වසර 10ක වාර්තාවක් අලුත් කරමින් දකුණු අප්‍රිකානුවන් ජය සමරයි

1431
courtsey - Getty Images

ඩේවිඩ් මිලර් හා ෆෆ් ඩියු ප්ලේසී එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයක දී ගොඩනැඟූ ලකුණු 252ක සබඳතාවය නිසාවෙන් දෙරට අතර හෝබාර්ට් හිදී අද (11) පැවති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් ලකුණු 40කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානුවන් සමත් වූයේ තරග 2-1ක් ලෙස තරගාවලිය ද ජයග්‍රහණය කරමිනි.

ඕස්ට්‍රේලියානු එක්දින පරාජයන් රැල්ලට තිත

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද (9) ඇඩිලේඩි හිදී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 7කින් ජය ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1-1ක් ලෙස තරග .

තරගාවලියේ නියම ශූරයින් තමන් බව පසක් කරදීම වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් හා ඕස්ට්‍රේලියානුවන් මේ තරගයේ දී පිටියට පිවිසියේ කෙසේ හෝ මේ තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිවයි. දෙපිලේ නායකයින් අතර ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කරන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 නිමාවේ දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 320ක් ලබා ගත්තේය. එම දැවැන්ත ලකුණු පුවරුවට පිළිතුරු දුන් සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඔවුන්ගේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 280ක් පමණි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තරගයේ පළමු පන්දුවාර 15 තුල දකුණු අප්‍රිකානු පිතිකරුවන්ව පාලනය කළේ ඔවුන්ගේ මුල්පෙළ ප්‍රබල කඩුලු 3ක් ලකුණු 55ක් තුල දවා ගනිමිනි.

ඉන් අනතුරුව පිටියේ එක්වූ නායක ෆෆ් ඩියු ප්ලේසී හා ඩේවිඩ් මිලර් එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 252ක් වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 320ක් දක්වා දකුණු අප්‍රිකානු ලකුණු සටහන වර්ධනය කිරීමට අවශ්‍ය මූලික ජවය සපයන ලදි.

ඔවුන් දෙදෙනා විසින් අද දිනයේ දී අලුත් කළ වාර්තාව වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව දකුණු අප්‍රිකානු පිතිකරුවන් යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැංවූ හොඳම එක්දින සබඳතාවය යන වාර්තාවයි. එම වාර්තාවට මිට පෙර හිමිකම් කීවේ දකුණතින් පිතිකරණයේ නිරත වන ප්ලේසී හා ඒ. බී. ඩිවිලියර්ස් දෙදෙනා වන අතර ඔවුන් දෙදෙනා 3 වන කඩුල්ල වෙනුවෙන් 2014 වසරේ දී ලකුණු 206ක සබඳතාවයක් පිහිට විය.

දකුණු අප්‍රිකානු නායක  ප්ලේසී 4 පහර 15ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟ ලකුණු 125ක් ලබා ගත් නමුත්, හෝබාර්ට් පිටියට පැමිණ සිටි දහසකුත් ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානය දිනා ගත්තේ පන්දු 108කින් ලකුණු 139ක් උදුරා ගත් ඩේවිඩ් මිලර්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයයි. මිලර්ගේ ඉනිම මනරම් හතරේ පහර 13කින් සහ දැවැන්ත හයේ පහර 4කින් වර්ණවත් විය.

සහිරා පන්දු යවන්නෝ ජනාධිපති විද්‍යාලය මට්ටු කරති

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග කිහිපයක් අද (11) ක්‍රියාත්මක විය. ඒ අතරින් නිමා වූ එක් තරගයක දී…

දකුණු අප්‍රිකානු ඉනිමේ 40වැනි පන්දු වාරය අවසානයේ දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3කට ලකුණු 190 ක් ලෙසිනි. එහෙත් 41 වැනි පන්දු වාරයේ දී පැට් කමින්ග්ස් හමුවේ ලකුණු 9ක් උදුරා ගත් මිලර් සහ ප්ලේසී දෙදෙනා ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුවාර 10 දී ලකුණු 130ක් ලබාගැනීම සඳහා අවශ්‍ය මඟ විවර කරගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් පන්දුවාර  4 දී දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ලකුණු 64ක් උදුරා ගත්හ.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් හා මාර්ක් ස්ටෝනිස් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 321ක දැවැන්ත ලකුණක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය වන දකුණතින් පිතිකරණයේ නිරත වන නායක ෆින්ච් හා ක්‍රිස් ලින් යන ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ කඩුලුවලට වගකීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් වන ලුන්ගි නිගිඩි හා ඩේල් ස්ටේන් සමත් වූහ.

40 වැනි ලකුණ පුවරුවට එක්වීමත් පෙර කැන්ගරුවන්ගේ තුන්වැනි කඩුල්ලත් දැවී ගිය නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩනැංවූ වමතින් පිතිකරණයේ නිරත වන ෂෝන් මාෂ් (106) සහ මාර්ක් ස්ටෝනිස් (63) ඕස්ට්‍රේලියානු බලාපොරොත්තු අලුත් කළ ද දකුණු අප්‍රිකානු පිතිකරුවන් ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුවාර 10 දී සිදු කළ විශ්මය කිරීමට සත්කාරක ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අපොහොසත් වූයේ දකුණු අප්‍රිකානුවන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම නිසයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාෂ් 4 පහර 7ක් හා 6 පහර 4ක් සමඟ මේ තරගයේ දී ලබා ගත් ලකුණු 106 ලබා ගැනීමට වැය කළේ පන්දු 102ක් වන අතර එහි දී ඔහු විසින් සපුරා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 6 වන ශතකයයි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා හා ස්ටේන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

අසංලකට ටෙස්ට් වරම්; චන්දිමාල් සංචිතයෙන් ඉවතට

සංචාරක එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති…

මෙම පරාජය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරග 14ක දී ලද 12 වැනි පරාජය වන අතර දකුණු අප්‍රිකානුවන් ඕස්ට්‍රේලියාවේ දී ඔවුන්ට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ වසර 10කට පසුවයි. (2008/09 දී ඕස්ට්‍රේලියාවේ දී පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකානුවන් තරග 4-1ක් ලෙස ජයග්‍රහණය කළේය)

දකුණු අප්‍රිකාව – 320/5 (50): ඩේවිඩ් මිලර් 139, ෆෆ් ඩියු ප්ලේසී 125, එයිඩ්න් මාක්‍රම් 32, මිචෙල් ස්ටාර්ක් 2/57, මාර්ක් ස්ටෝනිස් 2/70

ඕස්ට්‍රේලියාව – 280/9 (50): ශෝන් මාෂ් 103, මාර්ක් ස්ටෝනිස් 63, ඇලෙක් කේරි 42, ග්ලෙන් මැක්ස්වෙල් 35, කගීසෝ රබාඩා 3/40, ඩේල් ස්ටේන් 3/45.

තරගයේ හා තරගාවලියේ වීරයා – ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව)

දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ මස 17 වැනිදා ක්වින්ස්ලන්ඩ් නුවර කරාරා ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. එහි තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳෙන්න.

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<