉනිම වර්ණවත් කරයි

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී සාන්ත ආනා විද්‍යාලය ලබාගත් ලකුණු 259ට පිළිතුරු ලෙස ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 167ක් පමණි.

තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සාන්ත ආනා විද්‍යාලයේ ලසිත් වර්ණකුලසූරිය දියත් කළ දක්ෂ පිතිකරණ රටාව නිසාවෙන් සාන්ත ආනා විද්‍යාලය දැවැන්ත ලකුණු මට්ටමක් වෙත ගිය අතර කවිඳු රණසිංහ ලකුණු 41ක් ලබාගෙන සාන්ත ආනා මැදපෙළ සවිමත් කරන ලදි.

සම්පූර්ණ වාර්තාව: මදුෂිකගේ දක්ෂ පන්දු යැවීමෙන් සාන්ත ආනාවරුන් තිගැස්සෙයි!

ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා A ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සාමුහිකත්වය ඉදිරියේ නැවත වරක් අසරණ වූ සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (21) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙවැනි නිල නොලත් එක්දින තරගය ද පරාජයට පත්වූහ. ඒ ලකුණු 175කිනි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ඉතාම ලෙහෙසියෙන් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි විය.

සම්පූර්ණ වාර්තාව‍: තරංගගේ ශතකයට මිලින්ද වටිනාකමක් ලබා දේ

දිනයක අවසානය