UAE සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් සටනේ ශූරතා දෙකම නාලන්දාවට

336

එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ සිටින කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් හා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී සිසුන් අතර වාර්ෂිකව පැවැත්වෙන “එක්සත් අරාබියේ සුලෝහිත සංග්‍රාමය” නම් සුහද ක්‍රිකට් තරගාවලියේ 11 වැනි දිගහැරුම පසුගිය 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හිදී පැවැත්වුණු අතර එහි පැවති පළමු පෙළ හා දෙවන පෙළ ක්‍රිකට් තරග දෙකේම ශූරතා දිනා ගැනීමට ආදී නාලන්දා විද්‍යාලයේ කණ්ඩායම් සමත් විය.

මොකද්ද මේ භෞත චිකිත්සාව? ක්‍රීඩකයෙකුට එය අත්‍යාවශ්‍ය නොවේ?

භෞත චිකිත්සාව යන නම ඇසූ පමණින් අප බොහෝ දෙනෙකු පුදුම නොවන්නේ මෙම ක්‍රමය හරහා බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබා තිබෙන නිසාවෙනි. ඔබ ද සමහර විට භෞත චිකිත්සා ප්‍රතිකාර ලබා…

2004 වසරේ සිට පැවත එන මේ ක්‍රීඩා  තරගාවලියට ක්‍රිකට් හා රග්බි යන ක්‍රීඩා දෙක ඇතුලත්ව තිබේ. ඒ අතරින් පළමු පෙළ ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ පී. ද. එස්. කුලරත්න සමරු කුසලානය වෙනුවෙන් වන අතර දෙවන පෙළ ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ හිටපු ක්‍රිකට් පුහුණුකරුවෙක් වන ලයනල් මෙන්ඩිස් සමරු කුසලානය වෙනුවෙනි.

එතෙක් සාමාන්‍ය ලෙස පවත්වා ගෙන පැමිණි මේ ක්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ සිට විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර ඇත.

පළමු පෙළ ක්‍රිකට් තරගය

කාසියේ වාසිය දිනා ගත් ආදී නාලන්දා විද්‍යාල කණ්ඩායමේ නායක නාමල් ගුණවර්ධන පළමුව පන්දුවට පහර දීමට ආදී ආනන්ද විද්‍යාල පළමු පෙළ කණ්ඩායමට ආරාධනා කළේය. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිතිකරණයේ නිරත වන අචින්ත විතාරම්මලගේ පන්දු 29ක් තුල වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 54*ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී රංග කල්‍යාණරත්න හා  කාවින්ද ගමගේ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

සාන්ත පීතර, නාලන්දා හා සාන්ත තෝමසුවන්ට දැවැන්ත ජයග්‍රහණ

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග රැසක් අද (17) අවසන් වෙද්දී, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ…

ලකුණු 152ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ආදී නාලන්දා විද්‍යාලය පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේ නාමල් ගුණවර්ධනගේ සුපිරි පිතිකරණය ද සවියක් කරගෙනයි. වර්ණවත් පිතිකරණයක නිරත වූ ගුණවර්ධන ලකුණු 90*ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 56ක් පමණි. තරගයේ හොඳම පන්දු යවන්නා වූ ආදී ආනන්ද විද්‍යාල කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු පද්මපෙරුම ලකුණු 16කට කඩුලු 3ක් දවාගත්තේය.

අවසානයේ මේ තරගය නිමාව දුටුවේ ආදී නාලන්දා විද්‍යාල කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිකරදෙමිනි.

ආදී ආනන්ද විද්‍යාලය – 151/5 (20): අචින්ත විතාරම්මලගේ 54* (29), යසිත 31* (34), තක්ෂිත 17 (20), රංග කල්‍යාණරත්න 2/24, කාවින්ද ගමගේ 2/30.

ආදී නාලන්දා විද්‍යාලය –  155/5 (19.2): නාමල් ගුණවර්ධන 90* (56), අරුනලු ද සිල්වා 12 (17), තරිඳු පද්මපෙරුම 3/16.

  • හොඳම පිතිකරුවා – නාමල් ගුණවර්ධන (නාලන්දා විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – තරිඳු පද්මපෙරුම (ආනන්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – නාමල් ගුණවර්ධන (නාලන්දා විද්‍යාලය)

 

දෙවන පෙළ ක්‍රිකට් තරගය

පළමු පෙළ තරගය නිමා වීමෙන් පසුව පැවති මේ තරගය ද නාලන්දා විද්‍යාලය ලකුණු 43කින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 11 වැනි වරටත් පැවැත්වෙන එක්සත් අරාබියේ සුලෝහිත සංග්‍රාමයේ වැඩි වාසිය සිය විද්‍යාලය දෙසට හරවා ගනිමිනි.

කාසියේ වාසිය දිනා ගත් ආදී නාලන්දා විද්‍යාල දෙවන පෙළ ක්‍රිකට් නායක කෝසල කාරියවසම් පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගත් අතර ආදී නාලන්දා විද්‍යාලය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගන්නා ලදි. එහි දී දීප්ත හා චානක සේනාතිලක අර්ධ ශතක ලබාගෙන ආදී නාලන්දා විද්‍යාල ලකුණු පුවරුව සවිමත් කරද්දී ආදී නාලන්දා විද්‍යාල පිතිකරුවන් පාලනය කළ අරුණ ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යවන්නා බවට පත්විය.

නමුත් එයට පිළිතුරු දුන් ආදී ආනන්ද විද්‍යාලයට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 104ක් වන අතර උපුල් හා සජිත් සමරජීව දක්ෂ පන්දුකරණයක නිරත වෙමින් ආදී ආනන්ද විද්‍යාල දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් පාලනය කළේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වමතින් පිතිකරණයේ නිරත වන ධනුක ලකුණු 18යි.

ආදී නාලන්දා විද්‍යාලය – 147/7 (20): දීප්ත 57 (43), චානක සේනාතිලක 50 (48), අරුණ 5/22.

ආදී ආනන්ද විද්‍යාලය – 104/9 (20): ධනුක 18 (11), නිපුන අමරසිංහ 14 (18), උපුල් 3/15, සජිත් සමරජීව 3/17, සඳුන් කෝසල 2/09.

  • හොඳම පිතිකරුවා – දීප්ත (නාලන්දා විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – අරුණ (ආනන්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – චානක සේනාතිලක (නාලන්දා විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<