නිව් යංග්ස් පුහුණුකරුට වැඩ වරදී

705
FFSL suspends New Youngs coach

නිව් යංග්ස් පාපන්දු සමාජයේ පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු තරග තහනමකට ලක් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තීරණය කර ඇත.

පාපන්දු සම්මේලනයේ තොරතුරු අනුව ඔහුට තරග 3ක තහනමක් සහ රු. 10,000 දඬ මුදලක් ගෙවීමට නියම වී ඇති බව වාර්තා වේ. ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ දී නිව් යංග්ස් සහ සොලිඩ් ක්‍රීඩා සමාජ අතර පැවති තරගයේ දී ඔහුගේ නොමනා හැසීරීම, මෙම දඬුවමට හේතුව බව වාර්තා වේ.

එම තරගයේ දී ප්‍රථම අර්ධයේ නිමාවට ආසන්නයේ දී සහ ප්‍රථම අර්ධයේ විවේකය අතරතුර දී තරග තීරකවරයා ලබා දුන් තීරණ කිහිපයකට ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කරමින් පොලීසිය සහ තරග තීරකවරුන්ට ආවේගකාරී ප්‍රකාශයන් සිදු කලේය.

ගුවන් සෙබළියන් පොලිසියෙන් සොරා ගනියි

ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති, 2016/17 කාන්තා ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරගයක දී පොලිස් කාන්තා පාපන්දු කණ්ඩායම ගෝල 3-0ක් වශයෙන් පරාජය…

ඔහුගේ තාක්ෂණික ප්‍රදේශයෙන් එපිටට ඔහුගේ මතය ගෙන යමින් තරගතීරකවරයා සමඟින් ආවේගකාරීව වචන හුවමාරු කල නිව් යංග්ස් පුහුණුකරුට අවේගාත්මක හැසීරීම පදනම් කරගනිමින් තරග තීරකවරයා විසින් ඔහුව නෙරපා දැමූ අතර කෙසේ නමුත් තරගතීරකවරයාගේ මතයට පුහුණුකරු එකඟ වූයේ නම් නැත, තරග කොමසාරිස් සහ පොලීසිය මැදිහත් වන තෙක් තරගයේ කිහිප වතාවක්ම මෙම නොසන්සුන්කාරී වතාවරණය දක්නට ලැබුනි.

නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ සිය ස්ථානය ඩයලොග් ශූරයින්ගේ කුසලානයේ සුපිරි අට දෙනාගේ වටය අවසනය වන තෙක්ම රෝහිතට නියෝජන කිරීමේ වරම් අහිමි වී යයි.

මෙම තීරණය සාධාරණයි ද? දඬුවමේ ස්වභාවය ලිහිල් ද නැත්නම් දරුණු වැඩී ද? ඔබේ අදහස් පහලින් ප්‍රකාශ කරන්න.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට