ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවයේ ඉදිරියට

3082

බංග්ලාදේශය සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා ලකුණු සටහනේ හතරවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබෙනවා.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේ මේ දක්වා තරග හයකට සහභාගී වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 40ක් සහ 55.56%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් තබා ගනිමින් පාකිස්තානය අභිබවා ඉදිරියට පැමිණීමට සමත් වුනා.

නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය පමණත් ජය ගත් එංගලන්තය ප්‍රසාද ලකුණු 16ක් සමඟින් ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

බංග්ලාදේශය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගාවලිය ජුනි සහ ජූලි මාසවල දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<