වර්ෂාව පරදවමින් BRC, පොලිස් සහ නාවිකයින්ට ජයග්‍රහණ

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

1942

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (24) පැවැත්වුණේ වර්ෂාවෙන් එල්ල වූ බාධා මධ්‍යයේයි.

දිවයින පුරා කඩින් කඩ ඇඳ හැලුණු වර්ෂාව නිසාවෙන් තරග පහක් අතහැර දැමීමට සිදු වූ අතර තවත් තරග තුනක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට සිදු වුනා.

Dan Mousleyගේ අගනා ශතකය (105) සහ දුෂාන් හේමන්තගේ තුන් ඉරියව් (46 & 4/34) දස්කම් නිසාවෙන් Nugegoda Sports & Welfare Club ක්‍රීඩකයන් පරදවා DLS න්‍යාය මත ලකුණු 134ක ජයක් ලබා ගැනීමට BRC ක්‍රීඩකයන්ට හැකි වුනා. තරගය වර්ෂාව නිසාවෙන් පන්දුවාර 34කට සීමා කර තිබුණා.

පන්දුවාර 34කට සීමා වූ පොලිස් ක්‍රීඩා සමාජය සහ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය ටී. එම්. සම්පත් ලබා ගත් අර්ධ ශතකය (51) සහ නලින් ප්‍රියදර්ශනගේ සුපිරි පන්දු යැවීමත් (5/39) නිසා ලකුණු 62ක ජයක් පොලිස් කණ්ඩායමට හිමි වුනා.

ඉතාමත් තියුණු සටනකින් පසු නාවික හමුදා ක්‍රීඩා සමාජය පරදවා කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයන්ට හැකි වුනා. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ගයාන් සිරිසෝම ලකුණු 15කට කඩුලු 4යි.

GROUP A

  • Venue – Burgher Recreation Club Ground, Colombo
  • Toss – BRC

Burgher Recreation Club – 232/10 (33.5): Dan Mousley 105, දුෂාන් හේමන්ත 46, රාහුල් ගුණසේකර 3/35, නිලන්ක ප්‍රේමරත්න 3/50

Nugegoda SWC – 98/10 (23.3): රවීන් සේයර් 23, දුෂාන් හේමන්ත 4/34, ළහිරු සමරකෝන් 2/13

BRC කණ්ඩායමට ලකුණු 164ක ජයක් (DLS)

GROUP A

  • Venue – Army Ordnance Corps International Cricket Stadium
  • Toss – Moors Sports Club

Negombo Cricket Club – 100/8 (28): ඇන්ජලෝ ජයසිංහ 47, චානුක ඩිල්ෂාන් 2/16, අදීෂ තිලංචන 2/20, දුෂාන් විමුක්ති 2/21

Moors Sports Club – 67/4 (15.1): සාලින්ද උෂාන් 20, උපුල් ඉන්ද්‍රසිරි 2/16

තරගය ප්‍රතිඵලයක් රහිතයි.

GROUP A

  • Venue – Navy Ground, Welisara
  • Toss – Navy Sports Club

Navy Sports Club – 111 (38.1): මධුර මධුශංක 35, ගයාන් සිරිසෝම 4/15, මධුෂංක ප්‍රේමරත්න 3/25

Air Force Sports Club – 112/8 (29.1): උදයවංශ පරාක්‍රම 21, මොවින් සුභසිංහ 21, පසිඳු මධුෂාන් 3/26

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 2ක ජයක්.

GROUP B

  • Venue – Colts Cricket Club Ground, Colombo
  • Toss – Police Sports Club

Police Sports Club – 171/10 (33): තිලකරත්න සම්පත් 51, නදීර බාලසූරිය 32*, සුජාන් මයුර 23, අකිල ධනංජය 3/31.

Colombo Colts Cricket Club – 109 (21.1): සංගීත් කුරේ 33, නලින් ප්‍රියදර්ශන 5/39, ළහිරු දියන්ත 3/20.

පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 62ක ජයක්. (DLS)

GROUP B

  • Venue – Chilaw Marians Cricket Club Ground, FTZ Sports Complex
  • Toss – Galle Cricket Club

Chilaw Marians Cricket Club – 192/10 (32.5): රුමේෂ් බුද්ධික 50, තික්ෂිල ද සිල්වා 33, පුලින තරංග 31, සුභානු රාජපක්ෂ 3/32, රජිත ප්‍රියාන් 2/23.

Galle Cricket Club– 96/1 (15.1): යසෝධ ලංකා 46, ලිසුල ලක්ෂාන් 31*.

තරගය ප්‍රතිඵලයක් රහිතයි.

GROUP B

  • Venue – Surrey Village, Maggona
  • Toss – Panadura Sports Club

Panadura Sports Club – 144/10 (20): ශනුක දුලාජ් 45, මාලිංග අමරසිංහ 20, උදිත් මධුෂාන් 3/34, ප්‍රමෝද් මධුවන්ත 2/22.

Saracens Sports Club– 30/1 (07)

තරගය ප්‍රතිඵලයක් රහිතයි.

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<