වේග පන්දු යවන්නෝ දික්වැල්ලගේ ශතකයේ රැස් බාල කරයි

Major Clubs Limited Over Tournament 2023/24

435
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (03) දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ කිහිපයක දී ම නිමා වූවා.

ඒ අතුරින් NCC කණ්ඩායම සහ Ace Capital කණ්ඩායම අතර පැවැති තරගයේ දී NCC කණ්ඩායමේ නිරෝශන දික්වැල්ල ශතකයක් ලබා ගත්තා. එය අද දවසේ වාර්තා වූ එක ම ශතකය ද වූවා. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 115ක් ලබා ගත්තා.

නමුත් එම ශතකය අභිබවමින් වේග පන්දු යවන්නෝ සිවු දෙනෙක් ම List A තරග ලැයිස්තුවල තම හොඳම පන්දු යැවීම් වාර්තා කරමින් කැපී පෙණුනා. ඒ අනුව චාමික ගුණසේකර, කවිශ්ක අංජුල, ශිරාන් ප්‍රනාන්දු සහ චමත් ගෝමස් මෙසේ දක්ෂතා දැක් වූවා.

NCC කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන චාමික ගුණසේකර තම List A ලැයිස්තුවේ තරග 15ක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Ace Capital කණ්ඩායමට එරෙහිව ලකුණු 64කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

Colts කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන කවිශ්ක අංජුල තම List A ලැයිස්තුවේ තරග 44ක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Tamil Union කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

මේ අතර Tamil Union කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු තම List A තරග 50ක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Colts කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

Ragama කණ්ඩායමේ 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන චමත් ගෝමස් ද අද තම තරග 8ක් වන List A ලැයිස්තුවේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඒ Moors කණ්ඩායමට එරෙහිව ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

මේ අතර අද දවස තුළ අවසන් වූ තරගවල දී CCC කණ්ඩායමේ මිනෝද් භානුක, BRC කණ්ඩායමමේ රිසිර වීරසූරිය, Sri Lanka Army කණ්ඩායමේ ෂෙහාන් ප්‍රනාන්දු, Chilaw Marians කණ්ඩායමේ චමෝද් සඳරු, SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල්, ක්‍රිශාන් සංජුල සහ රනුද සෝමරත්න, Nugegoda කණ්ඩායමේ තිලකරත්න සම්පත්, Badureliya කණ්ඩායමේ රනේෂ් සිල්වා, Bloomfield කණ්ඩායමේ හසිත බෝයගොඩ Ragama කණ්ඩායමේ නිශාන් මධුශ්ක අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළා.

Group A

  • Police SC සහ CCC
    • ක්‍රීඩාංගණය – පොලිස් උද්‍යානය, කොළඹ.
    • කාසියේ වාසිය – CCC

Police SC – සියලුම දෙනා දැවී 163 (45.1) චතුරංග ජයතිලක 28, නුවන් ප්‍රදීප් 33, ලක්ෂාන් සඳකැන් 3/34, චතුරංග ද සිල්වා 3/15, වනිඳු හසරංග 3/37

CCC – කඩුලු 5ක් දැවී 164 (32.1) මිනෝද් භානුක 89, ධනංජය ද සිල්වා 26, නලින් ප්‍රියදර්ශන 2/44

CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • Kurunegala Youth CC සහ Sri Lanka Air Force
    • ක්‍රීඩාංගණය – වෙළගෙදර, කුරුණෑගල.
    • කාසියේ වාසිය – Sri Lanka Air Force

Kurunegala Youth CC – කඩුලු 9ක් දැවී 114 (20.0) අමේෂ් තෙන්නකෝන් 23, සනෝජ් දර්ශික 25, නවීන් ප්‍රනාන්දු 23, ලසඳ රුක්මාල් 3/20, ප්‍රවීන් ද සිල්වා 2/37

Sri Lanka Air Force – සියලුම දෙනා දැවී 90 (17.3) මොවින් සුබසිංහ 25, චානුක ඩිල්ශාන් 2/11, ශිවකුමාර් ටිරෝන් 2/17, සමීර සඳමාල් 3/15

Kurunegala Youth කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

  • Negombo CC සහ Galle CC
    • ක්‍රීඩාංගණය – FTZ, කටුනායක.
    • කාසියේ වාසිය – Galle CC

Negombo CC – සියලුම දෙනා දැවී 135 (37.4) උමේෂ් ලක්ෂාන් 35, මාධව වර්ණපුර 27, Jatin Saxena 22, සහන් අදීශ 4/19, පසිඳු මදුශාන් 4/27

Galle CC – සියලුම දෙනා දැවී 116 (40.5) විශ්ව විජේරත්න 20, තරින්ද ගුරුගේ නොදැවී 26, ඩිල්ශාන් මුණවීර 3/27, උපුල් ඉන්ද්‍රසිරි 2/16, Jatin Saxena 3/17

Negombo කණ්ඩායමට ලකුණු 19ක ජයක්.

  • Tamil Union C& AC සහ Colts CC
    • ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ.
    • කාසියේ වාසිය – Colts CC

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 76 (26.3) දසස් මංචනායක 16, කවිෂ්ක අංජුල 5/25, ධනංජය ලක්ෂාන් 3/22

Colts CC – කඩුලු 7ක් දැවී 77 (24.1) ධනංජය ලක්ෂාන් 18, ශිරාන් ප්‍රනාන්දු 5/22

Colts කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

  • Ragama CC සහ Moors SC
    1. ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් පෙදෙස.
    2. කාසියේ වාසිය – Ragama CC

Moors SC – සියලුම දෙනා දැවී 74 (19.4) සොහාන් ද ලිවේරා 22, සංතුශ් ගුණතිලක 4/29, චමත් ගෝමස් 5/21

Ragama CC – කඩුලු 4ක් දැවී 77 (14.3) නිශාන් මධුශ්ක නොදැවී 51, ප්‍රවීන් ජයවික්‍රම 2/01

Ragama කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Group B

  • BRC සහ Sri Lanka Army SC
    • ක්‍රීඩාංගණය – BRC, හැව්ලොක් පෙදෙස
    • කාසියේ වාසිය – BRC

BRC – කඩුලු 9ක් දැවී 239 (50.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 34, රිසිර වීරසූරිය 75, උමේෂ්ක මොරායස් නොදැවී 32, ශෙහඳ සොයිසා 2/52, සීක්කුගේ ප්‍රසන්න 3/40

Sri Lanka Army SC – කඩුලු 5ක් දැවී 241 (41.2) ෂෙහාන් ප්‍රනාන්දු 82, දිනේෂ් චන්දිමාල් 32, අසේල ගුණරත්න 48, පැතුම් කුමාර නොදැවී 27, ලක්ෂාන් එදිරිසිංහ 32, උමේෂ්ක මොරායස් 2/17, දුශාන් හේමන්ත 2/50

Sri Lanka Army කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • SSC සහ Chilaw Marians CC
    • ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.
    • කාසියේ වාසිය – Chilaw Marians CC

SSC – කඩුලු 6ක් දැවී 285 (50.0) ශෙවෝන් ඩැනියෙල් 63, ක්‍රිශාන් සංජුල 51, නිපුන් ධනංජය 36, රනුද සෝමරත්න නොදැවී 65, චමිඳු වික්‍රමසිංහ 40, පුලින තරංග 3/61

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 188 (41.2) කසුන් විදුර 22, චමෝද් සඳරු 69, ප්‍රභාත් ජයසූරිය 2/24, ධනුශ්ක ගුණතිලක 2/22, කවිඳු නදීශාන් 3/58

SSC කණ්ඩායමට ලකුණු 97ක ජයක්.

  • NCC සහ Ace Capital CC
    • ක්‍රීඩාංගණය – NCC, කොළඹ 7.
    • කාසියේ වාසිය – NCC

Ace Capital CC – සියලුම දෙනා දැවී 204 (37.0) තීරක රණතුංග 25, වනුජ සහන් 51, රවිඳු රත්නායක 89, චාමික ගුණසේකර 5/64, අශේන් ඩැනියෙල් 3/33

NCC – කඩුලු 3ක් දැවී 207 (25.3) නිරෝෂන දිවැල්ල නොදැවී 115, ලහිරු උදාර 22, කමිල් මිෂාර 36, රොෂාන් ජයතිස්ස 2/54

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • Nugegoda SWC සහ Kandy Customs CC
    • ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර.
    • කාසියේ වාසිය – Nugegoda SWC

Nugegoda SWC – සියලුම දෙනා දැවී 194 (34.1) තිලකරත්න සම්පත් 64, රුමේෂ් බුද්ධික 21, රාහුල් ගුණසේකර 24, රනිත ලියනාරච්චි 21, මිතුන් ජයවික්‍රම 3/44, යොහාන් මද්දගේ 3/42, ඉමේෂ් උදයංග 2/33

Kandy Customs CC – කඩුලු 8ක් දැවී 195 (41.1) තෙවිඳු දික්වැල්ල 26, ඉමේෂ් උදයංග 33, හසිත නිර්මාල් 24, කසුන් මධුශංක නොදැවී 26, ලහිරු ගමගේ 2/17, චලන ද සිල්වා 3/42, තිලකරත්න සම්පත් 2/48

Kandy Customs කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • Badureliya SCසහ Bloomfield C & AC
    • ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.
    • කාසියේ වාසිය – Bloomfield C & AC

Badureliya SC – කඩුලු 8ක් දැවී 244 (50.0) අලංකාර අසංක 29, රනේෂ් සිල්වා 67, දුනිත් ජයතුංග නොදැවී 39, රොහාන් සංජය 20, සසංක නිර්මාල් නොදැවී 24, ලහිරු මධුශංක 2/35, චමත් වික්‍රමසිංහ 2/51, තරිඳු ලමාහේවගේ 2/54

Bloomfield C & AC – කඩුලු 9ක් දැවී 239 (50.0) සඳුන් වීරක්කොඩි 30, හසිත බෝයගොඩ 63, යොහාන් ද සිල්වා 36, නිපුන් කරුණානායක 29, ලහිරු මධුශංක 20, මනෙල්ක ද සිල්වා 27, ගිහාන් කොරලගේ 2/45, අනුක් ප්‍රනාන්දු 3/17

Badureliya කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<