පන්දු යවන්නෝ දිනය වටලයි

Major Clubs T20 Tournament

96
Major Clubs T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (15) අවසන් වූ අතර එහි දී පිතිකරුවන් අභිබවා යමින් වැඩි දක්ෂතා දැක්වීමට පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා.

ඔවුන් අතුරින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූයේ Tamil Union ක්‍රිකට් සමාජය නියෝජනය කරන 23 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන තීසාන් විතුශාන්. ඔහු Negombo ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දැක් වූවා. එය ඔහුගේ තරග 3ක් වන විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

මේ අතර Moors ක්‍රීඩා සමාජය නියෝජනය කරන දකුණතින් මඳ වේග පන්දු යවන ටිලංග උදේශන ද අද තම විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා. Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහු මෙම දක්ෂතාව දැක් වූවා.

Badureliya ක්‍රීඩා සමාජයේ 20 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන ශේන් විජේසිංහ ද තම තරග 2ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා. ඔහු BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් එම දක්ෂතාව දැක් වූවා.

මේ අතර Negombo ක්‍රිකට් සමාජයේ 32 හැවිරිදි වියේ පසුවෙන චනුර ප්‍රනාන්දු ද අද තම විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා. ඔහු Tamil Union ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් එම දක්ෂතාව දැක් වූවා.

පන්දු යවන්නන් එලෙසින් දක්ෂතා දක්වමින් කැපී පෙනෙද්දී දිනයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් වූයේ  Ace Capital කණ්ඩායමේ 23 හැවිරිදි වියේ පසුවෙන පවන්ත වීරසිංහ. ඔහු SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා.

මේ අතර අද තම තරග 8ක් වන විස්සයි විස්ස තරගයට සහභාගී වූ Moors ක්‍රීඩා සමාජයේ 23 හැවිරිදි වියේ පසුවෙන ජනිශ්ක පෙරේරා ද තම හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වූවා. Chilaw Marians ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව පන්දු 41කට මුහුණ දුන් ඔහු හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා ගත්තා.

අද පැවැති තරගවල දී Negombo ක්‍රිකට් සමාජයට එරෙහි ව Tamil Union ක්‍රිකට් සමාජය ලකුණු 71ක ජයග්‍රහණයක් ද, SSC කණ්ඩායමට එරෙහි ව Ace Capital ක්‍රිකට් සමාජය ලකුණු 46ක ජයග්‍රහණයක් ද, Badureliya ක්‍රීඩා සමාජයට එරෙහි ව BRC කණ්ඩායම කඩුලු 5ක ජයක් ද සහ Chilaw Marians ක්‍රිකට් සමාජයට එරෙහි ව Moors ක්‍රීඩා සමාජය කඩුලු 8ක ජයග්‍රහණයක් ද වාර්තා කළා.

මේ අතර  Moors ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම් අද දවසේ දී වාර්තා කරන්නේ තම 2 වැනි ජයග්‍රහණ වු අතර ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම් ද්විත්වය බවට ද මේ සමඟින් පත් වූවා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union සහ Colts අතර මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

Tamil Union ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී 147 (20.0) සිතාර හපුහින්න 35, තෙවිඳු සේනාරත්න 29, චනුර ප්‍රනාන්දු 4/31, නිශාන් පීරිස් 2/31, ශෙෂාන් ප්‍රනාන්දු 2/29

 

Negombo ක්‍රිකට් සමාජය – සියලුම දෙනා දැවී 76 (15.5) උමේෂ් ලක්ෂාන් 16, තීසාන් විතුශාන් 5/20

 

Tamil Union ක්‍රිකට් සමාජයට ලකුණු 71ක ජයක්.

Ace Capitalසහ SSC අතර මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

Ace Capital ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී 178 (20.0) තනුක දාබරේ 40, පවන්ත වීරසිංහ නොදැවී 60, සකුන ලියනගේ 26, ධනුශ්ක ගුණතිලක 2/16

 

SSC – කඩුලු 9ක් දැවී 132 (20.0) අවිශ්ක ප්‍රනාන්දු 27, ධනුශ්ක ගුණතිලක 25, දනාල් හේමානන්ද 3/21, නිම්සර අතරගල්ල 2/19

 

Ace Capital ක්‍රිකට් සමාජයට ලකුණු 46ක ජයක්.

BRC සහ Badureliya අතර SSC පිටියේ දී.

 

Badureliya ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී 80 (20.0) අලංකාර අසංක 17, Amartya Kaul නොදැවී 18, මොහොමඩ් ශිරාෂ් 3/15, මාලින්ද පුෂ්පකුමාර 2/18

 

BRC කඩුලු 5ක් දැවී85 (10.4) රවිජ සඳරුවන් 40, මොවින් සුබසිංහ නොදැවී 18, ෂෙහාන් විජේසිංහ 4/21

 

BRC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Chilaw Marians සහ Moors අතර SSC පිටියේ දී.

 

Chilaw Marians ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී 124 (20.0) ලසිත් ලක්ෂාන් 19, අයෝන් ප්‍රනාන්දු 19, චතුමල් නිමේෂ් 29, කවිඳු නිර්මාන 21, ටිලංග උදේශන 4/16, මල්ෂ තරුපති 2/20

 

Moors ්‍රීඩා සමාජය – කඩුලු 2ක් දැවී 128 (16.5) ජනිශ්ක පෙරේරා නොදැවී 49, සොහාන් ද ලිවේරා 47, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 29, රජින්ද පුංචිහේවා 1/20

 

Moors ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක්.

Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<