දකුණු අප්‍රිකාවේ ප්‍රබලයෙක් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට

183

දකුණු අප්‍රිකා හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන ඒ. බී. ඩි විලියස් එංගලන්ත ප්‍රාන්ත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ. ඔහු එම තරගාවලියේ දි මිඩ්ල්සෙක්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතව තිබේ.

ඉන්දියාව දණ ගැස්වූ කැන්ගරුවන්ගේ අවසන් පන්දුවේ වික්‍රමය!

විස්සයි විස්ස තරගවල දී ඉන්දියාව පරාජය කිරීම අපහසුය. එය ඔවුන්ගේ රටේ දී ම සිදු කිරීම ඊට වඩා දස ගුණයක් අපහසුය. නමුත් ඒ දුෂ්කර කාර්යය සාර්ථකව අවසන් කිරීමට…

එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වන අදාළ තරගාවලියේ දී මිඩ්ල්සෙක්ස් කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග 7 සඳහා ඩි විලියස් ක්‍රීඩා කිරීමට නියමිතයි.

යම් හෙයකින් මෙවර එංගලන්ත ප්‍රාන්ත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තුල එම කණ්ඩායම ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගතහොත් එම තරග සඳහා ද ඩි විලියස් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩි විලියස්, තමා ජාත්‍යන්තර පිටියෙන් සමුගත්ත ද ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කරන බව ප්‍රකාශ කළා.

ඩි විලියස් සුපිරි පිතිකරුවෙකු ලෙස මෙන්ම කඩුලු රකින්නෙකු ලෙස ද කණ්ඩායම නියෝජනය කර තිබේ.

2004 වසරේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නා ඩි විලියස් ටෙස්ට් තරග 114ක දී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 8765ක්.

රෂීඩ් ඛාන් අයර්ලන්තය පලවා හරියි

ඇෆ්ගනිස්තානයේ වමත් දඟපන්දු යවන රෂීඩ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ අයර්ලන්ත ක්‍රීඩකයෝ ඊයේ (24) ඩෙහ්රාන් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

2005 සිට ජාත්‍යන්තර පිටියට සමුදෙන තෙක් එක්දින තරග 228කට ක්‍රීඩා කර ඇති ඩි විලියස් එහි දී ලකුණු 9577ක් රැස් කරගෙන තිබේ.

ටෙස්ට් හා එක්දින පිටියේ මෙන්ම පන්දුවාර විස්සයි විස්ස පිටියේ ප්‍රවේගකාරී සහ ආකර්ෂණීය පිතිකරුවෙකු වන ඩි විලියස් පන්දුවාර විස්සයි විස්ස තරග 78ක දී ලකුණු 1672ක් රැස් කරගෙන තිබේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කරමින් මෙන්ම ලොව සුපිරි ලීග් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ (IPL) දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් ඩි විලියස් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ක්‍රිකට් පිටියේ අංශක 360 ලෙස ද හැදින්වේ.

මේ දිනවල දී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ඩි විලියස් සහභාගි වේ. පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ලාහෝර් කලාන්ඩාර්ස් කණ්ඩායම නියෝජනය කරන ඩි විලියස් එහි මේ වන විට වැඩිම ලකුණු ලාභින් අතර 9 වැනි ස්ථානය ද හිමිකරගෙන සිටිම විශේෂත්වයක්. ඔහු තරග 5ක දී හිමිකරගෙන සිටින ලකුණු ගණන 138ක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<