කෝල්ට්ස් සහ පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි දිනයේ දී ම ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන් දින තරඟාවලිය

199
Major Club Emerging 3-Day Tournament 2022

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලියේ සිව්වැනි සතිය ඊයේ (11) ආරම්භ වුනා. එහි දී ශ්‍රී ලංකාව පුරා විවිධ ස්ථානවල තරග 12ක් පැවැත්වෙන අතර අද සිව්වැනි සතියේ දෙවැනි දිනය නිමා වුනා.

සිව්වැනි සතියේ දී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

කෝල්ට්ස් සිය ක්‍රීඩාංගණයේ දී තවත් ජයග්‍රහණයක් වාර්තා කළේ ඔවුන් ක්‍රීඩා කළ තරග 4ක දී ජයග්‍රහණ 4ක් වාර්තා කරමින්. පළමු දිනයේ දී පළමු ඉනිම සඳහා ප්‍රබල ලකුණු 400ක් රැස්කිරීමෙන් පසුව ඔවුන් අද දිනයේ දී Ace Capital ක්‍රීඩා සමාජයේ ඉනිම් දෙකම අද දිනයේ දී අවසන් කිරීමට සමත් වුනා.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජ‍යේ ඔවුන්ගේ පළපුරුදු වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස් පළමු ඉනිමේ දී කඩුලු 6ක් දවා ගත් අතර ඔහු තරගයේ දී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා. මෙය තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ පළමු තරගයයි.

පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් පිටියේ පැවති තරගයේ දී ලකුණු 96ක ඉලක්කයක් හඹා ගිය පොලිස් ක්‍රීඩකයෝ කඩුලු තුනක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. පොලිස් කණ්ඩායම ලකුණු 132කට සීමා කරමින් ලකුණු 8ක වාසියක් සමඟින් දෙවැනි ඉනිම ආරම්භ කළ පානදුර කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 87කට සීමා වුනා. පානදුර නායක සසංක නිර්මාල් පළමු ඉනිමේ දී කඩුලු 6ක් දවා ගැනීමට සමත්වුවත්, ඔවුන්ගේ පිතිකරුවන්ට ඉන් ප්‍රයෝජන ගැනීමට නොහැකි වුනා.

තරගාවලියේ 6 වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට රාගම ක්‍රීඩක අවිශ්ක තරිඳු සමත් වුනා. ඊයේ දිනයේ දී ඔහු නොදැවී ලකුණු 159ක් ලබා සිටියා. ඉනිම අත්හිටුවන විට ඔහු නොදැවී ලකුණු 210ක් ලබා සිටියා. අවිශ්ක මෙවර තරගාවලියේ ලකුණු 200 ඉක්මවූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන් වුනා.

ඔහුගේ සගයා වූ ඩෙලෝන් පීරිස් ලකුණු 99කට අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර රාගම ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිමට ලකුණු 451ක් වාර්තා කළා. තරිඳු සහ පීරිස් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 268ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ පළමු ඉනිම ලකුණු 131කට සීමා කිරීමට රාගම පන්දු යවන්නන් සමත් වූ අතර එහි දී ඩෙලෝන් පීරිස් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

පනාගොඩ දී යුද හමුදා ක්‍රිකට් එරෙහිව පැවති තරගයේ දී BRC වෙනුවෙන් ලකුණු 71කට කඩුලු 7ක් දවා ගැනීමට ඩනාල් හේමානන්ද සමත් වුනා. අශාන් දිල්හාරගේ විශිෂ්ට ලකුණු 109ත් සමඟින් පළමු ඉනිමට ලකුණු 281ක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.

SSC කණ්ඩායම Lankan CC කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් Lankan CC පළමු ඉනිම ලකුණු 52කට සීමා කිරීමට සමත්ව තිබුණා. එහි දී කලණ පෙරේරා සහ කේෂාන් විජේරත්න කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වුනා. SSC නායක කවිඳු නදීශාන් දිනය ආරම්භයේ දී ම සිය ශතකය සම්පූර්ණ කළ අතර SSC සිය පළමු ඉනිම සඳහා ලකුණු 361ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

අද දිනයේ දී දඟපන්දු යවන්නන් වන සුරේෂ් ප්‍රනාන්දු (6/46), කවික ඩිල්ෂාන් (5/35) සහ බිෂාන් මෙන්ඩිස් (5/42) පිළිවෙළින් ගුවන් හමුදා, Saracens සහ CCC වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. දැනට පැවැත්වෙන තරගවල 3 වැනි සහ අවසන් දිනය හෙට (13) ආරම්භ වනවා.

A කාණ්ඩය

මුවර්ස් සහ CCC අතර තරගය කොළඹ මුවර්ස් පිටියේ දී

කාසියේ වාසිය: CCC

  • CCC – 241 (80) මාලිංග අමරසිංහ 91, අම්ෂි ද සිල්වා 43*, අංජල බණ්ඩාර 38, තීසන් විතුසන් 4/76
  • මුවර්ස් 209/8 (76.4) පසිඳු සූරියබණ්ඩාර 64, අදීෂ තිලංචන 38, දිනුක ඩිල්ෂාන් 35, බිෂාන් මෙන්ඩිස් 5/42

දෙවැනි දිනය – මුවර්ස් ලකුණු 32ක් පසුපසින්.


සෙබස්තියන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය මොරටුව සොයිසා ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය: ගුවන් හමුදාව

  • ගුවන් හමුදාව – 193 (60.4) මොවින් සුබසිංහ 55, තරිඳු රත්නායක 6/95 සහ 130/1 (34) කේමිර විජේනායක 50*, උදයවංශ පරාක්‍රම 40, කලණ විජේසිරි 33*
  • සෙබස්තියන් – 217 (73.4) මානෙල්කර් ද සිල්වා 87, සුරේෂ් ප්‍රනාන්දු 6/46

දෙවැනි දිනය – ගුවන් හමුදාව ලකුණු 106කින් ඉදිරියෙන්.


SSC  සහ Lankan CC අතර තරගය කොළඹ SSC පිටියේ දී

කාසියේ වාසිය: Lankan CC 

  • SSC – 361 (110.1) කවිඳු නදීශාන් 111, කවිශ්ක සේනාධීර 71, තෙනුෂ්ක නානායක්කාර 43*, ඔමේෂ් මෙන්ඩිස් 40, පුන්තිල කුමාර 4/91
  • Lankan CC – 52 (31.3) යසිරු රුද්‍රිගු 22, කේෂාන් විජේරත්න 5/17, කළණ පෙරේරා 5/19 සහ 26/1 (9.4) එෆ්/ඕ ලහිරු ඩිල්ෂාන් 15*, කලන පෙරේරා 1/12

දෙවැනි දිනය – Lankan CC ලකුණු 283ක් පසුපසින්.

B කාණ්ඩය

NCC සහ මීගමුව අතර තරගය කොළඹ NCC පිටියේ දී

කාසියේ වාසිය: මීගමුව

  • මීගමුව – 235 (71.4) සඳරුවන් චින්තක 63, දිමුත් සඳරුවන් 42, යුගීෂ ඩිෂාන් 7/77 සහ 130/3 (55) අමෝද විදානපතිරණ 62, රශ්මික මෙවන් 61, තිවංක කැකුළුවල 2/20
  • NCC – 185 (41.5) අහන් වික්‍රමසිංහ 122, පසිඳු උෂෙට්ටි 4/78, නිශාන් පීරිස් 3/44

දෙවැනි දිනය – මීගමුව ලකුණු 180කින් ඉදිරියෙන්.


කුරුණෑගල යොවුන් සහ Saracens ක්‍රීඩා සමාජ අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය: Saracens 

  • Saracens – 227 (68.3) සඳුන් මෙන්ඩිස් 52, චමල්ක ප්‍රනාන්දු 49, ප්‍රවීන් සඳමාල් 35, තවීෂ කහදුවාරච්චි 35, ගිහාන් අංජන 3/45 සහ 120/3 (36) චමල්ක ප්‍රනාන්දු 44, සසිත් පල්ලියගුරු 36, කවිඳු ඒකනායක 2/27
  • කුරුණෑගල යොවුන් – 112 (36) දුලාජ් රණතුංග 38, මුදිත ප්‍රේමදාස 35, කවික ඩිල්ෂාන් 5/35, ප්‍රවීන් සඳමාල් 3/6

දෙවැනි දිනය – සැරසන්ස් ලකුණු 235ක් ඉදිරියෙන්


Bloomfield සහ හලාවත මේරියන්ස් අතර තරගය කොළඹ Bloomfield පිටියේ දී

කාසියේ වාසිය: Bloomfield 

  • Bloomfield – 342 (106.1) සනෝජ් දර්ශික 85, චිහාන් කලිඳු 67, කවියන් නරේස් 62, ඉරුෂික තිමිර 6/111, ශේෂාන් සිල්වා 3/63
  • හලාවත මේරියන්ස් – 267/9 (67.1) රවීන් යසස් 78, ඉරෝෂ් ප්‍රනාන්දු 62, දිලීප ජයලත් 4/86, රාජේන්ද්‍රන් අරවින්ද 3/108

දෙවැනි දිනය – හලාවත මේරියන්ස් ලකුණු 75ක් පසුපසින්.

C කාණ්ඩය

පොලිස්  සහ පානදුර ක්‍රීඩා සමාජ අතර තරගය කොළඹ පොලිස් පිටියේ දී

කාසියේ වාසිය: පානදුර 

  • පානදුර – 140 (47) දුනිත් ජයතුංග 50, දුමිඳු දමිෂ්ක 33, අසේල් සිගේරා 6/28 සහ 87 (30.5) ඉවංක සංජුල 36, නදීර බාලසූරිය 3/14, කේ කරුණාතිලක 3/15
  • පොලිස් – 132 (64.5) ජී කොටුවේගොඩ 62*, සසංක නිර්මාල් 6/44 සහ 97/3 (22) (ඉලක්කය 96) අසේල සිගේරා 49

පොලිස් කණ්ඩායමට කඩුලු 7ජයක්


නුගේගොඩ සහ රාගම ක්‍රීඩා සමාජ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී

කාසියේ වාසිය: රාගම

  • රාගම – 451/7d (112) අවිශ්ක තරිඳු 210*, ඩෙලෝන් පීරිස් 99, සහන් නානායක්කාර 3/119
  • නුගේගොඩ – 131 (41.2) මනීන්ද්‍ර ජයතිලක 35, දිනන් සෙනුක 31, ඩෙලෝන් පීරිස් 4/45 සහ 20/2 (8) කෙවින් පෙරේරා 10*, නිපුන් මාලිංග 2/7

දෙවැනි දිනය – නුගේගොඩ ලකුණු 300ක් පසුපසින්.


බදුරලිය සහ ටැමිල් යූනියන් අතර තරගය මග්ගොන සරේ විලේජ් පිටියේ දී

කාසියේ වාසිය: බදුරලිය 

  • ටැමිල් යූනියන් – 425 (110.4) නවෝද් පරණවිතාන 99, සිතාර හපුහින්න 88, දමිත් පෙරේරා 75, කවිඳු පතිරත්න 44, නිර්මල රත්නායක 3/61
  • බදුරලිය – 154/7 (57.5) උමයංග සුවාරිස් 70, රනේෂ් සිල්වා 35, දිලුම් සුදීර 4/58

දෙවැනි දිනය – බදුරලිය ලකුණු 271ක් පසුපසින්.

D කාණ්ඩය

කෝල්ට්ස් සහ Ace Capital අතර තරගය කොළඹ කෝල්ට්ස් පිටියේ දී

කාසියේ වාසිය: Ace Capital 

  • කෝල්ට්ස් – 400 (80.4) ෂෙරාන් ෆොන්සේකා 85, අවිශ්ක පෙරේරා 66, මුදිත ලක්ෂාන් 57, කවිෂ්ක අංජුල 49, කවිඳු අමන්ත 46, ශලින් ද මෙල් 35, නිමසර අතරගල්ල 4/80, තනුක දාබරේ 3/62
  • Ace Capital – 114 (32.2) අමිත දාබරේ 34, මොහොමඩ් ශිරාස් 6/54 සහ 158 (35.5) ටෙරොන් බාස්කරන් 56, අමිත දාබරේ 36, කවිඳු අමන්ත 4/36, මොහොමඩ් ශිරාස් 3/25

කෝල්ට්ස්ට ඉනිමක සහ ලකුණු 128ජයක්.


යුද හමුදා සහ BRC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය: යුද හමුදා

  • BRC – 151 (45.3) දනාල් හේමානන්ද 39, පුබුදු බණ්ඩාර 28*, ලක්ෂාන් ගමගේ 5/51, අසංක මනෝජ් 4/42 සහ 29/1 (8.3) මින්හාජ් ජලීල් 14*
  • යුද – 281 (81) අශාන් දිල්හාර 109, පැතුම් බොතේජු 42, දනාල් හේමානන්ද 7/71

දෙවැනි දිනය – BRC ලකුණු 101ක් පසුපසින්.


ගාල්ල සහ කළුතර නගර සමාජය අතර තරගය

කාසියේ වාසිය: ගාල්ල 

  • ගාල්ල – 207 (67.5) ඩිල්ෂාන් කාංචන 70, දුලාෂ් උදයංග 40, තෙමල් බණ්ඩාර 3/97 සහ 169/9d (55) ප්‍රභාත් ද සොයිසා 72, ඉන්ෂක සිරිවර්ධන 4/51, කණිෂ්ක මදුවන්ත 3/33
  • කළුතර – 74 (33.5) කව්ෂාන් කුලසූරිය 16, සඳුන් මධුශංක 4/11, කවිඳු දිල්හාර 4/32 සහ 17/4 (17) (ඉලක්කය 303) කවිඳු දිල්හාර 4/4

දෙවැනි දිනය – කළුතරට ජයග්‍රහණය සඳහා ලකුණු 286ක් අවශ්‍යයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<