අවිශ්ක ද්විත්ව ශතකයක් රැස් කරද්දී කවිඳුගෙන් සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

3418
Major Club Emerging 3 day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (01) ආරම්භ වුනා.

කවිඳු පතිරත්නගේ කැපී පෙනෙන පන්දු යැවීම (8/35) නිසාවෙන් Negombo CC පළමු ඉනිම ලකුණු 113කට සීමා කිරීමට ප්‍රබල Tamil Union ක්‍රීඩකයින්ට හැකි වුනා.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් Colts ක්‍රීඩක අවිශ්ක පෙරේරා රැස්කළ අගනා ද්විත්ව ශතකය (221*) නිසාවෙන් අද දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 461ක් රැස් කිරීමට Colts ක්‍රීඩකයින්ට හැකි වුනා.

Sebastian පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන පන්දු යැවීම හමුවේ නාවික හමුදා ඉනිම ලකුණු 126කට සීමා වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ තරුෂ ප්‍රනාන්දු ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගාවලියේ ශතකලාභීන් අතරට එක්වූ Kandy Customs නායක සසිත් මධුරංග ලකුණු 116ක් සහ Colts ක්‍රීඩක ශෙලින් ද මෙල් ලකුණු 172ක් රැස් කරද්දී, ශම්මු අශාන් ලකුණු 90ක් සහ යොවුන් ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 84ක් රැස් කළා.

සටන්කාමී පන්දු යැවීමක නිරත වූ සුලක්ෂණ ශ්‍රීෂාන් ලකුණු 63කට කඩුලු 6ක් දවා ගනිද්දී, හරීන් බුද්ධිල ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත්තා.

Negombo CC සහ Tamil Union C & A

  • කාසියේ වාසිය – Negombo CC
  • ක්‍රීඩාංගණය – Sri Lanka Army Ordnance Corps International Cricket Stadium

Negombo CC: 113 (46.5) – ජීවක ශෙෂාන් 17, පසිඳු ලක්ෂාන් 16, කවිඳු පතිරණ 8/35

Tamil Union C & A: 91/1 (22) – සුපුන් කාවින්ද 56*, කමේෂ් නිර්මාල් 31*

Kandy Customs Cricket Club සහ Galle Cricket Club

  • කාසියේ වාසිය – Kandy Customs Cricket Club
  • ක්‍රීඩාංගණය – Galle International Stadium

Kandy Customs Cricket Club: 309 (89.5) – සසිත් මනුරංග 116, අංජු කරුණානායක 54, රශ්මික මධුශංක 53, හරීන් බුද්දිල 5/64

Colts Cricket Club සහ Burgher Recreation Club

  • කාසියේ වාසිය – Burgher Recreation Club
  • ක්‍රීඩාංගණය – Colts Cricket Club Ground, Colombo

Burgher Recreation Club: 461/2 (84) – අවිශ්ක පෙරේරා 211*, ශෙලින් ද මෙල් 172, රොමේෂ් සුරංග 1/70.

Lankan CC සහ Air Force SC

  • කාසියේ වාසිය – Army Ground, Panagoda
  • ක්‍රීඩාංගණය – Lankan CC

Lankan CC: 243/6 (85) – යසිරු රොද්‍රිගෝ 84*, ප්‍රසන්න ජයමාන්න 45, රවිඳු රත්නායක 44, මෝවින් සුභසිංහ 87/3

Navy SC සහ Sebastian C & A

  • කාසියේ වාසිය – Navy Ground, Welisara
  • ක්‍රීඩාංගණය – Sebastian C & A

Navy SC: 126 (47) – භාග්‍ය එදිරිවීර 36, සුහඟ විජේවර්ධන 20, තරුෂ ප්‍රනාන්දු 4/17, මනෙල්කර් ද සිල්වා 2/6.

Sebastian C & A: 160/8 (45) – මනෙල්කර් ද සිල්වා 46, විහාන් ගුණසේකර 34, සුලෙක්ෂණ ශ්‍රීශාන් 6/63.

Sinhalese Sports Club සහ Colombo Cricket Club

  • කාසියේ වාසිය – Sinhalese Sports Club Ground, Colombo
  • ක්‍රීඩාංගණය – Sinhalese Sports Club

Sinhalese Sports Club: 284 (78.1) – සම්මු අශාන් 90, කවිශ්ක සේනාධීර 46, සදීෂ රාජපක්ෂ 45, සොනාල් දිනූෂ 3/28, අම්ශි ද සිල්වා 3/50.

Colombo Cricket Club: 3/3 (3) – සම්මු අශාන් 2/1.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<