ප්‍රශාන්ත් විනිසුරු කටයුතු වලින් ඉවත් වේ

307

ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම පාපන්දු විනිසුරුවරයෙකු වන ප්‍රශාන්ත් රාජක්‍රිෂ්ණා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරු කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

තිස් නව හැවිරිදි රාජක්‍රිෂ්ණා මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියේය.

“මම මේ තීරණය ගත්තේ ඉතාම අපහසුවෙන්, වසර 11ක පාපන්දු දිවියකින් හා වසර තුනක් FIFA/AFC විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කිරීමෙන් පසුව මේ තීරණය ගැනීම බොහොම අමාරු වුනා.”

පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමය අභ්‍යන්තරයේ ඇති අර්බුදකාරී තත්වය මේ තීරණයට හේතුවන්නට ඇතැයි ද වාර්තාවේ.

“මම දේශපාලනඥයෙක් නොවේ, මම පාපන්දුලෝලියෙක්, මේක අමාරු තීරණයක්, නමුත් මට වෙන විකල්පයක් තිබුණේ නැහැ.”

ජර්මනියේ හැදී වැඩුණු ලංකාවේ දක්ෂයා; වසීම් රාසීක්

ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් ඒ ඒ රටවල දී විවිධ ක්ෂේත්‍ර..

ආසියානු පාපන්දු කවුන්සිලයේ (AFC) හා ජාත්‍යන්තර තරග රාශියක ඔහු විනිසුරු ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඩයලොග් ශූරයින්ගේ කුසලානය හා එෆ්. ඒ කුසලානයේ තරග රාශියක ද ඔහු විනිසුරු ලෙස කටයුතු කර තිබේ. 2017 FA කුසලාන අවසාන මහා තරගයේ විනිසුරු ලෙස කටයුතු කළේ ද ඔහුය.

රාජක්‍රිෂ්ණා ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම විනිසුරුවරුන් තිදෙනාගෙන් කෙනෙකු වන අතර බලධාරීන් තරගවලට සන්නිවේදන උපකරණ ගෙන ඒමට අසමත් වී තිබූ සමයක ජාත්‍යන්තර සන්නිවේදන උපාංග ශ්‍රී ලංකාවේ තරග සඳහා හඳුන්වා දුන්නේ ද ඔහුයි. ඔහුගේ දැඩි ක්‍රියා මාර්ග හා අනවශ්‍ය ක්‍රියාවලට දැඩි දඬුවම් දෙන විනිසුරු රටාව ක්‍රීඩකයින්ගේ, පුහුණුකරුවන්ගේ හා මාධ්‍යයේ දැඩි ප්‍රසාදයට ලක්විය.  

“ශ්‍රී ලංකාවේ හා ආසියානු පාපන්දු සම්මේලනයේ මා සමඟ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සියලුම විනිසුරුවරුන්ට ස්තුතියි, FIFA, AFC හා FFSL බලධාරීන්ට මා සුබ පතනවා, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට හා ක්‍රීඩා සමාජවලට මම සුබ පතනවා, මම සතුටු වෙනවා ක්‍රීඩාවේ දී සතුරන් ඇතිකර ගැනීමට වඩා මට ආදරය කරන ප්‍රේක්ෂකයින් පිරිසකගේ හදවත් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව, මම සෑම තරගයක සෑම මිනිත්තු 90ක්ම උපරිම ලෙස සතුටින් භුක්ති වින්දා.”

කෙසේ වුවත් ඔහු ආදරය කරන පාපන්දු පිටියට සමුදීමේ බලාපොරොත්තුවක් ඔහුට නොමැත.

“පාපන්දු පිටිය මගේ ජීවිතේම කොටසක්, මම බලාපොරොත්තු වෙනවා FIFA/AFC තරග තීරකවරයෙකු වෙන්න, සියලු දෙනාට දෙවියන්ගේ පිහිටයි.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<