2022 IPL දොර වැසුණු ප්‍රබල ක්‍රීඩකයින්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

6360
IPL 2022 Auction

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දා (13) නිමා වුනේ ඉන්දීය රුපියල් බිලියන 5.52ක වාර්තාගත වටිනාකමක් සටහන් කරමින්. එහි දී විදෙස් ක්‍රීඩකයන් 67ක් ඇතුළුව ක්‍රීඩකයන් 204 දෙනෙකු අලෙවි වී තිබුණා.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වුනු ක්‍රීඩකයින් අතරින් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ක්‍රීඩකයින් 76 දෙනෙක් අලෙවි නොවුණු අතර ඉන් ක්‍රීඩකයින් 22 දෙනෙක් ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන ක්‍රීඩකයින් වුනා.

IPL ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැනි ස්ථානයේ සිටින සුරේෂ් රයිනා, ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින Tabraiz Shamsi, එහි තෙවැනි තැන සිටින Adil Rashid සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Adam Zampa මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් වුනු නමුත් ඔවුන් මිල දී ගැනීම සඳහා එකදු හෝ කණ්ඩායමක් හෝ උත්සහ කළේ නැහැ.

එසේම ලොව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan මේ වෙන්දේසියේ දී අලෙවි වුනේ නැහැ. ඊට අමතරව ගියවර IPL ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගැනීම දක්වා Kolkata Knight Riders මෙහෙයවූ එංගලන්ත පිතිකරු Eoin Morgan මිලට ගැනීමට ද කිසිදු කණ්ඩායමක් කැමැත්ත පළ කළේ නැහැ.

එවැනි පසුබිමක මෙවර වෙන්දේසියේ අලෙවි වූ ක්‍රීඩකයින් 204 දෙනාගෙන් 146 දෙනෙකුම තුන් ඉරියව් ක්‍රීඩකයින් හෝ පන්දු යවන්නන් වනවා. මේ ක්‍රීඩකයන් ද විශාල මුදලකට අලෙවි වීම විශේෂත්වයක්.

වැඩිම මුදලකට මිල දී ගත් ක්‍රීඩකයන් 30 දෙනාගෙන් පිතිකරුවන් හෝ කඩුලු රකින්නන් සිටින්නේ 7 දෙනෙකු පමණයි. ඉන්දීය රුපියල් කෝටි 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.3) හෝ ඊට වැඩි ලංසු උපයා ගත් ක්‍රීඩකයින් 11 දෙනෙකු සිටින අතර ඉන් 5 දෙනෙක් පන්දු යවන්නන් වනවා.

ඒ අතරින් තිදෙනෙක් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර දෙදෙනෙක් කඩුලු රකින්නන් වනවා. මෙම ක්‍රීඩකයන් අතරින් විශේෂඥ පිතිකරුවන් සිටින්නේ එක් අයෙකු පමණයි.

මෙවර වෙන්දේසියේ දී වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයින් බවට ඉන්දීය ක්‍රීඩකයන් පත්ව තිබීම විශේෂත්වයක්. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයන් තිදෙනා ලෙස Ishan Kishan, Deepak Chahar සහ Shreyas Iyer පත්වුනා.

මෙවර IPL වෙන්දේසියේ දී අලෙවි නොවුණු ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහත පරිදි වෙනවා,

  • Roston Chase (Base price INR 1 crore)
  • Ben Cutting (Base price INR 75 lakh)
  • Martin Guptill (Base price INR 75 lakh)
  • Piyush Chawla (Base price INR 1 crore)
  • Ish Sodhi (Base price INR 50 lakh)
  • Tabraiz Shamsi (Base price INR 1 crore)
  • Sheldon Cottrell (Base price INR 75 lakh)
  • Ishant Sharma (Base price INR 1.5 crore)
  • Cheteshwar Pujara (Base price INR 50 lakh)
  • Aaron Finch (Base price INR 1.5 crore)
  • Eoin Morgan (Base price INR 1.5 crore)
  • Marnus Labuschagne (Base price INR 1 crore)
  • Dawid Malan (Base price INR 1.5 crore)
  • Sandeep Lamichhane (Base price INR 40 lakh)
  • Amit Mishra (Base price INR 1.5 crore)
  • Adam Zampa (Base price INR 2 crore)
  • Imran Tahir (Base price INR 2 crore)
  • Mujeeb Ur Rahman (Base price INR 2 crore)
  • Adil Rashid (Base price INR 2 crore)
  • Shakib Al Hasan (Base price INR 2 crore)
  • Steven Smith (Base price INR 2 crore)
  • Suresh Raina (Base price INR 2 crore)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<